කාලීන සංවාද

නිහාල්සිංහයන්ගේ හා දම් පැහැ වර්ෂාවේ නිමාව – Tribute to Nihalsinghe & Prince

Off

සියල්ල අනිත්‍යයයි සිද්ධාර්ථ ගෞතම මුනි දේශණා කළ සේක. පැමිනියේ නම් පිටත්ව යා යුතුය. සදා කල් රැඳි සිටිමට නොහැකිය. පිටව යෑමෙන් පසුවත් නැවත ඒමට දඟලන්නෝද සිටිති. අපේ උන්, උන්ට කියන්නේ මළ පෙරේතයෝ කියලාය. මිය ගිය මල පෙරේතයන් මෙන්ම, ජීවත්වන මළ පෙරේතයන්ද ඒ අතර වේ. සම හරක්ට මෙයින් පිටත්ව යාමට හිතක් නැති අතර, සමහරු ස්ව කැමැත්තෙන්ම නික්ම යයි. ඒ ඇති වූ විටය. එපා වූ විටය. කළකිරුන විටය. එහෙත් සම හරක්ට කොතෙක් තිබුනත් එපා වන්නේ නැතිය.

අපේ රටේ මහා පුරුෂයෙක් මෙන්ම ළෝකයේම නමක් රැන්දු මුනිවරයෙක්ද නික්ම ගොස් ඇත. ඩී බී නිහාල්සිංහයන් හෘදාබාධයකින් මියගොස් ඇත. ඔහු සිහළ සිනමාවේ මෙන්ම, රූපවාහිනියේද නමක් රැන්දු මහා පුරුෂයෙක්ය. අනෝජා වීරසිංහ ජාත්‍යන්තර සම්මාණ උළෙලකදි හොඳම නිලිය ලෙස සම්මාන ලබන්නෙ නිහාල්සිංහයන්ගේ “මල්දෙනියේ සිමියොන්” හේතුවෙන්ය.

අද්විතීය පුවත් පත් කතුවරයකු වූ ඩී බී ධනපාලයන්ගේ පුත්‍ර රත්නයක් වන නිහාල්සිංහ, කොළඹ ආනන්දයෙන් හා පේරාදෙනිය සරසවියෙන් බිහි වූ සාඩම්බර නිර්මාණයක්ය. ලංකාවේ ප්‍රථම සෝප් ඔපෙරාව ලෙස හඳුන්වන “දිමුතු මුතු” ඔහුගේ නිර්මාණයක් ලෙස පිලිගනු ලබන අතර මාතලන්ට නම් ඒ ගැන මතබේදයක් පවති. ඒ ඊට පෙර ස්වාධීන රූපවාහිනියේ “හිමි අහිමි” නමින් ටෙලි නාට්‍යක් විකාශනය වූ බව මතකයේ ඇති නිසාය.

“සත් සමුදුර” චිත්‍රපටයේ, කැමරාකරණයෙන් හා සංස්කරණයෙන් දායක වන නිහාල්සිංහයන් අතේ ගෙන යා හැකි කැමරාවකින් සිනමා නිර්මාණයක් කල ප්‍රථම ලංකිකයා ලෙසද නමක් හිමි කරගෙන ඇත. උගතෙක් මෙන්ම බුද්ධිමතෙක්ද වූ ඔහු මහා පෞර්ෂයකින් හා ගාම්භීර කටහඬකින් පිරිපුන්, පාංශු දේහධාරි පුද්ගලයකු වූවද ඉතා නිහතමානී සාර්ථක ව්‍යාපාරිකයෙක්ද වූවේය.

මෙසේ සටහනක් තැබීමට ප්‍රධානම හේතුව නම්, කිසිම දේශපාලන ශක්තියක් නොමැතිව, ස්වෝස්තාහයෙන් නැගී සිටි, කිසිවෙකුට හිස නොනැමු ශ්‍රේෂ්ඨ අධීන මිනිසකු වීමමය. ඒ හේතුවෙන්ම කොතරම් දැවන්තයකු වූවද, රාජ්‍ය ගෞරව නොලැබෙන, කිසිඳු අගය කිරීමකට ලක් නොවූ කලාකරුවකු ලෙස ඔහු අපෙන් සමු ගනු ඇත.


With Sheila E
ප්‍රින්ස් හා දම් පාට වර්ෂාවේ නිමාව

මයිකල් ජැක්සන් මෙන්ම “ප්‍රින්ස්” ද (Prince Rogers Nelson) මුනිවරුන් ලෙස හැඳින්වීමට කිසි ලෙසකින්වත් මැලි නොවන්නේ, ඔවුන් අදහන රසික රසිකාවියන් ඔවුන් උපන් රටේ පමණක් නොව ළොව පුරාම විසිර සිටින නිසාය. මයිකල් ජැක්සන් ජනප්‍රිය වූ කාළයේම, ඒ කියන්නේ අපේ කොලු කාලයේම, ජැක්සන් මෙන්ම ඇඳුමෙන් පැළඳුමෙන් හෙබි, ඒ ආකාරයෙම හැසිරීම රටාවක් ඇති “ප්‍රින්ස්” රූපවාහිනියට එන්නේ “පර්පල් රේන්” (Purple Rain) නම් ගීතයත් සමඟය.

මෙම ඇල්බමය 80 දශකයේ කෙතරම් ජනප්‍රිය වූවාද යත්, ඒය දෙවනි වූයේ මයිකල් ජැක්සන්ගේ ත්‍රිලර් (Thriller) ඇල්බමයට පමණි. ප්‍රින්ස්ගේ ගීත බොහෝමයක් ඇතත්, මාතලන් ප්‍රිය කරන්නේ ඔහුගේ මෙම ගීතයටම පමණි. මාතලන් නිතර සවන් දෙන ඉන්ගිරිසි ගීත අතරේ මේ ගීතයද අනිවාර්යයෙන් තිබෙන්නේ එහි සංගීතය නිසාවෙන්මය. ඒ ලීඩ් ගිටාර් වාදනය අප කොහේදෝ ළෝකයකට රැගෙන යන්නේය. ඒ තනුව කිසි දිනෙක හදවතින් නික්ම යන්නේ නැත.

“පර්පල් රේන්” නමින්ම එලි දුටු චිත්‍රපටයේ අඩංගූ ගීතයක් වූ “පර්පර් රේන්” ගීතය මුලු ළෝකයම පිස්සුවකට තල්ලු කෙරූ ගීතයක් කීවොත් නිවැරදිම නිර්වචනය එයම වන්නේය. ගීතය, ලංකාවේ කෙතරම් ජනප්‍රිය වීද යත්, ඒ නමින් බටහිර සංගීත කන්ඩායමක්ද බිහි වුන අතර, එම කන්ඩායමේ සියළුම සාමජිකයින් අදටත් අපේ රටේ බටහිර සංගීත ක්ෂේස්ත්‍රයේ අතිශය ජනප්‍රිය පුදගලයන්ය. (Geoff, Derek Wickremanayake, Michael(Lal) de Silva, Kevin de Almeida, Sudu Goonesekera and Diren Sabaratnam.)

දම් පැහැය විලාසිතා ළෝකයේ මෙන්ම වෙළඳ දැන්වීම් වලද පෙරට එන්නේ මේ ගීතය නිසාවෙන්මය.


Sherilyn Fenn
ප්‍රින්ස් ගී ළොව නම් දරා තිබුනේ ඕනෑම සංගීත භාන්ඩයක් වාදනය කල හැකි සංගීත ලේජන්ඩ් කෙනකු ලෙසය. එමෙන්ම ඔහුගේ කට හඬද තවත් සංගීත මෙවලමක් වූ අතර, එය විවිධ පරාසයන්හි මෙහෙයවීම ඔහුට ඉතා පහසු කරුනක් විය. සංගීත සංදර්ශණ වලදි සවුන්ඩ්ස් හෙවත් ශබ්දය කෙරේ විශේෂ සැලකිල්ලක් දැක්වූ ඔහු ඒ සඳහා පැය හතරක් පමණ කැප කල බව ඉතා ප්‍රකට කරුණකි.

ජැක්සන්ගේ ලිංගික ජීවීතය මෙන්ම ඔහුගේ ලිංගික ජීවීතය ගැනද විවිධ කටකතා පැවති අතර. ලිංග බේදයකින් තොරව බොහෝ කළාකරුවන් හා ඔහුගේ සබඳතා තිබූ බවටද කට කතා ඇති විය. ඒ අතරින් කාන්තාවන් ලෙස ශීලා ඊ (Sheila E), සුසානා හොෆ් (Susanna Hoff) මෙන්ම ශර්ලින් ෆෙන් (Sherilyn Fenn) ද වේ. මේ අතරින් ශීලා ඊ මේ මරණය හේතුවෙන් බොහෝ කළබල වී ඇති අතර, මරණය සිඳු වූ අකාරය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසද ඉල්ලා ඇත.


Susanna Hoff
වාර්ථා වන අන්දමට ඔහු මීට සතියකට දෙකකට පෙර මාත්‍රාවට වඩා වැඩිපුර ඖෂධ ගත් බවක්ද වාර්ථාවේ. එහිදි ඔහුට රෝහලේ නවතින ලෙස දන්වා ඇතත්, වෙනම පෞද්ගලික කාමරයක් නොමැති හේතුවෙන් රෝහල් ගතවීම ප්‍රතික්ෂේප කොට ඇත. සිහි විශඥව වූ ප්‍රින්ස් සෝපානයක වැටී සිටි බවත් ප්‍රථමාධාර දෙන අතරේම ඔහු මිය ගිය බවත් සඳහන්වේ.

ගී ළොව ගායකයෙක්, සංගීතඥයෙක්, පද රචකයෙක් මෙන්ම විප්ලවවාදියකු වූ ඔහුද, (දේශපාලනය, ආදරය ගැන මෙන්ම, ඒඩ්ස් පිළිබඳ ලියූ පද රචනා බෙහෙවින් කතා බහට ලක් විය.) මා අර කලින් කියූ, ස්ව කැමැත්තෙන්ම නික්ම ගිය අයකු ලෙස ඉතිහාසගතවීම අනාගත පර්යේෂණ මත රැඳි ඇත.ළොවෙන් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 57 කි.

විඳින්න – දම් පැහැ වර්ෂාව

http://maathalan.blogspot.co.uk/2016/04/tribute-to-nihalsinghe-prince.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල