කෙටි කථා

සර්පයාගේ කොලම 9

Off

ඇට කැබලි කතා කරයි

සර්පයා මහ පොළොවෙහි අනන්තවූ කුහර අතරින් තවද එක් කුහරයක් දිගේ පහළට බසින්නට විය. එසේ සභ්‍යත්වයන් සතක් පසු කොට බසින්නාවූ සර්පයාට සභ්‍යත්වයකින් සභ්‍යත්වයකට මාරු වන සෑම තැනකදීම පොළෝ ගැබ පස් තට්ටුවකින් තවත් තට්ටුවකට පිළිපනිද්දී ඇටසැකිල්ලක් හමු විය.

සර්පයාට තරයාගේත් කෘෂයාගේත් ඇටසැකිලි සිහි විය.

එහෙත් මද තැනක් ගිය කල්හි ඇටසැකිලි සිය ගණන් එක විට එක පිට එක එක මතුවන්නට විය.

ශිෂ්ටාචාරය බිඳ වැටී ගිය බැව් දැක්වෙන එවන් විටක ඒ බොහෝ ඇටසැකිලිවලට පෙර බලූ මුහුණුද වඳුරු මුහුණුද සහිත මිනිස් ඇට සැකිලි දක්නට ලැබිණි. තරයාගේ හා කෘෂයාගේ ඇට සැකිලි සමග සෙල්මුවා තලයකින් සහ යමුවා මිටකින් හෙබි පොරොවක් හමුවුවද වඳුරු මුහුණු සහිත තරයාගේ ඇටසැකිලි හමුවන අවස්ථාවන්හි හමුවූයේ ඔවුනතරින් දඩයක්කාරයා අත පත් තුවක්කුවවත් නොව ස්වංයක‍්‍රීය තුවක්කුවය. ඒ සමග සව්දිය පිරූ බව දැක්වෙන වයින් හෝ ෂැම්පේන් බෝතල්ද දකිත හැකි විය. තරයාගේ හා කාෂයාගේ ඇටසැකිලි අසල දිරා ගිය බුලත් පයියක් දකිත හැකි විය.

කාලතුවක්කුවක් තරම් විශාල කපා දමන ලද, තවමත් පනගැහෙන, ලේ වෑහෙන පුරුෂ ලිංගයක් පස් තට්ටු අතර දකිත හැකි විය. එය රණබාහුගේ පුරුෂ ලිංගය යැයි සර්පයාට සිතුනේය.

එය කාලතුවක්කුවක් තරම් ලොකු වුයේ කාගේ කෙතරම් නම් පුරුෂ ලිංගයන්හි ශක්තිය උරා ගෙනද? සර්පයාට සිතුනේය.

එහෙත් රාජ්‍යයට එරෙහිව කැරළි ගැසීමේ වරදට ඒ සිඳ ලෑ පසුව එදා සිට ශිෂ්ඨාචාර කිීයක් නම් නපුංසකභාවයට හෙලනු ලැබුවේද? කපා දමන ලද රණබාහුගේ පුරුෂ ලිංගය යළි ලියලනු ඇත. එහෙත් ඒ ලියලන්නේ එවිට තවත් කොහේ හෝ පුරුෂ ලිංගයක් හරණය කිරීමේ යාතු කර්මයකිනි. එක්කෝ ඒ වැඩෙන්නේ තවත් පුරුෂ ලිංගයන් කීයක ශක්තිය උරා ගනිමින්ද?

සයිමන් තැති ගත් සිතින් යුතුව කීර්ති විජයබාහුගේ අත්සන සහිත තර්ජනාත්මක ලිපිය කියවමින් හුන්නේය. අදත් කිර්ති විජේබාහුලා එවන් ලියුම් එවති. තල්පත් එවති. පයිංඩ එවති. වයින් බොති. එහෙත් ඇට කටු කවදා හෝ මතුවේ. ඒ ඇට කටු වාචාලය.

ඒ සමග වයින් බෝතල්ද හමු වනු ඇත.

ඒ වයින් බෝතල් කතා කළ දිනට බොහෝ දොඩමලූ වනු ඇත. වයින් බීව වුන්ට වඩා දොඩමුලූ වනු ඇත. බුලත් මඩිස්සල තරම්ම දොඩමලූ වනු ඇත.

දුක්ගන්නාරාළගේ අංගජාතය නිකම්ම පනුවන් ගසනු ලැබ දියව පෙළොවට පස් වන්නට ඇත. එක්කෝ බලූ කපුටුවකු විසින් ගිල දමන්නට ඇත.
එය මෝනා සොෆියාගේ මධුර දේශය හෝ ඇමරිකාව මෙන් කුහුඹින් විසින් ගිල දමන්නට තරම් නොපොහොවන්නේය. එහෙත් පූර්ණාගේ මධුර දේශය විසින් රටක් දණ ගැස්වූ යුගය උදා වන්නට මෙන්ම නිමවන්නටද වැඩි කල් නොගියේය.
අවසානයේ සියල්ලන් නපුංසකයන්ව සිටියෝය.

වයින් බෝතල් සමග සව්දිය පුරමින්ද, සෙන්පතියන් සමග ගැවසෙමින්ද, කුරුසියේ ඇණ ගැසූ අ`දුන් දිවියන් ගැන බොහෝ කයිවාරු කතා පස් තට්ටු අතර දෝංකාර දෙන්නට වන.

සර්පයා බිලය දිගේ තව තවත් පහළටම බැස්සේය. ඒ බිලය දිගේ සර්පයාගේ හැව කොන්ඩෝමයක් පරිදි ඇදෙමින් තිබුනේය. ඒ දුටු විට සර්පයාට සිතුනේ මේ බිලය වසමගකැයි කියාය. එවිට තමා කවරක් නම් වන්නේද?

පස්තට්ටු අතරින් පොළෝ ගැබ පත්ලට යන්නට යන්නට සියල්ල වෙනස් විය. වඩාත්ම පැරණි ශිෂ්ටාචාරය වඩාත් දියුණු විය. සර්පයාට පොළොව මතුපිට ඒ වෙනුවෙන් පෙනී සිටින නොදියුණු මිතුරන් සිහි විය. ඔවුන් අතීතයේ දියුණු යැයි පාරම් බාන ශිෂ්ඨාචාරය සර්පයා සිතනවාටද වඩා දියුණු විය. එහෙත් ඒ සිය නොදියුණු මිතුරන් කියනාකාරයට නොවීය. ඒ මිතුරන් මේ පොළෝ ගැබ යට වැළලූණු දියුණු ශිෂ්ඨාචාරය මැදට ගෙනාවොතින් අශිෂ්ඨයන් ලෙස ඔවුන්ව පිටුවහල් කෙරෙනු ඇත්තේය. එපමණක් නොව අතීතයේ පොළොව යට වැළලූණු දියුණු ශිෂ්ඨාචාරයක් නොව අනාගතයේ එවන් ශිෂ්ඨාචාරයක් ඇතැයි කියන තමාත් ඇතුළු මිතුරන්ද අශිෂ්ඨයන් සේ සලකා එහිදී පිටුවහල් කෙරෙනු ඇත.
සර්පයා අන්දමන්දව බලා හුන්නේය.

එකල්හි බෙරකාරයාගේ දුවගේ යාදින්න පොළෝ ගැබ පස් තට්ටු අතරින් දෝංකාර දුන්නේය. වාතය වූයේ සර්පයා පහළට බසිමින් හුන් බිලයෙහි පමණි. එවිට මේ මෙසේ දෝංකාර දෙන්නේ කෙසේද? සර්පයා විපිළිසර විය.

පූර්ණාද, පොත්තාද, ගෝමරීද, ළමාතැනීද, සුද්දීද නානා කාම විප‍්‍රකාරයන්හි යෙදී සිටියෝය.

කස්තුරි මුවා ගේ අංග ජාතය කස්තුරි වෙළෙන්දකු විසින් සිඳ තිබුනු අතර ඌ වනය දෙවනත් කරමින් දුවමින් හුන්නේය.

මේ කස්තුරි මුවා මේ වනය දෙවනත් කරනු මීට පෙරද සර්පයා දැක ඇත්තේය. එහෙත් වෙනසක් වෙයි. වෙනදා උහු වනය පීරද්දී ඒ මග වැටුණේ උගේ කස්තුරිය. අද ඒ වෙනුවට ලේ බිඳු වෑස්සෙයි. අනෙක වෙනදා ඌ උගේම කස්තුරියෙන් නැගෙන සුගන්ධයට රැවටී වනය පීරයි. එහෙත් අද ඒ උගේම කස්තුරියට වුවද ඒ වහනය වන්නේ උහු වෙතින් නොවේ.

උගේ කස්තුරි පැස වෙළෙන්දෙකු විසින් කපා ගෙන සේද මාවත ඔස්සේ නැව් නැග ගොස් ඇත. සමුදුරු වළල්ලට ඉහළින් හමා එන ඒ කස්තුරි සුව`දින් උහු කැළඹී ඇත. ඇතැම් විට කස්තුරි මුවා දුව ගොස් මුහුදට පැන පීනා යන්නටද පුලූවන. එහෙත් ඒ කස්තුරියෙන් තැනූ වාජීකරණ මේ වන විට බොහෝ නෂ්ඨකාමුක කුවේරයන්ගේ අංගජාතයන්ට පන පොවා ඇත්තේය. එද එයින් ප‍්‍රාණය ලැබ සමහන් සුව වි`දිමින් සිටි සැමගේම අංගජාතයන් කුඩා වෙමින් කුඩා වෙමින් ගොස් අවසානයේ අතුරුදන්ව ඇත්තේ රමණයෙහි සිටියදීමය. සමහන් සුව වි`දිමින් සිටි ගැහැණු තවදු එසේම සහසක් සුවහසක් සුසුම් කෙ`දිරුම් නගමින් කාම විලාප නගමින් සිටිති. එසේම ඒ පුරුෂයෝද සිය අංගජාත අන්තර්ධානව ඇති බවදු නොම දැන සසෙ`ගහි යෙදෙමින් සිටින්නෝය. ඇතැම්හු ඒ අංග ජාතයන් පැළඳි කොන්ඩෝමයන් ඉතිරි නිමිති තුළට පන ඇති ලිංගයෙක පැළඳි පරිදිම ක‍්‍රියාවට බඳුන් වෙමින් පැවැතුනේ වෙයි. එද අංග ජාතය අතුරුදහන්ය.

තවත් ඇටසැකිලි කන්දරාවක් අතරින් සර්පයා ගමන් කරමින් හුන්නේය. පුදුමය වූයේ මේ වන විට පොළෝ ගැබ පස් තට්ටු වීදුරු මෙන් විනිවිද පෙනීමයි. ඒ එකවිටම ඒ පාරාන්ධද විය. සර්පයා එතැනද වයින් බෝතලයක් දුටුවේය. එහි වයින් තවමත් බුබුළු නගමින් තිබුණු අතර දිරා ගිය ඇටසැකිලිවලින් තවමත් ලේ බේරිනි. ඒ සමගම තවමත් ඒ ඇටසැකිලිවල මුවවල් අෙ`දා්නා නැගීය. ඒවායේ ඇට පසාරු කරගෙන බහින ඇණවලට වදින මිටි පහරවල හඬ පොළෝ ගැබේ දෝංකාර දුන්නේය.

කාලතුවක්කුවක් සේ විශාලව තිබූ රණබාහුගේ සිඳ දමන ලද අංගජාතය ඇටසැකිලි ඉදිරියේ ස්වප්න මෝචනයක පරිද්දෙන් සුකුරු මුත කළේය. එකල්හි ඒ අධිපීඩක සුකුරු විසර්ජනයෙන් පොළෝ ගැබ පස්තට්ටු හිල්වී දෝනාවක් සෑදිණි. එම සුකුරු දියෙන් පන ආ ඇටසැකිලි ලේ පෙරාගෙන වේදනාභරිත ඉරියව්වලින්ම ඒ දෝනාව දිගේ ශිෂ්ඨාචාර පසු කරමින් පොළෝ මතුපිටට එන්නට විය. ඒ එන ගමන් එකෙක් මැටියෙන් කල හිස් වයින් බෝතලයක්ද එක් පස් තට්ටුවක් අතරින් රැගෙන ආයේය.

සර්පයා තරයාගේත් කෘෂයාගේත් ඇට සැකිලි දෙස බලා සිටිද්දී දඩයක්කාරයා බෙරකාරයාගේ දුවව වරපටින් බැඳගෙන ආයේය. එහෙත් ගෝමරී අවුත් දඩයක්කාරයාව උස්සාගෙන කැලෑ වැදුනේය. පූර්ණා පැමිණ බෙරකාරයාගේ දුවගේ දෑතෙහි වූ වරපට ලිහා දමා, ඇයත් කැටුව වන වැදුනේය.

හාමුදුරුවන් රූපවාහිනියේ රියලිටි වැඩසටහනක් නරඹමින් හුන්නේය. උන්වහන්සේගේ මුහුණ පුරාම ඇඹලයන් වසා උන්නේය. උන්වහන්සේ අත වූ පාත්තරයට බෙදන ලද පිළුණු කරන ලද දානය වළඳමින් උන්වහන්සේ සන්සුන්ව වැඩසටහන නැරඹූහ. පොත්තාද, සුද්දීද, ළමාතැනීද උන්වහන්සේට දානය බෙදමින් හුන්නේය.

පූර්ණාද, දඩයක්කාරයාගේ දුවද විසල් කිරිහට්ටියක් උන්වහන්සේගේ අතුරු පසට කර තබා ගෙන ආවෝය. එවිටම ගෝමරීද, දඩයක්කාරයාද පැනි වෑහෙන තවමත් මීමැස්සන් වටා ඉගිලෙන මීවදයක්ද කර ගසාගෙන ආවාස ගෙට ඇතුළු වූවෝය.
කේ.කේ.සමන් කුමාර

උපුටා ගැනීම – http://www.lankadaily.lk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල