සඳැස් / නිසඳැස්

කිරි වෙහෙර වඳින කවි.. – Hommage to Kiri Vehera

Off

කිරි ටික වගේ දිව රෑ බැබ ලෙන වෙහෙර
අද නම් එකම කිල්ලකි කතරේ වෙහෙර
පල් හොරු ඇවිත් ඉඳ ගෙන පාමුල වෙහෙර
පාලම් කොකුන් රැනක් වඳිනවා වෙහෙර

පුරාණයේ විරුවන් ඉඳි කළ වෙහෙර
රජ මැතිඳුන් නිති වැඳ පිදුවා වෙහෙර
හොර දෙටුවන් බූදලයට ගත් වෙහෙර
දේවා ලයත් කා මුන් කෑ..වා වෙහර

අග්ගලා කජු වගේ අපි ගිල් ලා වෙහෙර
සැමදා ඇවිත් වැන්දත් අපි මේ වෙහෙර
කෙලවී ගියා රජකම මගෙ බුදු වෙහෙර
එහෙම මට උනේ ඇයි කියපන් වෙහෙර

තනමල්විල මල් නෙළුවා අපි වෙහෙර
පකිස්ථාන් කුඩු බෙදුවා අපි වෙහෙර
රස පිරි එත නෝල් අඩුවක් නෑ වෙහෙර
සුදු වෑනේ රවුමක් යන වද වෙහෙර

ෆොරින් ටුවර් අද අප හට නෑ වෙහෙර
හොරා කන්න විදියක් නෑ රන් වෙහෙර
ටෙන්ඩර් නැති කොමිසන් නැති දා වෙහෙර
කොහොමද නිදා ගන්නේ කියහන් වෙහෙර

දාගෙන බැකප් වෙහිකල් අපි ආ වෙහෙර
මිනී මරුවෝ පෙරහර විත් පිදු වෙහෙර
අද ඒ මොකුත් නෑ අපි කුඩු විය වෙහෙර
මෙහෙම උනේ මොන පවකට දෝ වෙහෙර

අඩියක් ගහන්නත් විදියක් නෑ වෙහෙර
බඩුවක් ගහන්නත් විදියක් නෑ වෙහෙර
සොමියක් නැති ජීවිතයකි දැන් වෙහෙර
පඩියක් අරන් බත් කන්නද අපි වෙහෙර

ගෙදරට වෙලා ඉන්නට නෑ මට වෙහෙර
මේ ගොන් හරක් එනවා තවමත් ගෙදර
මේ හොර රැලට අනුකම්පා කර වෙහෙර
අගමැති කමක් වත් දෙනවයි සුදු වෙහෙර

ගෑණුන්ගෙන් ඉන්නත් නෑ බුදු වෙහෙර
ආන්ඩුවෙන් ඉන්නත් නෑ බුදු වෙහෙර
වෛරී දේශ පාලණයේ උන් වෙහෙර
නිතරම පනිනවා ගෙදරට කිරි වෙහෙර

පොලිට්‍රික්ස් වලට වේලාවක් නෑ වෙහර
අල්ලස් කොමිසමට යනවා අපි නිතර
වැලිකඩ යන්න නම් බෑ මගෙ බුදු වෙහෙර
බලේ නැතිව මොන රෙද්දද කිරි වෙහෙර

-o()o-

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල