සඳැස් / නිසඳැස්

කයි

Off

දත් කුට්ටමේ වර්ණය මුතුපැහැ වෙන්න…
කකියන දතේ නහරය සංසිඳුවන්න..
ලස්සන හිනාවෙං කොල්ලං රවටන්න..
අහවල් ඩයිං දංතාලේපය ගන්න..


අසුවල් රටේ විද්‍යාගාරෙක ඉන්න..
ඉහළම දන්ත දොස්තර මහතා කියන …
දොස්තර නලාවක් කරලාගෙන ඉන්න..
ලෝගුව ඇඳපු මිනිහා කියනව ඔන්න..

කොන්ඩෙට මෙකී ෂැම්පුව ගල්වාලන්න…
යාලුව එක්ක බක්කියෙ නැගලා යන්න…
අයියා කියන ශොට් එහෙකට රෙඩි වෙන්න..
කොන්ඩෙට කිසිම අවුලක් වෙන්නෑ ඔන්න..


ලනුවක් ඇරං ගැටෙයක් ගහගන්න බැරී..
බාලදක්ෂ පුත්තරයෙකි මොට්ට මරී..
පිටි හැඳි දෙකින් උගෙ නුවණැස් දෙකම ඇරී..
ගහලා ගැටය මිතුරෙකුවත් ගොඩට අදී..


එක කිරි පැකැට්ටුව දියකර ගඟක් වැනී..
නැංදම්මත් එක්ක නිවසට කඩාපැනී..
අසූ කෙලක් ගැහැණුං හට බොන්න දෙතී..
නුවනක්කාර ඇත්තෝ *ත්තිම ගනිතී..


කෙල්ලං කැලක් බැහැලා ඇත මහපාරේ..
නටවයි උකුලු තුනටිය වට කොස්ගෙඩි සේ..
තැඹිලි පාට බීමක් බී ෆන් රසයේ..
ඒ නංගිලා හැමටම ඇත පැඟිරි විසේ..


අයියේ ගාල්ලෙදි මට ඇහැරන්න කියා..
ලස්සන නංගියෙක් බස්සෙකෙ දොයිය බබා..
නංගිට ක්‍රැකර් බිස්කට් අරගන්න කිය..
ලංගම බස්සෙකක් ආපසු ගාලු ගියා..


චක චක චකච චක චක චක චකච චක..
ඊළඟ කොටස නරඹන්නට ඕනැ ඔබ..
තව කුණු ටිකක් නරඹන්නට ඉතුරු ඇත..
Stay tuned වී ඉන්නට කියනු ඇත..


දත්කලු අයිය කෙනෙකුන් නැග බස් රථයේ..
හැස්සොරිජිනල් එක කිං හුළඟක් හැමුවේ..
මොකදැයි කියා පුප්පපු කෙලි වෙස් පෙරලේ..
කෝල් මී කියා අංකය උට පිදුවේ..


කොතරම් ට්‍රයිකලත් කෙල්ලක් නැත ලැබුනේ..
ඒකයි සැරැති නූඩස් කන්නට හිතුවේ..
කෙල්ලන් කැමති විදිහේ කොල්ලෙක් මතුවේ..
දයියා පොරක් කියලයි ඔහු නම ලැබුවේ..


සුදු පැහැ මැදැති ඉස්කෝතුව මුව ළඟය..
නෑනට බැඳුන කොලුවා දැන් දොරළඟය..
ඒ දෙස බලන්නේ කෑදරකමකටය..
නෑනට නොවෙයි නෑනා කන කෑමටය..

.
වතුර ටිකක් බොන්නටවත් නිවන නැත…
එකපිට එකම යන හයරය ඉවර නැත..
දියුණු වෙන හැවොම යන්නේ එතැනටය..
එතැනට කියන්නේ ඇල්සී ඇල්ලෝය..


දඩමස් තියෙනවැයි පොලිසිය ඔත්තු බලා..
පැල්කොටයකට පැනලා ගෙය චෙක්කරලා..
ලොකු ගෝනියක් ගෙතුලින් ගෙනැවිත් හලලා..
බැලුවම තිබේ සෝයා දඩයම් බට්ටා..


වාසිම පැකේජය ඉන්ටර්නැට් යන්න..
රුපියල් අනූ පහකට අපගෙන් ගන්න..
මහරෑ දොලහ වෙනකං ඇහැරං ඉන්න..
පෙරවරු හයට පෙර ජීබී තුන ගන්න..


බලනා අයගෙ ඉල්ලීමට කන් යොමලා…
දියණිය කියන ටෙලියක් යළි මුල ඉඳලා..
සති අන්තයේ හවහට පෙන්වයි කියලා..
මතකෙට නගනවා අමතක වෙයි කියලා..


තවමත් ඇඩ්ද පෙන්නන්නේ ටීවියෙකේ..
ඊළඟ කොටස තව දැම්මේ නැද්ද අනේ..
ආපහු පටං ගත්තොත් මට කියනු මැනේ..
කුස්සිය දෙසින් ඇගෙ නාදය කනට ඇසේ..


සූරිය එකේ ටෙලි පෙරහැර බලන ඔයා..
සොයමින් ජනේලෙං සාලෙට එබිල බලා..
පහලොස් දහක් මිට මොලවාගන්න කියා..
ටෙලි පෙරහැරම බැලුවොත් නං සල්ලි තමා..


කොන්ඩය වවපු කුඩ්ඩෙක් වගෙ කෙනෙක් එයා..
වයමින් ගිටාරය ගොරහැඬි නදින් ගයා..
අලුතින් ගෙනා දෙල්ලැට්ටොප් ටිකක් ගෙවා..
‘ගායක‘ එකෙං අරගන්නැයි කියල ගියා..


බෝලෙට ගත්තු කමිසයෙ මඩ යවා දෙතී..
ගෑවුන ග්‍රීස් පැල්ලං එලවා දමතී..
ළමයින් මඩේ නටමින් සෙල්ලං කරතී..
පැල්ලං සරප් එක්සෙල් එක බලා ගනී..


ටක ටක ටකට ටක ටක ටක ටක ටාටා..
රැදී සිටීමට ඔබ හට තුති වේවා..
මීළඟ කොටස බැලුමට ඔබ සැරසේවා..
ටක ටක ටකට ටක ටක ටක ටක ටාටා..


මං මේ කොටහ බලලා එනකං පැටියෝ..
ලිප උඩ හොද්ද හැඳිගෑමට හැකි නේදෝ..
හිඳුනොත් හොද්ද මිටිකිරි ටික දාගන්නෝ..
මං ඇවිදින්ම හොද්දට තෙල්ටික දානෝ…


ඇගෙ ඉල්ලුමට පිටුපා මෙහි වසන්නද?
බුකියේ නෙට්ටෙකේ ඇති රස විඳින්නද?
නව නළු රසය ඇති සුන්දර මනෝහර
ඇඩ් මිස නාටකේ මොනවා බලන්නද?


සැයු:- කොම්පීටර් අබලං වීමෙන් ඇතිවූ ප්‍රමාද දෝෂය නිසා ටැලිපෝනයෙන් කොටන ලදී.

 

http://yanhella.blogspot.co.uk/2016/02/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල