සඳැස් / නිසඳැස්

කලි යුගයේ දුයිෂෙන්ලාට…

Off

උඹට පුලුවන්ද බං මගෙ දුයිෂෙන් වෙන්ට
ප්‍රේමය දරාගත් පොප්ලර් ගහ වෙන්ට
ඈතින් බලා ඉඳ නිහඬවම සැනසෙන්න
සලෙළෙකුට පුලුවන්ද භාවනාවක් වෙන්ට…
අයිලයේ ගෑනුන්ට පෙම් කවි අමුණන්ට
උන්ගෙ සළු පිළි උනා නිරුවත විඳගන්ට
ප්‍රේමයේ දිග පළල කිසිදාක නොම දන්න
සලෙළෙකුට බෑ බං මගෙ දුයිෂෙන් වෙන්ට…
බැරි උනත් කිසිදාක මගෙ දුයිෂෙන් වෙන්ට
උඹට පුළුවන් තවම හොඳ මිනිහෙක් වෙන්ට
පාන්දර කෝච්චියෙ යනවා මං යන්න
ඇහැකි නම් වතාවක් “ගුරු ගීතෙ” කියවන්ට…
මං,

එදා ඉඳන්ම උඹේ හැටි දැනගෙන උන්න,

“අල්තිනායි”…

http://pokuruwahi.blogspot.co.uk/2016/04/blog-post_25.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල