සඳැස් / නිසඳැස්

මේ සා විකල් නගරෙක

Off

තොග ගනන් මිනිස් – හිස්

පණපිටින් තම්බන

බම්බු අස්සෙන් විදින

හුමාලෙට හුලඟකැ’යි පැවසෙන

 

උයන් බැම්මෙන් එපිට

ඇස් ඇර බැලූ වරදට

කාරා ගැසූ කෙළ තලි

පිපි එන මල් මුහුණු මතුපිට

 

පල් දියෙහි රැලි මතුකොට

ඉබාගාතේ පීනන

හංසයෝ ගිල දැමූ

පණුවන්ය – නර දුගඳ නොදැනෙන

 

දියපට්ට මතුවුණ

පස්සාපැති පෝලිමේ අරගෙන

බොහෝ සක් දෙවිවරු

ඉස්පිරිතාල ගතකළ

 

මේ සා විකල් නගරෙක

බේරාගන්න හදවත

නිකං ම කවියෙකුට

කොතෙක් වැයවිය හැකි ද මධුවිත

-ප්‍රසාද් වීරසිංහ

http://www.sandapahana.blogspot.co.uk/2016/03/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල