දේශපාලන, ප්‍රහසන

වරාය කෑම

Off

යහපාලන ආන්ඩුවේ වරාය ඇමැති ලෙස පත් වුනේ අර්ජුන කියන පුද්ගලයා ය. වැඩි අද්යාපනයක් නැත…. ඕ ලෙවල් සමත් ද කියා සුවර් නැත.

අර්ජුන ලොක්කා වරායේ සබාපති ලෙස පත් කලේ ඔහු ගේ සොයුරු දම්මික කියනා තගෙකි. වැඩි අද්යාපනයක් නැත…. ඕ ලෙවල් අසමත් ය.

අනෙක් ලොකු තනතුරුවලට තම බිරිඳ ගේ සොයුරන් හා නෑයින් පත් කොරන ලදී.

ආයතනයේ දියුනුව හා සේවක සුබසාදනය ගැන මෙලො හැඟීමක් නැති රනතුන්ගලා සහ ඔවුන් ගේ සට්ටැඹියෝ වරාය තුල සම්බාහන මද්යතානයක් ද ආරම්බ කල බව පුවත් පත් වල පල විය!
මම පොර ජාතකේ ඉහලින් ම හිටිනා රනතුන්ගලා කියන විදියට වැඩ කිරීමට වරායේ සේවකයො කැමති වුනේ නැත.

සින්හල අවුරුද්දට පෙර වරායේ සියලු වුර්තීය සමිති එකාවන් ව වර්ජනය කොර අර්ජුනව කොර කලහ.

එවිට අර්ජුන වෙනුවෙන් බැට් කිරීමට පිටියට පැමිනි මාජ්ජ ලීකම් කියනා හාදයා තමන් ගෝල්පීස් එකේ හෙලුවෙන් දුවන බව ජනතාවට දැනුම් දුන්නේය.

ඔහු සමග පැමිනි ටයි බයි පැලඳ සිටි වරායේ ජෙනෙරල් මැනීජර් මහත්තයා කියා ගත් ජෝකරු පැවසූයේ ඔහු ගේ ඇමැතියා නිර්දෝශී බව ය. එම ජෝකරයා වරද සේවකයන් අත පැටවීය.

රනිල් තුමා මැදිහත් වී යන්තන් ප්‍රස්නය තාවකාලික ව ගොඩ දැම්මේය.

අහෝ දුකකි…. ටයි බයි පැලඳි ජෙනෙරල් මැනීජර ජෝකරු කියූ දේ ශුන්ය කොරමින් නැවත සියලුම සේවක කස්ටිය ඒකාබද්ද වී වරායේ වැඩ වර්ජනයක් ආරම්බ කෙරුමට යයි…

වර්ජනය වෙනුවෙන් වැඩියෙන් ම උඩ පනින්නේ ජාතික සේවක සන්ගමේ හාදයෝ ය!
ස ර ස තුමා අහන්නේ සා පෙල අසමත් ඇමැති සහ සබාපති වෙනුවෙන් මාජ්ජ සාකච්චාවට ඇවිත් සේවකයන් අත් වැරදි පැටවූ ගොන් බාන ඇමැති තුමා සමගම ටටා බයි බායි කියා එලියට යන්නේ කවදාද කියා ය!

අදහස සහ අයිතිය බ්ලොග්කරුවා සතුය උපුටා ගත්තේ මෙතැනින් http://mallepol.blogspot.com/2016/04/blog-post_22.html#comment-form

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල