අතීතකාමය

අප අතරට පැමිනි දේවතාවිය “එක වසරෙන් දවසක්”

Off

 

උදේම නැගිට්ට. කලින් පෝස්ටුවක කියපු විදිහට පුරුදු දවස පටන් ගත්තා. 7 ට පන්සිල් එහෙම අරගෙන කෑමට ඉඳගත්තා. කන්න පටන්ගත්ත වෙලාවෙ ඉඳලා කිසිම නිදහසක් නෑ. එහෙම කාපං, මෙහෙම කාපං, ඔහොමද කන්නේ, මුන්ට ගෙවල්වලින් මේව කිසිම දෙයක් පුරුදු කරල නෑ. වගේ ඒව කන දෙපැත්තෙන්ම ඇහෙනව.

“ඒයි මොකද කරන්නෙ කන්නැතුව? කනව ඔක්කොම.”

වගේ ඒව නිතරම ඇහෙනව. බඩගින්න නිසාවත් කන්න ආස නිසාවත් නෙවෙයි බයට ම බත්, පාං නිකංම බඩ ට යනව.

ඔහොම කාල ඉවර උනා කියමුකො. දැන් තව ටිකකින් පන්තිය ට යන්න ඕනෙ. බෙල් එක ගැහුවම ටීචර් එන්නෙ

“මගෙ ලමයි එන්න”

කියාගෙන. යන්තං ඇති වගේ කල්පනාවකින් අපි පිනා යනව. ටීචගෙ පස්සෙන් කියව කියව යනව. ඔය අතරේ අපේ දුක් ගැනවිලි ටීචටත් කියනව.

“හා මං එයාට කියන්නම්කො පැටියො. ඔයා දැං පන්තියට යංකො”

කියල චාටුවෙන් පන්තියට එක්කං යනව. දවසේ සතුටු ම පැය හතරහමාරක් විතර පටන්ගන්නෙ ඔහොමයි.

ඔය විදිහට පන්තියට යන අපි බොහොම උද්‍යෝගෙන් වැඩ කරනව. මදිපාඩුවට සින්දුවකුත් කියනව. ටීචගේ ආරාධනාවක් නැතුවම මං මගේ ඒ දවස්වල ජනප්‍රිය ම සින්දුව කියනව.
“දෑසේ මල් විලේ
ආෂා රොන් සැලේ”

“මොනවද ලමයො ඔය කියන සින්දු? හා අපි එහෙනම් සින්දුවක් කියමු බලන්න ලමයි.”

“පුංචි පුංචි තිත් වැටිච්ච පුන්චි මුවෙක් මං
කොල විතරයි කන්නෙ බබෝ අහින්සකයි මං
කාටත් කිසි කරදරයක් කරන්නෙ නෑ මං
අල්ලගන්න එපා බබෝ අම්ම සොයයි මං.”
“හා දැන් අපි අකුරු ලියමු නේද ලමයි?”

“හා ටීච.”

අපි බ්‍රේලට් කියන උපකරනයත් අරගෙන වාඩි වෙලා ටීච කියන විදිහට ලියන්න පටන්ගන්නව. වටේ ඇවිදින ටීච අපි ලියන ඒව බලල වැරදිත් හදවනව. ඔය අතරේ නිවැරදි චර්යාවලට ලමයිව හුරු කරවනව. ඒ කියන්නේ ඔලුව වැනීම්, ඔලුව නවාගෙන හිඳීම වගේ ඒව ලමය ලඟට ම ගිහින් හුරු කරවනව.

දැන් ඉන්ටවල්. තේ බොන්න යනව. ටීච අපිව නේවාසිකාගාරයෙන් තියල ටීචත් තේ බොන්න යනව. දැන් ආයේ අපේ බැනුම් ඇහීමේ, ගුටි කෑමේ වෙලාව පටන්ගන්නව. ඇඳුමේ කුනු ගාගෙන තිබීම වගේ දේවල් නිසා බොහෝවිට මං ගුටි කනව. ඇයි? කොයි වෙලාවෙ බැලුවත් දඟලගත්ත ගමන් හිටපු නිසා. ඔය අතරේ ටීච ඇවිත් ආයේ අපිව එකතු කරගෙන යනව.

දැන් කතා කියන්න කියල අපි ටීචගෙන් ඉල්ලනව.

“බෑ බෑ. තව ටිකක් අකුරු ලිව්වොත් මං කතාවක් කියල දෙනව. තව අලුතෙන් සින්දුවකුත් කියල දෙනව.”

“අනේ ටීච උදෙත් ලිව්වෙ.”

“බෑ බෑ ඩාලිං. ටිකක් ලියල කියවල අපි කතා කියමු.”

පැරදිච්ච අපි ආයේ ලියන්න කියවන්න පටන්ගන්නව. ඊලඟට අපේ වාරෙ. දැන් ටීච කතාවක් කියන්නකො. හා දැං අපි කතාවකුයි සින්දුවකුයි ඉගෙනගමු. අමර සල් ගස යට ට ගියපු කතාව ටීච අපිට කියනව. අපි සද්ද වහල අහං ඉන්නව. ඒ මොකෝ ආයෙ මේව වෙන කාගෙන් කියල අහගන්න ද? ගෙදර හිටියනම් ඔය හැටහුටහමාරක් ඉන්නවනෙ. මෙහෙ ඉතිං මේ ටීචගෙන් අහන කතාව විතරනෙ.

හිතේ හැටියට දඟලලා, සෙල්ලම් කරලා, දවසේ සුන්දරම කාලය ඉවර කරන්නෙ පුදුම දුකකින්. ඉස්කෝලෙ ඇරිල එනකොට නිකං එපාකරපු හැඟීමක් මොන හේතුවක් නිසාද මන්දා හැමදාම වගේ මගෙ හිතට දැනුන. මේ හැඟීම වැඩි දවස්වලට මට පන්තියෙ ඉඳල එනකොට ඇඬෙනව. හැමදාම දවල්ට කාල නිදාගන්න වෙලාවක් දෙනව. මේ වෙලාවෙත් මං හිතේ තරමට අඬනව.

රෙස්ටිං ටයිම් එක ඉවර වෙලා මූන හෙම හෝදගෙන ආවහම තේ එකක් ලැබෙනව. ඕක බිව්වම පැය එකහමාරක්, දෙකක් සෙල්ලම් කරන්න පුලුවන්. නැත්නම් සෙල්ලම් බඩුවක් අතින්වත් අල්ලන්න තහනම්. එහෙම උනොත් අම්බානක් කතහැකි.

සෙල්ලම් වෙලාව ඉවර වෙනකොට කෑම ගෙනත්. ඒ කියන්නෙ අපි හවස 5:30 විතර වෙනකොට රෑ කෑම කන්න ඕනෙ. ඔය දවල් රෑ කෑම ගැන තව තව දේ කියන්න තියෙයි. ඒ ගැන ඊලග පෝස්ට් එකෙන් කියන්නම්කො. දැන් අපි කාල හෙම පන්සිල් අරගෙන තමතමන්ගෙ ඇඳන්වලට යන්න ඕනෙ. තමන්ගේ ඇඳේ ඉඳගෙන පැත්තකින් ඇහෙන රේඩියෝවෙ යන වැඩසටහන්වලට කන්දීගෙන ඉන්න ඕනෙ. මෙතනදිනම් අපි ඒතරම් ආසාවෙන් අහපු වැඩසටහන් හැර අනිත් වෙලාවට පොඩි කයියක් ගහනව. එක එක සෙල්ලම් කරනව. උදාහරනයක් විදිහට සෙල්ලම් ගෙවල් දානව. අම්මල, තාත්තල, සීයල, ආච්චිල, දුවල, පුතාල තමා මේ ගෙදර චරිත.

සෙල්ලම් ගේ ඉවර වෙනකොට නිදාගන්න වෙලාව හරි. ඒ කියන්නෙ අපි රෑ 8 වෙනකොට ඇඳේ නිදියගෙන ඉන්න ඕනෙ.

ඔන්න ඔහොමයි මගේ එකවසරෙ දවසක් ගෙවුනෙ. මීටවඩා වෙනස් දවස් එහෙමත් තිබුන. ඒ ගැනත් ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම්. ඒ විතරක් නෙවෙයි. අර දේවතාවියගෙ කතාවත් තියෙයිනෙ. එහෙනම් දෙවනි කොටසින් ඒ ටිකත් කියවමු

අදහස සහ අයිතිය බ්ලොග්කරුවා සතුය උපුටා ගත්තේ මෙතැනින් http://ahasenenna.blogspot.com/2016/04/1_24.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල