සඳැස් / නිසඳැස්

සිතින් පත්තිනි නොහොත්

2

කන්නකී වී කෝවලන් ලග

තුරුලු වන්නට සිතා ඉන්නැති..

පතිනි දම් සුදු සාලු අස්සේ

සගවා ඉන්නට වෙර දරන්නැති..

 

ලොවට රහසින් අදුරු කුටියක

කෝවලන් ලග සලු ලිහන්නැති

රන් රිදී මුතු ගෑවිලා නැති

පා සලබ අමතකව එන්නැති..

 

පා සලබ සේ නුබව දවසක

කෝවලන් මග දමා යන්නැති

පතිනිවත අමතකව දහසක්

කෝවලන්ලා නුබ සොයන්නැති…

 

 

පියයුරක් පොලොවේ ගසන්නට

හයිය හත්තිය නුඹට නැතුවැති

ලොවට නොපෙනෙන දුක් අදෝනා

නෙතේ කදුලක සිරවෙලා ඇති….

ප්‍රදීප් ලක්ශිත
http://redaousl.blogspot.co.uk/2016/09/blog-post.html

Related Posts

2 Comments

  1. Nisansala Jayasinghe September 28, 2016 at 9:04 am - 

    නොදැන ඇගේ කතාව අපි
    අපේ දුක ඇයට කියන්නැති
    හිතේ දුක තද කරන්
    අපේ දුකට පිළියම් සොයන්නැති..

  2. editor October 2, 2016 at 7:29 pm - 

    ස්තූතියි ඔබේ කවියට

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල