කාලීන සංවාද, විශේෂ

වෘත්තීය සිංහල බ්ලොග්කරුවකු සමග පළමු රූපවාහිනී සාකච්ඡාව

Off

මං දැන් වෘත්තීය බ්ලොග්කරුවෙක්. ඒ කියන්නේ රස්සාවට බ්ලොග්කරණයේ යෙදෙන කෙනෙක්.

අපේ පාඨකයෝ නම් මං එහෙම කෙනෙක් වෙන බව මටත් කලින් දැනගෙන හිටියා. එ නිසා ඒගොල්ලෝ පුන පුනා කීවා මං ලියන්නෙ කොටින්ගෙන්, මුස්ලිම් අයගෙන්, එන්ජීඕවලින්, යූඇන්පියෙන් ලැබෙන ඩොලර්වලට ය කියලා. මාත් ඉතින් දත මැදගෙන බලා හිටියා මගේ ගිනුමට ඩොලර් වැටෙනකල්. කෝ වැටුණයි? නැහ්!

මං දන්නෙ නැහැ ලංකාවෙ තවත් වෘත්තීය සිංහල බ්ලොග්කරුවෝ ඉන්නව ද කියලා. හැබැයි, මේ මොහොතේ මං රස්සාවට කරන්නෙ ඒක.

ඉතින් අපට පාන් ද කියලා කවුරුහරි අහන්න ඉඩ තිබෙනවා. හැබැයි වෘත්තීය සිංහල බ්ලොග්කරුවන් බිහි වීම කියන්නේ ලංකාවේ බ්ලොග්කරණයේ සන්ධිස්ථානයක්. ඒක සලකුණු කළ යුතු යයි මම හිතන්නේ ඒ නිසායි.

ලංකාවේ මුල් ම සිංහල වෘත්තීය බ්ලොග්කරුවා මං ද දන්නේ නැහැ. අඩු ගානෙ ඒක මුලින් කියපු කෙනා හරි මං වෙන්න පුළුවන්.

මේක මගේ පෞද්ගලික ජයග්‍ර‍හණයක් නොවෙයි. සිංහල බ්ලොග් අවකාශයේ සාමූහික ජයග්‍ර‍හණයක්.

ඉදිරියේදී සංවිධාන, සමාගම් බ්ලොග්කරණය ගැන වඩා බැරෑරුම් විදියට හිතන්නට පෙළඹෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. කවුරුද දන්නෙ අනාගතේ මොනව වෙයි ද කියලා.

මෙම සබඳතා පුරුකේ පළ වෙන්නේ වෘත්තීය බ්ලොග්කරුවකු සමග කරපු ලංකාවේ පළමුවෙනි රූපවාහිනී ඉන්ටවීව් එක ද දන්නෙ නැහැ. ගිහින් බලන්න.

http://www.w3lanka.com/2016/03/blog-post_2.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල