කෙටි කථා

කුඩය

Off

(නොබෙල් ත්‍යාගලාභී ශ්‍රේෂ්ඨ ජපන් ජාතික නවකථා කරුවෙක් වන යසුනරි කවබතා විසින් 1932 වසරේ දී ලියන ලද්දකි)

ගීතමය රිද්මයකින් විසිරෙන වසන්තයේ සිහින් පොද වැස්ස පොළවේ තෙතමනයක් ඇති කරන්නට සමත් නො වේ. එය සිහින් මීදුම් පටලයක් තරම් සැහැල්ලූ ය. යාන්තමට සම තෙත් කරන්නට නම් ප‍්‍රමාණවත් ය.

සාප්පුවෙන් එළියට දිව ගිය තරුණියට තරුණයා විසින් ඉහලාගෙන යන කුඩය දැක ගන්නට හැකි විය.

”අහ්… වහිනවා?”

තරුණිය අහස දෙස බලා සෙමින් මිමිණුවා ය.

සාප්පුව ඉදිරියෙන් යන තරුණයා කුඬේ ඉහලාගෙන ගියේ පොද වැස්සෙන් ආවරණය වීමට වඩා තමන් ගේ මුහුණ ස`ගවා ගන්නට ය.

එසේ වූවත් ඔහු යාන්තමට කුඩය ඔසවා එය තරුණිය ගේ දිසාවට දිගු කෙළේ ය. තරුණිය තමන් ගේ එක් උරහිසක් පමණක් ආකර්ශනය රිද්මයකින් යුතුව කුඬේ තුළට ඇතුල් කිරිමට වග බලා ගත්තා ය. තරුණයා වැස්සට තෙත බරියම් වන්නට පටන් ගත් නමුදු ඔහුට තරුණිය වෙත ළං වීමට හෝ ඔහු සමග කුඬේ යටට පැමිණෙන ලෙසට තරුණියට ආරාධනා කරන්නට හැකියාවක් නො වී ය. තරුණයා සමග හවුලේ කුඬේ මිට තදින් අල්ලා ගන්නට තරුණියට සිතක් ඇති වුවත් ඇය හැසිරුණේ ක්ෂණිකව පලා යන්නට වට පිට බලන කෙනෙක් ලෙස යි.

දෙදෙනා ඡායාරූප ශාලාව දෙසට ගමන් කළ හ. තරුණයා ගේ පියා රජයේ සේවයේ ස්ථාන මාරුවක් ලැබ එම ප‍්‍රදේශයෙන් නික්ම යාමට නියමිත ය. මෙය දෙදෙනා ගේ වෙන්වීම සනිටුහන් කරන ඡුායාරූපයකි.

”ඔබ දෙදෙනා සෝපාවේ වාඩි වෙනවාද?” ඡායාරූප ශිල්පියා දෙදෙනා ගෙන් ඉල්ලීමක් කරන ලදී. එහෙත් තරුණිය අසලින් වාඩිවීමට තරුණයාට පුලූවන්කමක් නැතිවාක් මෙනි. ඔහු ඇගේ පිටුපසින් සිට ගත්තේ ය. ඉන් පසු ව ඉතා සැහැල්ලූවෙන් උරහිස ප‍්‍රදේශයෙන් ඇගේ ඇඳුමේ කොටසක් ස්පර්ශ වන ලෙස එක් අතක් තබා-ගත්තේ ඇගේ උණුසුම තුළින් මිහිරියාවක් විඳීමට ඇති කැමැත්ත නිසා ය. මෙය ඔවුන් දෙදෙනා ගේ ගත පළමු වතාවට ගැටෙන අවස්ථාවකි. තම ඇ`ගිලි තුඩු හරහා ඇගේ ගත තුළින් තමන් වෙත ඇදී එන සියුම් උණුසුම ඔහු මුළු හදින්ම වින්දනය කෙළේ ඇගේ නිරුවත් සිරුරට තුරුලූවූවාක් මෙන් ය.

ඔහු තම ජීවිත කාලය පුරා ම එම ඡායාරූපය දකින වාරයක් පසා තම ආත්මය තුළට කිඳා බැස ඇති ඇගේ උණූසුම මහත් වූ පි‍්‍රයත්වයකින් ආවර්ජනය කරමින් සිත් සේ වින්දනය කෙළේ ය.

”මම තවත් ඡායාරූපයක් ගන්නද? දෙදෙනා එක ළ`ග වාඩිවී සිටින සමීප ඡුායාරූපයක් නම් වඩාත් හොඳයි.” ඡායාරූප ශිල්පියා ඔවුන් ගෙන් ඉල්ලීමක් කරන ලදී.

තරුණයා හිස සලා එය අනුමත කෙළේ ය.

”ඔබ ගේ හිස කෙස් ගැන මොකද හිතන්නේ?” තරුණයා ඇගේ කණට කෙඳිරුවේ අවුල් වූ ඇගේ හිස කෙස් දෙස බලමින් ය.

තරුණිය විලියෙන් යුතුව තරුණයා දෙස හිස හරවා බැලූවා ය. ඇගේ දෑස් දීප්තියකින් උද්දාමයට පත් වූ බවකි. පිරුණු දෙකොපුල් හරහා සිහින් සිනහවක් නංවා ගත් ඕ හුරුබුහුටිව පා තබමින් වහ වහා නාන කාමරය වෙත දිව ගියා ය.

තරුණයා දුටු වන ම සාප්පුවෙන් එළියට බැස්ස මුත් තමන් ගේ හිස කෙස් ගැන තැකීමක් නොකළ බව ඇයට පසක් විය. නෑමෙන් අවුල් බවට පත් වූ ස්වරූපයකින් යුත් තම හිස කෙස් ගැන ඇය සැබවින් ම කණගාටු වූවා ය. පිරිමියකු ඉදිරියේ තම අකීකරු කෙහෙරැුලි සකස් කිරීමට ඇයට ශක්තියක් නොවූ අතර හිස කෙස් අවුල් වූ බවක් ප‍්‍රකාශ කිරීමෙන් තමන් තරුණිය ලැජ්ජාවට පත් කළ බවක් තරුණයාට හැ`ගිණි.

එහෙත් තරුණිය ප‍්‍රමෝදිත බවකින් නාන කාමරය වෙත දිය ගිය අයුරු සිහි වී තරුණයා ගේ සිත නැවුම් ශක්තියකින් පිරිණි. ඇය නාන කාමරයෙන් පැමිණි පසු දෙදෙනා එකට ලංවී සෝපාවේ වාඩි වූයේ හරියට ම එය ලෝකයේ ඇති ඉතාමත් ම ස්වභාවික සංසිද්ධියක් බව විදහා දක්වමින් ය.

ඔවුන් ඡුායාරූප ශාලාවෙන් නික්ම යාමට සුදානම් වත් ම තරුණයා තමන් ගේ කුඩය සෙවීමට උත්සුක වුයේ ය. ඔහුට පෙර එළියට පැමිණි තරුණිය ඒ වන විටත් ඔහු ගේ කුඩය ඉහලාගෙන ඇති බවක් තරුණයා ගේ නිරීක්ෂණයට හසු විය. තමන් තරුණයා ගේ කුඩය ඉහලාගෙන සිටින බවක් තරුණියට ප‍්‍රත්‍යක්ෂ වූයේ ඔහු ඉතා ඕනෑකමකින් තමන් අත රැුඳි කුඩය දෙස හෙලූ බැල්ම දුටු විට ය. ක්ෂණික කම්පනයක් ඇගේ දෑස් පුරා සිත්තම් විය. තමන් නොසිතා කරන ලද කි‍්‍රයාව නිසා තමන් ද තරුණයාට අයිති වස්තුවක් බව ඇයට සිත් වුණිද?

තරුණයාට දිව ගොස් ඇගේ අතේ ඇති කුඩය ඇගේ හිසට ඉහළින් ඔසවා ඇය තමන් වෙත තුරුලූ කර-ගන්නට නො හැකි ය. එසේ ම තරුණියට එය තරුණයා වෙත නැවත බාර දීම ද අපහසු කාරියකි. කෙසේ වතුදු ඔවුන් ඉදිරියේ ඇති මාවත දෙදෙනා ඡුායාරූප ශාලාවට පැමිණෙමින් තිබූ මාවතට වඩා හාත්පසින් ම වෙනස් එකකි. හදිසියේ ම ඔවුන් දෙදෙනා වැඩිහිටියන් බවට පත් ව තිබේ. ඔවුන් නිවෙස් කරා පිය නැගුවේ තමන් දෙදෙනා විවාහ පත්වූවන් ය යන පසන් හැ`ගීමකින් ය. එම හැ`ගීම සිත් තුළට පිවිසියේ කුඩය සම්බන්ධ සිදුවීම නිසා ය.

පරිවර්තනය – රංජිත් ගුණරත්න

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල