කාලීන සංවාද

මේකේ තියෙන්නේ අප මහා බුදුරදුන්ගේ දන්ත ධාතූන් වහන්සේනේ සර්……. හත්තිලව්වයි ඒකද????

Off

හෙලෝ…………………

මං මේ කතා කරන්නේ හිටපු කෙනා
මේ  මහනුවර මාලිගාවද????
 
ආනේ බුදු සර්…….
කොච්චර කාලෙකින් ද කටහඩ ඇහුවේ
දැන් ඉතින් සර් කට උත්තර දෙනවා විතරනේ
අපිට කටහඩ අහන්නවත් දෙන්නෑනේ….

මේ මේ විකාර කතා කරන්න එපා බං
ඔය මාලිගාව කොතනද තියෙන්නේ…?

මෙව්වත් මාලිගා ද සර්
සර්ලටනේ මාලිගා තියෙන්නේ.
කොළඹ එක නං කොල්ල කෑවා නේද…?
ඔය කොළඹ එක හදපු සල්ලි දාලා 
ගමේ එක හදාගන්න තිබ්බේ සර්……….

මේ මගුලක් කතා කරන්න එපා බං
ඔය මාලිගාවේ මොකක් ද තියෙන්නේ
හරියට ම කියහං මට මොකක්ද තියෙන්නේ.

ඇයි සර් මතක නැද්ද
මේකේ තියෙන්නේ අප මහා බුදුරදුන්ගේ
දන්ත ධාතූන් වහන්සේනේ සර්…….
ඇයි අර ඒ කාලේ හැමදාම සර් ඇවිත්
බිම දිගාවෙලා වැදලා ගියේ හෝ ගාලා…

ඒ කියන්නේ ඕකේ තියෙන්නේ 
ජය ශ්‍රී මහා බෝධිය නෙමෙයි ද බං
බලහංකෝ මේ අමන හැත්ත මට කියන දේවල්…..

හරි හරි………. දැන් කියහං  අපේ පොඩි එකා
අර ඒ දවස් වල උඩ යවපු රොකට් එකේ
කෑල්ලක් හරි ඔය පැත්තට වැටුණාද,,,,,?

නෑනේ සර් ඒක ආගිය අතක් නෑනේ
ඒකෙන් කාටවත් කරදරයක් වුණේ නෑ..

හරි එහෙනං අපේ දෙවැනියා මුහුදු යද්දි හරි
අර ඇඹරිච්ච බෝලෙට ගහද්දි හරි 
ඔය පැත්තට මොනවා හරි දෙයක් වුණාද…..?

නෑනේ සර් මෙහෙ මුහුද නෑනේ.
ගහපු බෝලයක්වත් මෙහෙට ආවේ නෑ…

එහෙනං අපේ ලොකු එකා…………

අන්න ඒක තමයි සර් අවුල…
අර කාර්රේස් පැදපු සිද්ධියේදී
මාලිගාව ඉස්සරහා තමා ඒක කළේ.
නුවර ටවුමම වහලා වැලි කොට්ට දාලා
රුං රුං ගගා ලබ්බෝ ගිනි පැද්දේ…

ඔය ඔය…. කොහෙන් හරි මොකෙක් හරි 
කොතන හරි ගෑවිලා ඉන්නවා
හරි දැන් ඔය කියන පාරෙත් වැලි දාලා
ඔය ගිනි පැද්දද අපේ ලොකු එකා.

නෑ සර් අපි ඒ පාර දෙන්නම හැදුවා
ඒත් කොහෙත් ම ඕන නැති නිසා
ඒක එපාම කිව්වා සර් ලොකු බේබි

අන්න අපේ එකාටත් මොලේ තිබිලා
දැන් දාහං ලොකු අකුරින් පත්තරේ
ඔය පාර අරිනවාට මං විරුද්ධයි……………….. 

කසුප් අනුරාධ

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල