කාලීන සංවාද

මහාචාර්ය මැන්දිස් රෝහණදීර, තිස්ස කාරියවසම් හා සේකර ගැන මතකයක්

Off

mendisrohanadeeraඒ එක්දාස් නමසිය හැටේ දශකෙ එක දවසක්.

මැන්දිස් රෝහණදීරත්, තිස්ස කාරියවසමුත් දවල් දෙකට විතර රෝහණධීරගෙ පරණ ඊ ඇල් අන්කධාරී මයිනරේ නැගල ගම්පහ සේකරගෙ ගෙදරට ආවලු.

“සේකර, සරත්චන්දර උන්නැහෙ නිදි පෙති බීල හොස්පිටලයිස් කරල කියල ඊයෙ රෑ පණිවුඩයක් ආව. මේ රෝහනගෙ පරණ කාරෙකේ පේරාදෙණි යන්න අමාරුයි. අපි හිතුවෙ මේ පණිවුඩේ සේකරත් කියල, සේකරගෙ කාරෙකේම යන්න”

කියල කාරියවසම් මහත්තය කිව්වලු.

සේකරත් “එහෙමනම් නොගිහින් කොහොමද, ඉන්න අපි යමු” කියල ගෙට ගිහින් ඇඳුමක් දාගෙන ඇවිත් වාහනේ පාරට ගත්තලු.

තුන්දෙනා පේරාදෙණියෙ සරත්චන්ද්‍ර බන්ගලාවට යනකොට උන්නැහෙ නෝන එක්ක මිදුලෙ බැඩ්මින්ටන් ගහනවලු.

ආ කාරණය නොකිය, සේකරගෙ තුන්මන් හන්දියට ලොකේෂන් බලන්න ආ වගක් කියල තුන්දෙනා ආපිට එන්න ආවලු.

මගදි තේකක් බොන්න නතර කරල, ඊයෙ අවුල් උනාට අද නිරවුල් වෙන ජාතියෙ මේ මනුස්සයන්ගෙ පුදුම ගති ගැන තුන්දෙනා ටිකක් ගැඹුරින් කතා උනාලු.

ඒ සාකච්ඡාව ඉවර වෙලා තීන්නෙ සේකර,

“මිනිස්සුන්ගෙ හැඟීම් තෙරිරුම් ගන්න අමාරුයි, ඒව හරි පුදුමයි. අද කුසුමලතාට පළවෙනි දරුව ලැබිල රෝහලෙන් ගෙදර ගෙනා දවස. අම්මයි පුතයි අද තමා ගෙදර ආවෙ. ඒ දෙන්න දාල තාත්ත යනව සමාජ සේවයට. මේව තේරුන් ගන්න බැරි හැඟීම්” කියල කිව්වමලු.

කමිය, උඹත් එදා සේකර වගේ අර බඩ දරු අම්මව, අලුත උපන් පැටියව ගෙදර දාල, බස්වල කට්ට කාගෙන, නිදිමරාගෙන ගිහින්, අපි හැමෝගෙම දායකත්වයට, මුදලෙ වටිනාකමට බින්දුවට වැටෙන, අපිට හිතන්න බැරි දෙයක් කරා.

මේ කතාව ඉවර කරන්නම් සේකරගෙම උපුටනයකින්.

ස්තූති කල යුතුමද ඔහු? ඉටු කරන්න තමා අත ඇති වගකීම, නොසිතා එහි ඵල විපාක – භගවත් ගීතාව.

ඉන්දික උපශාන්ත

http://kalahitha.blogspot.co.uk/2016/03/project-grand-finale.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල