කාලීන සංවාද, විශේෂ

නෙලුම් යායක් නැවුම් හෙටකට පිපී හිනැහෙනවා……………..

Off

නෙලුම් යායක් නැවුම් හෙටකට පිපී හිනැහෙනවා……………..
පිපී හිනැහෙනවා……………
සියගණන් මල් එකම යායට පිපී හිනැහෙනවා……………

හමායන මද පවන මුහුකොට
අපේ සුසුවඳ බෙදා ලෝකෙට
නෙලුම් යායක් නේක පෑයට
පිපී හිනැහෙනවා………………… පිපී හිනැහෙනවා.

“අ”යනු “ආ”යනු සමව අරගෙන
කවි කතා රස ගඟුල පාදන
තර්ක හා සංවාද අතරින
අනාගත ලොව දිශාගත වෙන
නෙලුම් යායක් අලුත් ආරට
පිපී හිනැහෙනවා………………… පිපී හිනැහෙනවා.

විසිර විහිදුණු ලොවේ නන්දෙස
අපට හරියන අපේ අදහස
වැට කඩොලු මායිම් නොවන ලෙස
ලියන්නෙමු අපි සොයා නිදහස
නෙලුම් යායක් නැවුම් හෙටකට
පිපී හිනැහෙනවා……………….
සියගණන් මල් එකම යායට
පිපී හිනැහෙනවා………………. පිපී හිනැහෙනවා.
තුෂාර විතාරණ

පසු සටහන – බ්ලොග් ලෝකයම හොල්ලන අලුත් ම සාකච්ඡාව නෙලුම්යාය බ්ලොග් සම්මාන උලෙළ බව දැන් කිසිම බ්ලොග් ලියන්නෙකුට කියවන්නෙකුට රහසක් නොවේ… මාර්තු 26 වෙනිදා, ඒ කියන්නේ හරියට ම තවත් දවස් 12 කින් එලැඹෙන සෙනසුරාදා දහවල් 2.00 සිට කොළඹ 05 කිරුළපන පාර අංක 163 හි පිහිටි ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇති 2015 වර්ෂය සදහා වූ බ්ලොග් සටහන් වෙනුවෙන් පිදෙන බ්ලොග් සම්මාන උලෙළ සදහා බ්ලොග් ලියන කිවයන මෙන් ම බ්ලොග් ලිවීමට කියැවීමට හිතන ඔබ සහ ඔබේ මිතුර මිතුරියන් සියලු දෙනාට නෙලුම්යාය සහෘද කැල වෙනුවෙන් කරන්නා වූ සුහද ආරාධනයයි මේ…………..

(ටිකක් බරපතල වුණාද වැඩි ද මන්දා…. ඒත් මේ විදිහට කවුරුත් ම ලියලා තිබුණේ නැහැනේ….. ඒකයි මෙහෙම ලියුවේ…. )

වැඩි විස්තර සදහා අපට හිතට අල්ලලා ම ගිය කමියාගේ බැනරය ද අජිත් අයියාගේ ආරාධනා ලිපිය සටහන් බ්ලොග් ලිපියද මෙලෙස එල්ලා තබන්නෙමු…
ස්තූතියි
මෙයට සේවා ලැදි
කුරුට්ටෝ..

http://kurutugegeepawra.blogspot.co.uk/2016/03/blog-post_14.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල