කාලීන සංවාද, විශේෂ

නෙළුං යාය බ්ලොග් සම්මාන වර්ජනය කළ යුත්තේ ඇයි !

Off

රසික අද ලියල තිබුනා එයා බ්ලොග් ලියන්නේ ඇයි කියල. ඒකේ තියෙන කරුණු කාරණා දිහා බැලුවම බොහෝ පිරිසක් බ්ලොග් ලියන්නෙ තමන්ගේ උවමනාවට හා තෘප්තියට කියල කියන්න පුළුවන්. අනිත් එක රසික නං සිනුවර විත්තියි එයාගේ කෙස් නැති ජීවිතෙ ගැනයි විස්තර කියන්න බ්ලොග් එක භාවිතා කරනවා කියන එක ආයි අහන්න දෙයක් යැ. ලංකාවේ ඉපදිල ලංකාවට වඩා සිනුවර හොදයි කියල හිතන එකම කෙනා රසික වෙන්ටත් බැරි නෑ.

කොහොම උනත් මේ බ්ලොග් වලට සම්මාන දෙන්න, සල්ලි දෙන්න දත කන කට්ටියක් නිසා සිංහල බ්ලොග්කාරයෝ හරියට අර සම්මාන බලාගෙන පොත් ලියන ලේඛකයෝ ගානට වැටිලද මන්දා. පහුගිය සතියේ ඉදල බලන බලන තැන නෙලුං යාය, නෙලුං යාය බ්ලොග් සම්මාන, නෙලුං යාය බයිලා වගේ එක එක විකාර දදා අපේ මනස් සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න හදන්නෙ ඒ සම්මාන උළෙලේ සම්මාන වලට නිර්දේශ වෙච්චි අය විත්තිය මම හොදටම දැක්කා. අනිත් අයට ඔය සම්මාන ( ඒ කිව්වේ විකාර වලට නිර්දේශ නොවුන අය) අනං මනං මොකවත් ඕන නැති විදියට බ්ලොග් ලියනවා.

මට හිතෙන විදියට ඔය නෙලුං සම්මාන දෙන්න යන දෙවැනි වතාව මේක. පළවෙනි වතාව තිබුනේ ගිය අවුරුද්දේ මාරුතු 26. කරුමෙට ඒකේ දෙවැනි දිගුව මේ අවුරුද්දේ මාරුතු 26 ටම දාලා. මේවා කුමන්ත්‍රණ. නැත්නං දනන කෙනෙක් කියන්න බලන්න හරියටම අවුරුද්දකට පස්සෙත් ඒ දවසම අරගෙන ඒ තැනම නොමිලේ උත්සව තියන්න කාටද පුළුවන්. අඩුම ගානේ අවුරුද්දකට කලින්වත් පැලැන් ගහපු ඔස්තාර්ලගේ වැඩක් තමා මේක.

හරි මං කියන්න ආවේ ඇයි මේ බ්ලොග් සම්මාන උළෙල වර්ජනය කළ යුත්තේ කියල නේ. ඔව් මං කියන්න ආවේ ඔය හැම සම්මානයකම එක, දෙක හෝ තුන ස්ථාන ලබා ගැනීමේ විශාල සම්භාවිතාවක් දේශකයා කියන මට තිබුන බව මම ඉඳුරාම විශ්වාස කරන නිසයි. එහෙම විශ්වාස කරන්න මට පුළුවන් උනේ ඔය මණ්ඩලේ කචල් පොරවල්ගෙන් මට ලැබුන විශ්වාසදායක තොරතුරු නිසයි. කැටගරි බර ගානක් යටතේ සම්මාන දෙන කොට, එයින් බහුතරයක සම්මාන මට ලැබෙන්න නියමිතව තියෙද්දිත් මේ ඉරිසියාකාර නෙලුං යායේ අජිත් කියල හඳුන්වන පුද්ගලයා, කළු මහත මල්ලි කෙනෙක් ඇතුලු බොහෝ දෙනෙක් සම්මාන නිර්දේශ වලින් මගේ නම එක පාරටම හලන්න තීරණය කරල තියෙන්නේ බරපතල කුමන්ත්‍රණයකින් පස්සෙයි. විනිශ්චය මණ්ඩල වල හිටිය අනෙකත් වැදගත් මහත්වරුන් සල්ලි වලට නම්මාගෙන ඒවා වෙනස් කිරීම විලිලැජ්ජාසහතිකයි. ඒක නිසා මේ වතාවේ නෙමෙයි ගිය පාරත් මට ඔය වැඩේ මේ අය කරපු බව කියන්නේ විශ්වාසෙන්මයි.

ඕන නං බලාගන්න ගියපාර ඔය සම්මාන මට නොලැබුන නිසා මම දාපු පෝස්කටුව.

ඒක නිසා මගේ සභෘදයන්, මං වෙනුවෙන් පණ දෙන්න උනත් ලැහැස්ති සුවහසක් වූ මාගේ ආදරණීය ෆලෝවර්ස්ලාගෙන් මම ඉල්ලා සිටින්නේ එකම දෙයයි.

එංගලන්තෙන් ඇවිල්ලා, අපිව නොමග යවන්න උත්සාහ කරන මේ නිව්ස් වෙබ් කණ්ඩායමත් එක්ක එකතු වෙච්චි නෙළුං යාය සංගමය 2016 මාර්තු 26 හැන්දෑවේ කිරුළපණ පාරේ හෝල් එකක තියන්න යන මොකක්ද කියන සම්මාන උළෙල වර්ජනය කරන්න කියල අති මහත් භක්තියෙන් ඉල්ලා සිටිනවා. හොදින් නං හොදින් නරකින් නං නරකින්.

එකෙක් හරි ඔය හෝල් එක තියෙන හරියට ආවොත් මඩු වල්ගෙන් ගහල පන්නන්න ඒකේ ගේට්ටුව ගාව මං රැකගෙන ඉන්නවා හරිය. ඒක ඉවර වෙලා ඊට පස්සේ ගල්කිස්සේ බීච් යන උන්ට නෙලන්නත් මනෝජ් ප්‍රනාද්දු ඇතුළු මැර පිරිසක් ඒ ආසන්නයේ ස්ථාන ගත කරල තියෙන විත්තියත් කියන්නෙ කරුණාවෙන්මයි. හොදද..

ප.ලි. – බබී උඹත් ඒකට එන්න හදනවා කියල මට ආරංචියි. බැරි වෙලා හරි අර පිස්සු පත්තරයත් එක්ක ආවොත් හෙම ආයි උඹට බබී කියන්න කටක් ඉතිරි කරන්නෑ හොදද??

http://deshakaya.blogspot.com/2016/03/blog-post_24.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල