කාලීන සංවාද

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල -2014

Off
ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන   උළෙල මාර්තු මස 26 වන දින සවස 2.00 ට ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ (නො 163, කිරුලපාර කොළඹ 05) පිහිටි ‘ජනමාධ්‍ය වර්ධන මධ්‍යස්ථාන’ ශාලාවේදී පැවැත්වේ.

පුරවැසි මාධ්‍ය කලාව තවදුරටත් ජනප්‍රිය කරවීම සහ බ්ලොග් කරුවන් සමාජයේ දැනුම පුළුල් කිරීම උදෙසා කරන සේවය ඇගයීමේ උත්සාහයක් වශයෙන් සම්මාන උළෙල සංවිධානය කෙරේ.
මෙම සම්මාන උළෙලේදී පුරෝගාමී බ්ලොග් කරුවකු වන ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන, විද්‍යා ලේඛක සහ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාධරයකු වන නාලක ගුණවර්ධන සහ පුරෝගාමී බ්ලොග්කරුවකු වන අජිත් පැරකුම් ජයසිංහ දේශන පැවැත්වීමට නියමිතය.
එමෙන්ම ‘අන්තර්ජාල කෝලම’ නාට්‍යානුරූපි ප්‍රසාංගික ඉදිරිපත් කිරීම මාධව වීරසේකර ප්‍රමුඛ  SKITZOSL සංගීත කණ්ඩායම හා අජිත් කුමාරසිරි ඉදිරිපත් කරන සංගීත ප්‍රසංගයක්ද මෙහිදී පැවැත්වේ.
සම්මාන හිමිව තිබෙන  බ්ලොග්කරුවන් මෙසේය
2014 වසරේ හොඳම බ්ලොග්  කරු – මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ
     බ්ලොගය: http://maathalan.blogspot.co.uk/
2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස – ප්‍රථම ස්ථානය – බට්ටි
           දමිත් ගුණවර්ධන – http://damgune.blogspot.co.uk/2014/10/blog-post.html 
2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස – දෙවන ස්ථානය -මොඩෙලින් කිරිල්ලි
           බස්සි  (යසෝධා සම්මානි ප්‍රේමරත්න )-
2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස – තුන්වන  ස්ථානය – ගිං ගඟත් අසරණයි – දිලාගේ ලෝකය
           දිලිනි නිමන්තිකා – http://dilagelokaya.blogspot.co.uk/2014/09/blog-post_21.html
2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය  – ප්‍රථම ස්ථානය –
             ආඩම්බරකාර අපේ තාත්තා- දසයා – http://iamdasaya.blogspot.co.uk/2014/12/blog-post_5.html
2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය  -දෙවන  ස්ථානය – නිල්  කට්රොල් මල්   – රවී වීරසිංහ
2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය  -තුන්වන   ස්ථානය – කරුමේ ඩබල් පින සිංගල් ඉවාන් පව්ලුශා – ප්‍රගීත් අනුරාධ http://iwanpaulooshaa.blogspot.co.uk/2014/10/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල