විද්‍යා හා තාක්ෂණ

බ්ලොග් කියන්නේ මොනවද..?

1

මේක බ්ලොග් ලියන අයටත් තිබෙනා ප්‍රශ්ණයක්ය. ගොඩක් දෙනා බ්ලොග් කෙරුවාව කියන්නේ, මොනවාද කියා හරියට දන්නේ නැතිය. සම හරක් නීතී රීතී දාන්න යන්නේත්, සම හරක් අයිතිවාසිකම් කියන්න යන්නේත්, ඒ නිසාමය. සමහ හරක් කියන්නේ එයාලා කියවන්නේ ඉන්ගිරිස් බ්ලොග් කියාය. හිනගල බ්ලොග් වල කියවන්න දෙයක් නෑ කියලාය. එහෙම කියන්න එයාලටත් අයිතියක් තියෙනවාය.

බ්ලොග් කියන්නේ ඒකටය. ඕන එකෙකුට ඕන දෙයක් ලියාගන්න කියා, බලා ඉන්නා එකටය. ආන්ඩුවේ මාද්දිය වාරණ ගැන පඬි ටෝක් දෙන උන් පවා, මේ නිදහස් පුරවැසි මාධ්‍යකරණයට වාරණ දාන්න යන්නේ, උන් ආන්ඩුවටත් වඩා පවර්ෆුල් කියලා හිතලාය. ඒ පෙන්වන්නේ “පවර් ෆුල්” කම නොව, තමන්ගේ “බ්ලඩි ෆූල්” බව කියා නොදන්නා එකට, අපට කොරන්නට දෙයක් නැතිය.

බ්ලොග් කියන්නේ, ඕනෑම දෙයක් ලියන්න, කියන්න, පලකරන්න පුළුවන් තැනක්ය. නමුත්, බ්ලොග් ළොව පුරා ජනප්‍රිය වන්නේ දේශපාළණ බ්ලොග් නිසාය. ඒ කියා, හැම එකාම දේශපාළණේ ලියන්න ඕනා නැතිය. බ්ලොග් කියනා නම හැදෙන්නේ “වෙබ් ලොග්” (Weblog) යන්න කෙටි වෙලාය. වෙබ් ලොග් (Web Log) පටන් ගත්තේ, “ජෝන් බාර්ගර්”ය, “පීටර් මර්හෝල්ස්” එය “වී බ්ලොග්” (We Blog) කලේය. “ඉවාන් විලියම්ස්”, එය “බ්ලොග්” (Blog) බවට නිර්මාණය කලේය.

සම හරක් බ්ලොග් ලියන්නේ එක කරුණකට අදාලවය. සමහර විට, එය කවි බ්ලොග් එකක් වෙන්න පුළුවන්ය. සමහර විට, කෙටි කතා බ්ලොග් එකක් වෙන්න පුළුවන්ය. තමාගේ එදිනෙදා දින පොත ලියනා උනුත්, ඕනෑ තරම් බ්ලොග් අඩවිවල ඇත. ඇත්තටම බ්ලොග් කෙරුවාව පටන් ගත්තේ එහෙමය. එමෙන්ම තමන්ගේ ලිංගික ජීවීතය ගැන ලියනා බ්ලොග් මෙන්ම, වීඩීයෝ හා පින්තූර සඳහා පමණක් වෙන්වු බ්ලොග් අඩවිද, අධ්‍යාපනය සඳහාම පමණක් කැපවූ “එඩියුබ්ලොග්” වශයෙන්ද බ්ලොග් අඩවි කීපාකාරයකට වර්ග කළ හැකිය.

මේ අතර, තම නිශ්පාදනය හෝ සේවාව ප්‍රචාරය කිරීම සඳහාද, මුදල් ඉපයිමේ පරම පවිත්‍ර චේතනාව පමණක්ම මුල් කොට ගත්තාවූ බ්ලොග් අඩවියන්ද, නැත්තේම නොවේය. “මයික්‍රෝ බ්ලොගින්” යනු ඉතා කෙටි කවියක් හෝ සටහනක්, තම පෝස්ටුව ලෙස ඉදිරිපත් කරනා බ්ලොග් අඩවියන්ය. ඒවා ද බොහෝ සෙයින් ජනප්‍රිය බ්ලොග් බවට පත්වෙලා අවසානය.

කටකතා හා ඕපාදූප සෙවිම මිනිසාගේ විනෝදංශයක් නිසා, එවන් බ්ලොග් ජනප්‍රියම එවා බවට පත් වෙලා අවසානය. “අනේ අපිට ඔය අනුන්ගේ වං හුං ඔනෑ නෑ කියා…..” කෙප්ප කෙලින හැම එකාම, ආතල් එකේ සද්ද බදයක් නැතිව ඒවා තලු මර මරා කියවනවාය.
අනෙක් මාධ්‍යන්ට වඩා බ්ලොග් වල තියෙන වටිනාකම, කොමෙන්ට් හෙවත්, කියවන එකාගේ අදහස්, යෝජනා, චෝදනා, විවේචන, ලියන්න පුළුවන් කොටු කෑල්ලය. අහිංසක උන්, “පට්ටයි අනේ…”, “කියලා වැඩක් නෑ….”, “මම එක….”, “ඔයා.. හෙට එක….”, “ජක බක…..”, “මගෙ පුක…..” කියා, කොමෙන්ට් එකක් දමනවාය.

මම වාගේ බක පන්ඩිතයෝ, පොඩි විවේචනයක් එක්ක පල් හෑලී ලියනවාය. සම හරක්, හිස්ටීරීයා ලෙඩේ උත්සන්න වෙලා, “එදා තිබ්බේ මේ වගේ ඒවා නෙමෙයි…”. “ඒවා නේ මේවා….”. “ඒ කාලේනේ ඉන්න තිබුනේ… අයි ඩෝන්ට් නෝ වයි….?” කියා, රෝග ලක්ෂන ඔක්කෝම කොටුවේ හලලා යනවාය. ඒ අස්සේ, මැන්ටල් පොරවල් ඇවිල්ලා, ලියපු එකාගේ අම්මාට කොමෙන්ට් ලියා යනවාය. ඕන් ඊට පස්සේ වැඩේ අවුල් වෙනවාය.

පොඩියෙන් පටන් ගන්නා වලිය, අන්තීමේදි සඟිස්කුරුත දක්වාද, සමහර විට පාලි හා ග්‍රීක් දක්වාද, සමහර විට ලිංග විපර්යාසයන්ටද, නව පත්වීම් වලට ලක් කිරීම් දක්වාද, දුර දිග යනවාය. ඒ කියන්නේ, ලියන්නේ පිරිමියෙක් නම්, ඌ පොන්නයෙක් කරනවාය. කෙල්ලෙක් නම් ලියන කෙල්ලයි, කෙල්ලගෙ අම්මයි දෙන්නම, වේසියෝ කරලා දානවාය. ඊට පස්සේ සමහර උන් බොග දැමිල්ල නතර කර දානවාය.

මේකටත් බේත් තිබෙනවාය. කොමෙන්ට්ස් මොඩරේට් කොරලා දැම්මාම. මක්කා කිව්වාද කියා අනික් උන්ට හොයා ගන්න බැරි වෙනවාය. කක්කා ටික අරන් දමා, හොඳ ටික විතරක් පබිලිස් කොරලා දානවාය. සම හරක්ට එහෙම මොලයක් නැතිව කෙලින්ම වහලාම දානවාය. එතකොට නම් අර මැන්ටල් සැට් එකට පුදුම ත්‍රිල් එකක් එනවාය.

කොමෙන්ට් ඕපන් කරලා තියන්නේ හිට්ස් ඕනා නිසාය. හිට්ස් වැඩියෙන් ආවාම ගත සිත පිනා යනවාය. ඒ අපි තවම සුප්‍රබුද්ධලා නොවනා නිසාය. එහෙම හිට්ස් ඕනම නැතිනම් කරන්න තියෙන්නේ “මරුවා” වගේ කොමෙන්ට් බොමෙන්ට් ඔක්කෝම වහ දාලා, පොරි හැලෙන්න හතර අතේ වනනා එකය.
සම හරක්ට මේ මරාගැනිල්ල ඉවසන් ඉන්න බැරුව, සරොන් කරට ගන්නවාය, රෙදි උස්සා ගන්නවාය. ඔය මරා ගැනිල්ලෙත් ඉවරයක් තියෙනවාය. මරාගන්නේ බ්ලොග් කාරයෝ විතරක් නෙමෙයිය. ජාතියට පොත් දෙන “සිරිසුමන ගොඩගේ”යි, ගෑණුන්ට ලොරි ටෝක් දෙන, “ආචාර්ය සරත් විජේසුරියයි”, බැල්ලිට පොරකන බල්ලෝ දෙන්නා වගේම, මරා ගත්තේය. හැබයි ඒවාට කියන්නේ සංවාද කියාය.

ඔය සංවාදෙත් බ්ලොග් වල ගියානම්, දෙන්නාගෙම පුකවල් බලාගන්නට අපිටත් වාසනාව හිමි වෙනවාමය. ඒ නිසා මම නම් කියන්නේ, ඕන දෙයක් කියන්න පුළුවන් එකේ, හති වැටෙනකන් මරාගනිල්ලා කියලාය. මමත් එහෙම මරා ගන්නවාය. ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනවාය. බ්ලොග් කෙරුවාව කියන්නේ ඒකටය. බලාගෙන ඉන්න බැරි නම් අහක බලාගෙන උන්නාම ඉවරය. නැත්නම් අර “මාරයා” වාගේ ඇවිලෙන් ගින්නට පිඳුරු ටිකක් දාලා, පොඩි සපි එකක් දුන්නාම අහවරය.

අද මේ බ්ලොග් කරණයේ ජනප්‍රියම සැර්විස් එක දෙන්නේ “බ්ලොගර්ය” (Blogger). “ටම්බ්ලර්” (Tumbler) හා “වර්ඩ්ප්‍රෙස්” (WordPress) කියන්නේත් ඒ වාගෙම බ්ලොග් සේවාවන් දෙකක්ය. බ්ලොගර් සතුව බ්ලොග් අඩවි මිලියන 150 ක් පමණ ඇති බවත්, වර්ඩ්ප්‍රෙස් සතුව මිලියන පණහකට අධිකවත්, ටම්බ්ලර් සතුව මිලියන 75 ක් පමණ අඩවි සතු බවත් වාර්ථාවල සඳහන් වෙනවාය.

බ්ලොග් අඩවියක් පටන් ගන්නා ආකාරය, මුල ඉඳන්, කැම්පස් සින්ඩියේ දමන්නට අදහස් කරගෙන ඉන්නවාය. වෙලාවක් ලද විගස වැඩේ පටන් ගන්නවාය. හැබයි ඉතින් ඒක ලියන්නේත් මාතලන් වර්සොන් එකෙන්ය.

එතකන් කොරන්න තියෙන්නේ, මාතලන් වගෙ ආතල් එකේ ඉන්නා එකය. හිරුනිකා මැද කොළඹට දාපු නිසා, මාතලන් ඉන්නේ ෆුල් ආතල් එකේය. මාතලන්, ඡන්දේ මැද කොළඹට හදා ගත්තේ, පාරුවේ පුවක් නිසාය. සමාවෙන්න…. පූරූවේ පිනක් නිසාය. දැන් ඉතින් මගෙ මනාපේ දෙන කෙනා තීරණය කොරලා අවසානය. අනේ ලාල් කාන්තයෝ මට සමාවෙයන්ය..

අවසානයට කියන්න තියෙන්නේ මේ පහල පින්තූරේ තියෙනා ඉන්ගිරිස් කතාවය. ඒ තියෙන්නේ මක්කාද කියා කියන්න මාතලන් ඉන්ගිරිස් දන්නෙ නැතිය. බ්ලොග් කියලා තිබුන නිසා තෝරාලා දැම්මාය.
උපුටා ගැනීම – http://maathalan.blogspot.com/

Related Posts

1 Comment

  1. Rohan Dhananajaya May 2, 2015 at 3:24 pm - 

    හොඳ විස්තරයක් නියමයි…!

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල