සාහිත්‍ය කළා විචාර

හායි මෙයාලා අපි කට්ටියම ඡන්දෙ ඉල්ලනවා

Off

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කවුද ?

ආණ්ඩු පක්ෂය කියන්නේ යූඑන්පී එකනේ…… ඒකෙ ප්‍රධාන සංවිධායකයා අංකල් ජෝන්

• තාත්තාගේ නම ?

හරියට අම්මෙක් අප්පෙක් හිටියනම් අපි ඡන්දෙ ඉල්ලනවද?

• ඔබේ නම මොකක්ද?
අපිට විවිධ අය විවිධ නම් කියනව. වැඩිපුරම කියන්නෙ වස්තුව, පැටියෝ… කියල. හැබැයි තරහ වුනාම කියන්නේ පට්ට — කියලා

• වයස කීයද?
හැමදාම එකම වයසෙ තමයි අනේ …. කවදාවත් නාකි වෙන්නෙ නෑ.

• ඉගෙන ගත්ත පාසල?
ඉස්කෝලෙ ගියානම් මේ වගේ දෙයක් වෙනවද?

• ලබාගෙන තියෙන ඉහළම අධ්‍යාපන සුදුසුකම මොකක්ද?
ඇමති ජොනී අපේ ක්ලාස් මේට්. එයයි අපියි එකට ඉස්කෝලෙ ලීව් කලේ

• දැනට කරන රැකියාව මොකක්ද?
රැකියාවක් තියෙනවනම් මේකට එනවෑ….

ඡන්දෙට එන දිස්ත්‍රික්කය?
නාම යෝජනා හම්බවෙන්නෙ කිලිනොච්චියෙන් නම් එහෙන් හරි එනවා

• මොකක්ද ඡන්දේ ඉල්ලන්න තියෙන සුදුසුකම?
සුදුසුකම් හොයන්නැති එකම රස්සාව මේක නිසා තමයි ඡන්දෙ ඉල්ලන්නෙ

• ඡන්දෙට කීයක් වියදම් කරනවාද?
හම්බවෙන ඩොනේෂන් වලින් 20% ක් 30% ක් විතර

• රටේ ආර්ථිකය දැන් දියුණු වෙලාද?
නැත්තන් අපි ඡන්දෙ ඉල්ලනවද? අපිට තියෙන ඉල්ලුම පේනවනෙ

• උද්ධමනය කියන්නේ මොකක්ද?
විරුද්ධ පක්ෂයේ අය ආණ්ඩු පක්ෂයේ අයට මඩ ගහන්න පාවිච්චි කරන වචනයක්

• දැන් හාල් කිලෝවක් කීයක් වෙනවද?
මේ දවස්වල ෆිගර් එක හරියට තියාගන්ඩ ඩයට් කරන නිසා රයිස් කාපු කාලයක් මතක නෑ ….

• පළාත් සභා ක්‍රමය ස්ථාපිත කළේ කී වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්ද?
19 න්. මේක අපි ආපු ගමන් ගේන්ඩ හිතන් ඉන්න එකක්

• ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනද?
ඕක අලුතින් කරන්න දෙයක් ද?

• ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරයා?
ඉස්සර නම් ආතති දිසානායක දැන් ආතති දේශප්‍රිය

• නළු නිළියෝ දේශපාලනයට එන එක හොඳද?
නැතුව. ජනතාවගේ සැබෑ ප්‍රශ්න සහ ඇමතිවරුන්ගේ සැබෑ හද ගැස්ම තේරෙන්නෙ අපට විතරයි. ඕනම බරක් අපට දැරිය හැකියි.

• පසුගිය කාලේ අගමැති මත්කුඩු ව්‍යාපාරිකයන්ට උදව් කරලා තියෙන නිසා අගමැතිකමින් අයින් කරන්න ඕනෑ කියලා ප්‍රසිද්ධියේ චෝදනා කරපු
හාමුදුරුවෝ කවුද?
තමන්ගෙ ව්‍යාපාරිකයන්ට කළගුණ සැලකීම බුදු හාමුදුරුවො වුනත් අනුමත කරන දෙයක්. ඒක නිසා හාමුදුරුවරු ඕව ගණන් ගන්න හොඳ නෑ

• 5 ශිෂ්‍යත්වය අහෝසි කරන්න ඕනද?
‘සසෙක්ස්’ එකේ බන්දුලගෙන් අහල කියන්නම්

•මේ තියෙන මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්න ඕනෑද?
පිස්සුද මෙයා…. මේක වෙනස් වුනොත් අපට මොකද වෙන්නෙ?

• ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති කවුද?
ගෝඨාභය රාජපක්ෂ

• සරත් ෆොන්සේකා නායකත්වය දරන පක්ෂෙ මොකක්ද?
ශ්‍රී ලංකා යුධ හමුදාව

• පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රිවරු ගාණ?
ගණන් කරගන්න විදිහක් නෑ. හැම වෙලාවෙම දෙපැත්ත මාරු වෙන නිසා

• ඡන්දේ දිනලා මිනිස්සු වෙනුවෙන් මොනවද කරන්නේ?
මේ කරන ටිකම තමයි ඉස්සරහටත් කරන්නෙ. වැඩිම වුනොත් දෑත් ශක්තිමත් කරන්න ගිහින් ගානක් හම්බ කරගන්නවා

• කැසිනෝ ලංකාවට ඕනැද?
නැත්නම් අපි හම්බ කරන ඒව වියදම් කරන්නෙ කොහේටද? කැසිනෝ වලින් තොර සංවර්ධනයකුත් සංවර්ධනයකින් තොර කැසිනෝවකුත් නෑ

• ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කවුද
බදුල්ලේ ඇනිමල් නේද

• ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලකුණ?
මේ පාර ඒක තාම තීරණය කරල නෑ. සමහරවිට සාටකය වෙන්නත් පුළුවන්

• කවුද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සුදුසු?
සුජීව සේනසිංහ හරි මෛත්‍රී ගුණරත්න හරි තමයි හොඳම

• උතුරු පළාත් සභාවේ බලය අයිති කාටද?
ඉස්සර ප්‍රභාකරන්ට. දැන් ගෝඨාභයට

• ලංකාවට විදේශීය විශ්වවිද්‍යාල ඕනද?
නැතුව…. නැතුව…. කට්ට කන්නෙ නැතුව උපාධියක් ගන්න ලේසිම ක්‍රමය

• රඟපාන්න කැමැති නැද්ද?
මීට වැඩිය තව දෙයක් තියෙනවද?

• මේ කරන්නෙත් රඟපෑමක්?
ඔබගේ චින්තනයට අපි බාධා නොකරමු

• දේශපාලනය කියන්නේ එක්තරා රඟපෑමක් ?
ළඟදිම මීඩියා කට්ටියට අපි හැම එක්කෙනෙක්ම එක වහලක් යටදි දියවන්නා චිත්‍රාගාරයෙදි හම්බ වෙන්න පුළුවන්. එන්න අපි පොඩි ෆන් එකක් ගම්මු.

මේ අවස්ථාවෙදි අපි විශේෂයෙන්ම සිහි කරන්න ඕන අපි අද ඉන්න තැනට ගේන්න අපේ මෙව්වා (ප්‍රතිභාව) එක මෙව්ව කරල (ඔප්නංවලා) ගත්ත සේරම
අධ්‍යක්ෂවරු, නිශ්පාදකවරු, දේශපාලඥයො මේ වෙලාවෙ ග්‍රැටිටියුඩ් එකෙන් යුතුව රිමෙම්බර් කරනව. අපි මේ වෙලාවෙ එක හඬින් කියා සිටින්නෙ අපි මේ සිස්ටම් එක චේන්ජ් කරනවා චේන්ජ් කරනවා ….. මයි කියල. එතකං ඔය ගොල්ලන්ගෙ සිස්ටම් එක චේන්ජ් නොකර තියා ගන්ඩ. අපේ මීළඟ මීඩියා බ්‍රීෆින් එක ඡන්දෙට කලින් බලාපොරොත්තු වන්න ……

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල