කාලීන සංවාද

ලන්ඩනයට බඹරු ඇවිත්

Off

හඳුනාගත්තොත් ඔබ මා……
උඹලා ප්‍රවේසම් වෙයල්ලා බඹරු ඇවිල්ලා
මාලනී ෆොන්සේකා ,විජය කුමාරණතුංග ,ජෝ අබේ වික්‍රම ,අමරසිරි කලන්සුරිය ,සිරිල් වික්‍රමගේ, විමල් කුමාර ද කොස්තා,දයා අල්විස් ,ඩබ්ලිව් ජයසිරි වැනි ප්‍රවීන හා ජනකාන්ත නළුනිළියන් රැසක් රංගනයෙන් දායක වන ධර්මසේන පතිරාජයන්ගේ නිර්මාණයක් වන” බඹරු ඇවිත්”චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීමට අගෝරා කලාකවයේ කට්ටිය හෙට සෙනසුරාදා(ඔක්තෝබර් 01) සවස සුදානම් වෙනවා.
ඉන්පසුව බඹරු ඇවිත් චිත්‍රපටියේ අන්තර්ගතය පිළිඹඳවත් ,ලාංකීය සිනමාව පිළිඹදවත් පුළුල් සංවාදයක් සිදුකිරීමට අපේක්ෂා කරනවා.සිනමාව පිළිඹඳ ප්‍රාමාණික දැනුමක් ඇති අගෝරා සිනමා අද්‍යයන අංශයේ කට්ටිය එය මෙහෙයවනවා ඇති.රාත්‍රි භෝජන සංග්‍රහයක් ද ඊට සමගාමිව පැවැත්වෙන බව සඳහන්.
මාස්ටර් කේමදාසයන් සංගීතය සපයන බඹරු ඇවිත් චිත්‍රපටිය1978 එනම් මීට අවුරුදු 38කට පෙර තිරගත ව.ඒ උනාට එහි අන්තර්ගතය එදාටත් වඩා අදට අලුත්.බඹරු ඇවිත් පෙන්වන්නේ ප්‍රාග්ධනය (ධනපති ක්‍රමය )ලේ පෙරමින් ,කුණුකසල වගුරුවමින් කෑදර ලෙස ලාභ සෙවීම සඳහා පාරම්පරික ධිවර ගම්මානයක් ආක්‍රමණය කළ චණ්ඩ පරුෂ විලාෂයයි .කාල්මාක්ස් කොමියුනිස්ට් ප්‍රකාශනයේ මෙසේ සඳහන් කරනවා.”මෙතෙක් කල් ගරුත්වයට පාත්‍ර වූ සහ ගරුසරු භාවයකින් යුක්තව උසස් ලෙස සලකනු ලැබූ සැම වුර්තියකම පැවති තේජස ජනපති පංතිය ඉවත් කරලීය”ඉන් අදහස් වන්නේ ධනවාදය විසින් මෙතෙක් පැවති සියලු මිනිස්කම් සාරධර්ම ගරුකටයුතු වටිනාකම් (නග්න ආත්මාර්ථ කාමිත්වය ) ලාභ සෙවීම නමැති අයිස් වතුරේ ගිල්වා මරාදමන බවයි.මීට වසර 200කට පෙර මාක්ස් කියපු ඒ කථාව අද ලාංකීය සමාජය සජීවීව අත්දකිමින්තිබෙනවා.රතු පස්වල සිද්ධිය ,හලාවත් ධිවරයින්ට වෙඩි තැබීම ,වකුගඩු රෝග ,මොන්සේන්ටෝ සමගම දැනටත් රටතුල කරන විනාශය අපිට සජීවී උදාහරණ සපයනවා.”වලේ වැටීම මොළයට ලාභයකි”කිවාසේ ලාංකීය සමාජයට මේ කියන දේශපාලනය දැන් තේරෙනවා.නමුත් 1978 තරම් ඇත යුගයේදී පතිරාජ තම නිර්මාණය හරහා මතුකරන මේ යථාර්ථය ඒ යුගයේ සමාජයට වැටහුනේ නැතුව ඇති.
ධිවර ගම්මානයක තිබෙන සාමුහිකත්වය ,පාරම්පරික සම්බන්ධතා ,සිරිත් විරිත් ජිවන රටාව සුණු විසුනු කරමින් ප්‍රාග් ධනය ඒ ගමට කඩාවදිනවා ඉන්පසු ඒ හැම පැත්තකම තමන්ගේ බලය තහවුරු කරගැනීම සඳහා කරන ම්ලේච්ඡ සටන “බඹරු ඇවිත්” බොහෝදුරට නිරූපනය කරනවා.ධනේශ්වර පංතියේ සංකේතය වූ වික්ටෙර් (විජය )දැවැන්ත ප්‍රාග්ධන හිමියකු ලෙස ඇවිත් ගමේ තම ආධිපත්‍යපතුරුවනවා.ඉන්පසු ධිවරයින් දරුණු සුරා කෑමකට ලක්කරනවා.ඉන්පසු ඔහුත් ගම්මානයත් සමගිකළ නොහැකි බලවේග දෙකක් බවට පත්වෙනවා.මේ වනවිට ගැමියන් අතර බලය පතුරුවාගෙන සිටි ඇන්ටා(ජෝ)වික්ටර් සමග නිරන්තරයෙන්ම ගැටෙනවා
ධර්මසේන පතිරාජයන් මෙහිදී තවත් අදහසක් මතුකරනවා.රජය කියන්නේ නීතිය සහ සාමය රකින අපක්ෂපාති ආයතනයක් කියන මිත්‍යාව කඩා බිඳ දමනවා.ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රයේ කාර්ය භාරය හොඳින් අනාවරණය කරනවා.ධනපතියා කම්කරුවන් පිඩාවට පත්කලවිට කම්කරුවන් උද්ගෝෂණය කරනවා.එතකොට ජනතාවගේ රජයක් නම් මොකද්ද කරන්න ඕන?වේවැලක් ගෙනත් මුදලාලිට තලන්න ඕනෑ.ඒ වෙනුවට අද මොකද්ද කරන්නේ?මුදලාලිගේ පැත්ත ගන්නා රජය කම්කරුවන්න්ට් වෙඩි තියනවා.මුදලාලි රකිනවා.රතු පස්වල මැරුවේ නැද්ද ?හලාවත ධීවරයන් මැරුවේ නැද්ද ?මේ දවස්වෙල නෙවිල් ප්‍රනාන්දු ගේ උපාධි කඩය රකින්න සරසවි සිසුන්ගේ ඔළු පලන්නේ නැද්ද?කාලය වේගයෙන් ගෙවී යනවා.අපි හෙට හමුවී මුහුණට මුහුණ කථාකරමු .බඹරු ඇවිත් බලලම අපි කතාකරමු.පසුවට තව ලියමු වාද විවාද කරමු , .

 

දිසා

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල