කෙටි කථා, විශේෂ

නළඟනකට සැමියෙක්ව

4

පඩි පෙල නගිද්දිම කාමරයෙන් නැඟුන කෙඳිරිලි හඬ වඩා හොදින් ඇහෙන්න වුනා. පියවරක් පියවරක් ගානේ ඒ හඬ තව තවත් තීව්‍ර වුනා. ඒක ආශාවන් මත් වුන කෑ ගැහිල්ලක් කියන එක තේරුම් ගන්න ඒ හැටි අපහසු වුනේ නැහැ. ඇය ඉන්නේ වින්දනයේ උපරිමයේ කියන එක හොදටම විශ්වාසයි. මම ඇගේ හඬ අහුන කාමරය දිහාවට ඇවිදගෙන ගියා.

කැමරා, විදුලි ආලෝක හා ඒවා මෙහෙයවන තව හය හත් දෙනෙක් අතරේ ඇය තවෙකෙකු හා සයනයේ ආලිංගනයේ යෙදිලා හිටියා. හැමෝගෙම ඇස් තිබුනේ ඔවුන් දිහාවට. ඇය දිහාවට කිවුවොත් වැඩියෙන් නිවැරදියි. ඒ සරාගී සිරුර වගේම වින්දනයේ උපරිමයට ලං වෙමින් තිබුන ඒ ඇස් දිහා හැමෝම බලාගෙන හිටියා. ඇගේ සිරුර මත දඟලන ඔහු හිටියේ අවස්ථාවෙන් හැකි තරම් ප්‍රයෝජන ගනිමින්.

ඇගේ කෙඳිරිල්ල වගේම ඔහුගේ දැගලිල්ලත් එක ලෙසම තීව්‍ර වෙලා මදකට හැම දේම නොසොල්මන් වෙලා ගියා. හතිලන ඔවුන් අතරේ විනාඩි දෙක තුනක් ඇදිලා ගිය හාදුව දර්ශණයේ කොටසක්මද එහෙමත් නැත්නම් ඔවුන්ගේම ඕනකමට සිද්ද වුන දෙයක්ද කියලා නොදන්නවා වුනත් කැමරාව තවමත් ක්‍රියාත්මක වෙමින් තිබුනා.

” ගුඩ් ශොට්, මිශෙල්.” කැමරාකරු ඕනවත් වැඩියෙන් ඇයව වර්ණනා කලා.

” තෑන්ක්ස්.”

යහනෙන් බැස්ස ඇයගේ නිරුවත්, දහඬියෙන් තෙමී ගිය සිරුර තවමත් නිමා නොතිබුන විදුළි ආලෝක වල එළි වලට බැබළිලා පෙනුනා. ඇයට කොහොමත් තිබුනේ ලතින් ඇමරිකානු උරුවක් නිසා පිරිපුන් සිරුරත් එක්ක ඒ දැකුම ඕන කෙනෙකුගේ හැඟීම් උපදවන්න සමත්. හැම දෙයක්ම නිමා වෙලා තිබුනා වුනත් හැමෝම බලාගෙන හිටියේ ඒ දිහා. කොටින්ම ඇය එක්ක රංගනයේ යෙදුන ඔහු පවා.

ඇය කෙලින්ම ඇවිද ගෙන ආවේ මං හිටිය දිහාවට. ඇගේ නිරුවත ගැනවත්, හැමෝම ඒ දිහා බලාගෙන ඉන්න බවවත් ඇයට ගානක් තිබුනේ නෑ. පුරුදු විදිහටම මගේ අතේ තිබුනේ ඇය ප්‍රිය කරන කෝපි කෝප්පය. ඇස් වලින් මට ස්තූති කරන අතරේ කෝපි කෝප්පයත් අරන් ඇය ඇවිද ගියේ ඇය වෙනුවෙන් වෙලා තිබුන කාමරයට.

***

” ඇයි මාව බඳින්න හිතුවේ?”

ඇය එක පාරම මගෙන් ඇහුවා. ඒ අපේ සුපුරුදු ආලිංගනයෙන් පස්සේ. මේ ප්‍රශ්ණෙට කීප වතාවක්ම ඇයට මම උත්තර දීලා තිබුන නිසාම අදත් පුරුදු උත්තරේම මම දුන්නා.

” මම ඔයාට ආදරේ නිසා.”

” එච්චරද?”

වෙනදට ඒ කතාබහ එතනින් නැවතුනත් අද ඇයට තවත් ප්‍රශ්ණයක්. ඒත් ඒකට උත්තරයක් මම දන්නවද? ඇය මේ තැන තෝර ගන්න කලින් ඉදන්ම මම ආදරේ කරා කියන එක ඇයට අමුතු දෙයක් නොවුනත් හදිස්සියේ අහපු ප්‍රශ්ණය මගේ හිත මොහොතකින් අවුල් කරලා දැම්මා.

” මොනවද කල්පනා කරන්නේ?”

” මුකුත් නැහැ.”

ඒ කතාව මඟ අරිනවා තරම් විසදුමක් ඒ වෙලාවේ අපි දෙන්නටම තිබුනේ නැහැ. ඇයටත් ඒක තේරුම් ගිය නිසාමද කොහේද තව ට්කක් මගේ ලගට තුරුළු වුනේ. මමත් ඇයව නිදහසේ තුරුළු කර ගත්තේ නිහැඬියාව ඒ වෙලාවේ හොදම දේ කියලා හිතට දැනුන නිසා.

***

සුපුරුදු විදිහටම ඇය ආස කරපු කෝපි කෝප්පයත් එක්ක මම ඇය එනකන් බලාගෙන හිටියා. කෙඳිරිලි, දිගු සුසුම් බොහෝමයක් අවසානයේ ඇය යහනින් බැහැලා මම හිටිය දිහාට ඇවිදන් ආවේ ඇය ඉන්නේ නිරුවතින් කියලා ගානක් වත් නැතුව. එක අතකට දැන් ඒකේ තියෙන අමුත්ත මොකද්ද?

” මයිකල්, යු ආර් වෙරි ලකී මෑන්.”

ඇය පසුපසින්ම ඈ වගේම නිරුවතින් දුවන් ආපු ඔහු මට සුබ පැතුවේ ඇත්තටමද, එහෙමත් නැත්නම් උපහසෙටද කියලා එක පාරම මට තේරුම් ගන්න බැරි වුනා. මම බොරු කෙටි සිනහවකින් ඔහුට ප්‍රතිචාර දැක්වුවා.

” තෑන්ක්ස්.”

ඔහුත් ඇය පසුපසින්ම ඇවිදන් ගියේ එකම කාමරයට. ඇයට ඇදුම් මාරු කරන් එන්න වෙනදට වැඩිය වෙලාවක් යන්නේ ඇයි කියලා සැරින් සැරේ හිතට දැනෙන්න වුනේ මම ඇරෙන්න අනික් හැම දෙනෙක්ම එතනින් පිට වෙලා ගිහින් තිබුන නිසා. මම හෙමීට ලං වුනේ ඇයට වෙන් වුන කාමරය ලගට. ඇය ඔහුත් එක්ක මේසය මත කෙටි ආලිංගනයක්.

” හෝප් යූ ඩෝන්ට් මයින්ඩ්, මේට්.”

***

” ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්නනම් එහෙම දේවල් වලට ඉඩ දෙන්න ඕන.”

ඇය අනික් දවස් වලට වැඩියෙන් මාව සතුටු කරලා මගේ ලග තුරුළු වෙලා ඉන්න අතරේ හෙමීට කතාව පටන් ගත්තා. ශූටින් එකේදිත් වෙන්නේ එකම දේ නේද කියලා මට ඇගෙන් අහන්න හිතුනත් මම ඒක හිත ඇතුලෙම හිර කර ගත්තා. පහුගිය මාස හතරට ඇය හුඟක් වෙනස් වෙලා ගිහින්. භාහිරින් වගේම යහනෙදිත් ඇගේ ඒ වෙනස හොදින්ම පේනවා.

” ඇයි මාව බඳින්න හිතුනේ?”

සුපුරුදු ප්‍රශ්ණයම. ඇය හිටියේ මගේ පපුව උඩ ඔළුව තියාගෙන. ඇය කතා කලේ මගේ දිහා බලන්නෙවත් නැතුව නිසා බොරුවක් කියන එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. හැමදාම වගේ ආදරේ නිසා කියලා මඟ අරින්න පුළුවන් ප්‍රශ්ණයක්.

” මම ඔයාට කැමති නිසා.”

ඇය ටිකක් වෙලා නිහඬව හිටියා. ඒ මගේ උත්තරේ වෙනස නිසාද, එහෙම නැත්නම් මගේ වෙනස නිසාද කියලා මට හිතාගන්න පුළුවන් වුනේ නැහැ. ඒත් ඇය ටිකක් වෙලා නිහඬවම හිටියා.

” කැමති මේ නිසාද?”

ඇය ඒ වතාවේ ප්‍රශ්ණය ඇහුවේ මගේ ඇස් වලට එබෙන ගමන්. කලින් වගේ හිතේ හැටියට බොරුවක් කියලා මඟ ඇරලා ඉන්න පුළුවන් කමක් ඒ වතාවේ තිබුනේ නැහැ.

” ඒකත් එකක්.”

***

තරමක් අඳුරු වෙලා තිබුන කොරිඩෝවක් දිගේ මම ඇවිදගෙන ගියා. කාමර කීපයක්ම පහු උනත් ඒ හැම එකක්ම තිබුනේ වහලා දාලා. ටිකක් එහායින් තිබුන කාමරේ විදුළි එලි දොර අතරින් පිටතට වැටිලා තිබුනා. මම ඇවිදන් ගියේ ඒ දිහාවට. අතේ තිබුනේ වෙනදා සුපුරුදු කෝපි කෝප්පයමයි.

කැමරා, විදුළි ආලෝක අතරේ ඇය බලාගෙන හිටියා. ඇය වටා හිටියේ ඇය වගේම නිරුවත් පිරිමි කීප දෙනෙක්. ඔවුන්ගේ රළු අත් අතරේ ඇය තනිවී යන දිහා මම බලාගෙන හිටියා. වේදනාව මුහු උන තෘප්තියකින් ඇය වෙලිලා හිටියා. එය තරම්ම දිගු හෝරාවක් ඇයගේ මෙන්ම මගේ ජීවිතයේත් කිසිම දවසක තිබුනද කියලා හිතාගන්න පුළුවන් කමක් මට තිබුනේ නැහැ.

” වන්ඩර්ෆුල් වර්ක් මිශෙල්. යූ ආර් සුපර්බ්.”

වෙනදා තරම් සතුටකින් ඒකට උත්තර දෙන්න තරම් පුළුවන් කමක් ඇයට තිබුනේ නෑ. යන්තමින් ස්තූති කරපු ඇය අමරුවෙන් ඇවිදගෙන ආවේ මම හිටපු තැනට. කෝපි කෝප්පය අතට ගත්තේ වෙනද පුරුද්දට මිසක් ඕනකමටම නෙමෙයි කියලා ඒ හැසිරීමෙන් තේරුම් ගන්න ඒ හැටි අමාරුවක් වුනේ නැහැ.

” මට රූම් එකට යන්න හෙල්ප් කරනවද?”

***

මුළු දවසම ඇය ගෙවලා දැම්මේ වේදනාවෙන්. ඉදහිට කතා කරන වචන වල ඒ වේදනාව අතරේ සතුටක් ඇය වින්දද කියලා මම තනියම කල්පනා කලා. ඒත් ඒක හරියටම දන්නේ ඇය විතරමයි.

” ඇයි මාව බඳින්න හිතුවේ?”

අද ඇය එහෙම ඇහුවේ රාත්‍රියේ අපේ සුපුරුදු ආලිංගනයෙන් පස්සෙ නම් නෙමෙයි. ඇය මේ ප්‍රශ්ණේ අහපු පළවෙනි වතාව මේක නොවුනට ඒ හැම වෙලාවකම මම දුන්නේ වෙනස් උත්තර කියලා ඇයට හරිහැටි මතකයක් තියෙනවද කියලා මට විශ්වාසයක් නැහැ.

” මම ඔයාට ආස වුන නිසා.”

මම ඇය දිහාවත් නොබලම උත්තර දුන්නා. ඇය කලේ මහ හයියෙන් හිනා වෙන එක. ඒ හිනාව විනාඩියක් විතර දිගට ඇදිලා ගියා. ඇයට වේදනාවත් අමතක වුන ගානයි.

” මට ආස නම් මාව නොබැඳත් ඔයාට මෙහෙම ඉන්න තිබුනා.”

ඇයත් හුඟක් සරළවම කියලා දැම්මේ හරියට හැඟීම් නැති ගෑණියක් ගානට. ඒකට කේන්ති ගන්නවද නැද්ද කියලා හිතුනත් ඇයව ඒ තත්වෙට ගෙනාවේ මම නිසාම ඇගේ ඒ වචන ටික ඔහේ පාවෙලා යන්න ඉඩ ඇරලා මම බලාගෙන හිටියා.මගේ නිහැඬියාව අතරෙම ඇය තව ටිකක් මට තුරුළු වුනා. ඒ ආදරේට කියලා හිතන එක හැම පැත්තකින්ම සහනයක් නිසා මමත් ඇයව තව ටිකක් මගේ ලගට තුරුළු කර ගත්තා.

***

” මේ වීක් එකම පිරෙන්න වැඩ. ජනප්‍රිය කම්පැනි දෙකකම කන්ට්‍රැක්ට් තියෙනවා.”

ඇය කියාගෙන ගියේ දැන් හැම දෙයක්ම බොහෝම හුරු පුරුදු ගානට. සතියෙම ගමන් බිමන් ගැන විස්තර හැම එකක්ම කියන්න ඇය බොහෝ වෙලාවක් අර ගත්තා. ඒ ගැන උනන්දුව ඇයට තිබුනට ඒවා මතක තියාගන්න තරම් ඕන කමක් මගේ හිතේ තිබුනේ නෑ. සමහරවිට ඇය සුපුරුදු කෝපි කෝප්පය බලාපොරොත්තු වෙනවා ඇති.

” ඔයා මොකද කල්පනාව?”

ඇගේ හුදකලා කතාබහ අවසානයේ ඇය මගෙන් ඇහුවා. ඇය බලාගෙන හිටියේ මගෙන් උත්තරයක් ලැබෙනකන්. ඒ ඇස් බොහෝම ඕන කමින් මං දිහාම බලාගෙන හිටියා. ඒත් ඇයට උත්තරයක් දෙනවට වැඩිය මගේ හිතේ ඇගෙන් අහන්න තිබුනේ වෙනස්ම දෙයක්.

” ඔයා ඇයි මාව බඳින්න හිතුවේ?”

-නිමි

දිනේෂ් උමගිලිය

http://dineshumagiliya.blogspot.co.uk/2016/02/blog-post_16.html

Related Posts

4 Comments

  1. The Boss February 21, 2016 at 1:03 pm - 

    මරේ මරු…කෙටි කතාවකට කරන්න පුලුවන් උපරිම සාධාරණයි කරල තියෙනව කියල මට දැනුනා මට දැනුම් තේරුම් ඇති විදිහට​

  2. Lakmal February 27, 2016 at 8:16 pm - 

    ඇත්තටම ගොඩක් හොඳයි

  3. Ukkun putha February 27, 2016 at 8:23 pm - 

    [

  4. Lakmal February 27, 2016 at 8:28 pm - 

    මේ කතාවෙන් අපේ ජීවිත වලටත් යම් ආදර්ශයක් ගත හැකි බව මාගේ විශ්වාසයයි!

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල