කාලීන සංවාද

කොමෙන්ට්ස් වලටත් සම්මාණ, බ්ලොග් වසන්තයා හා VAT 69

Off

අම්මට සිරි ලංකාවේ හැම එකාම වගේ බැන බැන බලන සතියේ කළ දසාවට අනුව ඉදිරි සතියේ අළුත් මිතුරන් ඇති කර ගැනීමත්, මිතුරන් හා උත්සව වලට සහභාගි වන්නට ලැබෙන බවත් කියලා තිබුනාය. මගේ ජොබ් එක අනුව ගිය සතියේ නොව හැම සතියෙම වගේ මේ දෙකම වෙනවාය. ඒත් ගිය සතියේ නම් ළොකු වෙනසක් තිබුනේය. ඒ අළුත් “බ්ලොග් යාළුවෝ” තුන් දෙනෙක්ම හඳුනා ගන්නට ලැබුන එකය.

“ඉයන්ගේ අඩිවිය” ලියන ඉයන් කෝල් එකක් දීලා කිව්වේ, “නිදහස් සිතුවිලි” වල ලියන, “රවී වීරසිංහයා” වෙනුවෙන් පොඩි සාදයක් හවසට තියෙන බව,ත් පුළුවන්නම් ඇවිල්ලා යන්නෙයි කියලාය. පළවෙනි බ්ලොගා මුන ගැසුනේ එසේය. රවියා, මාතලන් සිතා සිටියාට වඩා බොහෝ සුන්දර මිනිසෙකු වූ අතර, පෙනුමින් බොහෝ දුරට අපේ නෙළුම් අජියාමය. එකම වෙනස උසෙහි ඇති ඉතා සුළු වෙනසක් පමණක්මය.


ජනප්‍රියම බ්ලොග් කරුවකු වූ “චූටී මහත්තයා, Dr. ඇල්කේමියාගෙන් සම්මාණ ලබමින්
ඒ සාදයට අවසාන මොහොතේ පැමිණි “සැහැල්ලුව” ලියන “සිංහයා” හෙවත් ඉන්දික උපශාන්තයා කිව්වේ, බ්ලොග් වසන්තගේ සම්මාණ උළෙල ගල්කිස්සේ හෝටලේ ළඟ හෙනහුරාද හැන්දෑවේ තියෙනවා කියලාය. ඒ වෙලාවේ ඒ දේ කිව්වේ නැත්නම් කීයටවත් සම්මාණ පාටියට එන්න වෙන්නේ නැතිය. නියම වැඩේ කියන්නේ, සාමාන්නියෙන් වෙන්නේ, එක්කෝ සම්මාන උළෙළවල් කැන්සල් වෙන එකය. එහෙම නැත්නම් කල් දමනා එකය. ඒත් කියපු දිනයටත් කලින් තියනා සම්මාණ උළෙලක් මේ දැක්කාමය.

බ්ලොග් වෙනුවෙන් කරනා ඕන දේකට කොන්දේසී විරහිතව සප් එක දෙන එක මාතලන්ගේ සිරිතය. මොකෑ කියනවා නම්, එදා සිට අද වෙනකන් හඳුනාගත් බොග දානා හැම එකාම අබිමානයක් ඇති පුද්ගලයන් වීමමය. මම හිතන්නේ, අම්මට සිරි ලංකාවේ පාන්ඩු ආන්ඩු වලින් ආධාර උපකාර ඉල්ලන්නේ නැති එකම පිරිස, බොග දාන උන් වෙන්න ඕනාය. උන් ඔක්කෝම ආඩම්බර කාරයෝය. ඔය නෙළුම් යායට උනත් කරූ එන එකට අකමැති උන් බොහෝය. නමුත් එතන කරන්නේ, කරූගේ මාර්ගයෙන් බ්ලොග් කියන දේ සමාජ ගත කරන්නට උත්සාහ කොරනා එකය. ඒක කිසි ලෙසකින් වත් හිස් ටින් එකක් නෙමේය. තනිකරම මාකටින් පාරක්ය.


දුමියාගේ නෙළුම් යාය සම්මාණය කමියා හා ජීවන්ගෙන්
බ්ලොග් වසන්තය තනිකරම බ්ලොග් කරුවන් දෙදෙනෙකුගේ මහන්සියේ අග්‍ර ඵලයකි. ඒ ඉන්දික හා “දුමීගේ කට කහන කතා” ලියනා දුමියාගේය. ඉන්දික මා කලින් හඳුනාගෙන උන්නද, දුමියා අඳුනා ගත්තේ ඊයේය. ඒ වගේම, “සයිබර් යාය” ලියනා කෙහෙල් කොරටුවේ චූටී මහත්තයාත්. ඒ මහත්තයාගේ, චූටී මහත්තයාත් හාමිනාත් අඳුනා ගන්න ලැබුනේත් ඊයේය. සම්මාණ හදා තිබුනේ ඉතා වටිනා ලීයක් කියා, ලී ඉස්පැසලිස් ඉන්දිකයා කියූ වෝල්නට් ලීයෙන්ය. එය ඇත්තටම මනරම් ලීයක් බව නොකිව මනාය. ඒත් සම්මාන වලටත් වඩා තැන හිමිය තිබුනේ වැට් වලටය. සමහරක් විට මේ දවස්වල ඒ ගැන තද බල කතා බහක් යන නිසා වෙන්න ඇතිය.
මේ සම්මාණ උළෙලේ මාතලන් දකිනා ඉතා වටිනාම දෙය නම්, කොමෙන්ට්කරුවන්ට සම්මාණ හිමි වීමය. ඉතින් මේ ගැන ඇනෝ දාන උන්ට මාර හිතේ අමාරුවක් එනවා ඇතිය. සෑම දෙයටම වටිනාකමක් තියෙනවා වාගෙම, තමන් අකුරු කරන දේටත් වටිනාකමක් තියෙනවා කියනා එකට අනර්ඝම උදාහරණය මේ සම්මාණයය. බ්ලොග් වල කොමෙන්ට් දානා උන් අතරේ කොන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් දමනා උන් ප්‍රෝෆයිලයකින් එනවා වෙනුවට එන්නේ ඇනෝ ලෙසය. මෙය නම් මහා අපරාදයක්මය. මාතලන් නම් අමු කුණුහබ්බෙන් අහගත්තත් කියන්න තියෙනා දේ කියන්නේ මාතලන්ගේ නමින්මය.

ඊයේ සම්මාන හම්බ උන උන්ගෙන් ඇවිත් හිටියේ දෙන්නෙක් පමණය. ඒ “ප්‍රා ජේ” හා “කෙහෙල් කොරටුවේ චූටී මහත්තයා” පමණය. පිට රට උන් කෙසේ වෙතත්, ලංකාවේ ඉන්නා උන් මේවට සහභාගි වී සහයෝගයක් නොදීමෙන් කරන්නේ, ඒවා කරන උන්ගේ මහන්සිය සමච්චලයට ලක් කොරනා එකය.

නෙළුම් යායේ පාටියේදි ගිටාර් ගැසූ ජීවනයා, ඊයේ ගිටාරය කරේ තියාගෙන නැටූ අතර, එළිවන තෙක් කිසිම ලෝබ කමක් නැතිව පට්ටම ලෙස ඉන්ටලූඩ්ද සමග ගිටාරය ප්ලේ කල දුමියාට අපේ නොමද ගෞරවය හිමි වෙනවාමය. ඒ පාටිය කිසිදා අමතක නොවන එකක් වෙනවා නම් ඒ දුමියාගේ අගනා ගිටාර් වාදනය නිසාමය.


කාගෙදෝ එකක් ඉල්ලා ගත් කමියා හා දුමියා සමග තවත් නරුමයෙක්
ඉතා සොඳුරු රාත්‍රියක් ගත කිරීමට අවස්ථාව සලසා දුන් දුමියාටත් සිංහයාටත් අපේ ගෞරවය හා ආදරය මේ වෙලාවෙත් පිරි නමා සිටිනවාය. ඒ වාගේම සහභාගී වූ සියළුම මිතුරන්ටත්, ඒ සැඳැව සොදුරුතම සැඳෑවක් කිරීම වෙනුවෙන් මාතලන්ගේ බොක්කේ ප්‍රණාමයත් පුද කරනවාය. සෑම දෙයකම වෙනසකට කවදත් මනාප මාතලන්ට මෙන්ම සහභාගී වූ සෑම එකාම මේ සම්මාණ උළෙල ඉහලින්ම අගය කළ බවද නොකියා සිටිය නොහැකිය. ලබන වසරේත් මීටත් වඩා හොඳට මේ වැඩේ කිරීමට සියළු ශක්තිය හා ධෛර්යය ලැබෙවා කියාත් අවසාන වශයෙන් ලියා තබනවාය.

ප: ලි:
මෙම උළෙලේ අය වැය හා විගණන වාර්ථාව ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකි බව සංවිධායක මණ්ඩලය අප වෙත දන්වා එවා ඇත.

වසන්තයාගෙන් සම්මාණ ලද උන්

වසන්තය විමැසීමට එක් කල තම ලිපි සියල්ලට ලද සම්මුච්ඡිත ඡන්ද ප්‍රමාණය අනුව ජනප්‍රියතම බ්ලොග් රචකයින් තිදෙන ලෙස සැමරුම් ලබන්නේ –
සඳරු – හිස් අහස
බුද්ධි ප්‍රසාද් – සයිබර් යාය
කීර්ති කුළසේකර – සොඳුරු අතීතයෙන් බිඳක්

බ්ලොග් කලාවේ පැවැත්මට අතිශය වැදගත් සාධකය වන කමෙන්ට් කලාවේ ජනප්‍රියතමයන් තිදෙනා වන්නේ…

ප්‍රා ජේ – නිට්ටෑවා
ප්‍රසන්න – දෙමළ ණ යා
රවී – මාගල්

බ්ලොග් වසන්තය 2015/2016 දෙවසරෙහිදිම වැඩිම ලිපි සංඛ්‍යාවක් පල කරමින්, බ්ලොග් වසන්තයටත් සමස්ථ සිංහළ සිඔහල බ්ලොග් ක්ශේත්‍රයටත් කරන ලද අමිල මෙහෙවර උදෙසා සංවිධායක මඩුල්ලේ විශේෂ ස්තූතිය සහ සමරු සම්මාණය ;

රසිකොලොජි – රසික සූරියආරච්චි.

පොටෝ සියල්ලම “අටමාගේ” බුකියෙන් උස්සන ලදි

https://maathalan.blogspot.co.uk/2016/07/vat-69.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල