කාලීන සංවාද, විශේෂ

පුවක් එෂැණිං – 8

Off

මේ වසරේ වයිද්දිය විද්දියාව පිළිබඳ නොබෙල් තියාගය සී ලංකාවේ අකාල කාරියවනසං ගරු අජ්ජාපන ඇමටිටුමාට ලැබීමට බොහෝ දුරට ඉඩ ඇති බව නොබෙල් තියාග කමිටු ආරංචි මාර්ග හෙලිකරයි. ඒඩ්ස් වයිරස ආසාදිත මවකගේ ඇකයේ හිඳින දරුවෙකුට ඒඩ්ස් වැලඳිය හැකි බවට එතුමා කල මහාර්ඝ සොයාගැනීම වෙනුවෙන් මේ ත්‍යාගය මෙසේ ලැබීමට නියමිතය.

වයිද්දිය විද්දියාව සම්බන්දව මෙවන් නවතම සොයාගැනීමක් කල රනිල්තුමාගේ ඇමැටි මණ්ඩලයේ පළමුවැන්නා මේ කාරියවනසං ඇමටි ටුමා නොවන බවද මේ අතර විසේස නිවේදනයක් නිකුත් කරන අගමැටි කාර්යාලයේ ප්‍රවෘත්ති අන්සය පවසයි.

මීට මාස කීපයකට පෙර රනිල්ගේ තවත් ඇමැටිවරයෙක් විසේස බෙහෙත් පෙත්තක් මාත්‍රාව වැඩිපුර ගෙන ( පෙත්ත වැඩිපුර ගත්විට ආතල් එක වැඩිවියයුතුයයි එටුමාගේ ටිකිරි මොලේට කල්පනා වන්නට ඇත.) මහ ජංජාලයකට මූණ දුන්නේය. එතුමාගේ පර්යේෂණයේ ප්‍රතිපල කොපමන සාර්තක වූයේද යත් එම ප්‍රතිපලය සාමාන්ය ප්‍රමාණයට ආපසු බැස්සවීමට ලේ ආපසු පොම්ප කරන්නට වූ බව තතුදත් ආරංචි මාර්ග පවසයි.

මිනිස් ඉතිහාසයේ ආරම්බයේ සිට කර්තව්‍යයන් දෙකකට පමණක් භාවිතා වූ අවයවයක් මඟින් කල හැකි තවත් කර්තව්‍යයන් දෙකක් සොයා ගැනීමේ ගෞරවය ඒ ඇමැටි ටුමාට හිමිවිය යුතු බව විද්වතුංගේ විස්වාසයයි. මදුරු දැලක් රැඳවීමට ආධාරකයක් ලෙස සහ සේලයින් බෝතලයක් එල්ලිය හැකි ආධාරකයක් ලෙස අදාල අවයවය කිසිදු අපහසුවකින් තොරව ප්‍රයෝජනයට ගත හැකිබව එටුමා ප්‍රායෝගිකව ඔප්පු කොට පෙන්වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ සාක්සි දරති.
ටං…ටිං…ටුං……….
මේ අතර නිවේදනයක් නිකුත් කරන අගමැටි කාර්යාලය පවසන්නේ ගරු අජ්ජාපන ඇමටිතුමා පළමුවන ශ්‍රේණියට ඇතුලත් කර ගැනීමට කැමති පාසල් පිළිබඳ සොයාබලන ලෙස ගරු අගමැටිටුමා උපදෙස් දී ඇති බවයි.

“දැන් මේ හැමෝම කතාවෙන්නෙ අර කුලියාපිටියෙ ළමය ගැන. ඒ ළමයගෙ ප්‍රශ්නෙත් විසඳන්න ඕන තමයි. ඒත් ඔය හැමෝටම අමතක වෙලා ඊට කලින් විසඳන්න ඕන බරපතල ප්‍රශ්නයක් තියනව කියල. අපේ ගරු අජ්ජාපන ඇමටි ටුමාව අපහු ඉස්කෝලෙ යවන එක. දැං කාලෙකට ඉස්සර ඉස්කෝලවල තිබ්බ පහළ බාලාංසෙ කියල එකක්. අන්න ඒක තිබ්බනං අජ්ජාපන ඇමැටිතුමා එතෙන්ට ටක්කෙටම ගැලපෙනව. ඒත් එහෙම පහල බාලාංසයක් දැං නැති හින්ද පළවෙනි ශ්‍රේනියටවත් යවන්ට බලමු.” අගමැටිතුමා එසේ ප්‍රකාසකල බව අගමැටි කාර්යාලයේ ප්‍රකාසකයෙක් පැවසීය.
ටං…ටිං…ටුං……….
සී ලංකාවේ සිදුවන අකටයුතුකම් වලින් නොම්බර එකේ අකටයුත්ත සොයාගැනීමට රජය සමත්වෙයි. නිදහස් චතුරස්‍රයේ ඉඳ පෙම් කිරීමට ජෝඩු වලට ඉඩ නොදීමෙන් රටේ ආර්තිකය යලි ගොඩ නැඟීමට මෙන්ම විදේස සේවය ප්‍රතිසංවිදානය කිරීමටද දැඩි බලපෑමක් එල්ලවන බව විදේස කටයුතු නියෝජ්ජිය ඇමැටි ආචාර්ය හර්ස ද සිල්වා මහතා ප්‍රකාස කලේය. සී ලංකා විදේස සේවය ටෝටලි ප්‍රතිසංවිදානය කොට ටිප් ටොප් එකට කටයුතු කිරීමට සලස්වා විදේස අමාට්ටියන්සයේ සනීප පුටුවක වැතිරී විවේක සුවයෙන් පසුවූ එතුමා පෙංවතුංහට නිදහස් චතුරස්‍රයේ සිකුරිටි අන්සයෙන් සිදුවූ අකටයුත්ත අසා දන්ඩෙන් පහර ලත් නා රජකු මෙන් කිපී චක්කර ලේකනයද වහාම සොයාගෙන නිදහස් චතුරස්‍රයට ගොස් කැමරා කාරයින්ද ඉදිරිපිට සිකියුරිටි කාරයන්ට ඇට්ටි හැලෙන්නට දුන්නේ හතර අතට නෙලන හනුමකුසේය.

සිකියුරිටි කාරයින් කල මේ මහා අපරාදය පිලිබඳව වහාම කිරියාත්මකවී සොයා බලා උංට මුලු රටම ඉදිරියේ සත්තම දැමීම පිළිබඳව නිදහස් චතුරස්‍රයේ පෙං කරන පෙංවතුංගේ සංගොමේ ඇමටිටුමාට තම හුර්දයාංගම ඉස්තූතිය පල කර සිටී. මිං ඉදිරියට මෙවං සියලු උද්ගෝසන ගැන ආරංචිවූ සැනින් එහි ගොස් රටටම පේන පරිදි ඒවා විසඳාලීමට පී.එච්.ඩී නාමදාරී ගරු නියෝජ්ජිය විදේස ඇමටිතුමාගේ ප්‍රදානත්වයෙන් විසේස ක්සනික විසදුං බලකායක්ද පිහිටුවා ඇත.
ටං…ටිං…ටුං……….
PS -You know what they say …..that PHD stands for Permanently Head Damaged….I thought it was a joke…UNTIL NOW

http://ranrandil.blogspot.co.uk/2016/03/396-8-aids-viagra-security-guards-phd.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල