කාලීන සංවාද

සිහළුනි නැගිටිව් ඕනා. දෙමළුනි නැගිටිව් වානා – Reconciliation over racism

1
මේ ආන්ඩුව කරන තරමක් කොරන්නේ හත් පොලේ ගාගන්න කේස්මය. වඳුරන්ට දැලිපිහි දෙනවා වාගේ ගෝත්‍රිකයන්ට ප්‍රජාතන්ත්‍රවාදේ දෙන්න ඕනා නෑ කියා මාතලන් කියන්නේ බොහෝ කලෙක පටන්ය. ඒ කියන්නේ, ජනතා විරෝධි හොර මැරකම් දූෂණ අක්‍රමිකතා කොරන්නෙයි කියා කියනා එක නෙමේය. ඔය මාද්දිය නිදහස, අදහස් ප්‍රකාෂ කිරීමේ නිදහස වගේ දේවල් ඕනාවට වඩා ඕනෑම නැතෙයි කියනා එකය. එහෙම එපා කියා කියුවේ ඇයි කියා අද ඔප්පු වී අහවරය.

මේ ආන්ඩුව කලේ මොනවාද ඇහුවෙත් පෙන්වන්න තියෙන්නේ කොල කෑලි ටිකක් ඉතරය. එකක් 18 ඉරලා හදපු 19 කොලේය. මෙලෝ වෙනසක් නැතිය. ඖෂධ පනතක් කියා කොල කෑල්ලක් ගෙනාවේය. තාමත් මිනී කන ඩොකාලා ලියන්නේ උන්ට ඕනා නමෙන්ය. ඊයේ පෙරේද බෙහෙත් 50 ක් හෙට ඉඳලා අඩු කරනවා කීවේය. පැනඩෝල් පෙත්තත් තාම ඒ ගානමය. තොරතුරු දැන ගන්න කොලයක් ගෙනාවේය. තාම දුන්න තොරතුරක් නැත්තේය. තොරතුරු කෙසේ වෙතත් ප්‍රශ්ණයක් ඇහුවත් හොම්බට අනින සයිස් එකකුත් ඇවිල්ලාය. ඔය පච පත්තර කොල කෑලි වලින් හොඳම එක ඇවිල්ලා අළුත් විවස්තාවක් හදන නාඩගමය.
ඔය මලදානේට මිනිස්සුන්ගේ අදහස් ඉල්ලුවේය. අපේ සමහර බ්ලොග් කාරයෝත්, බ්ලොග් කාරයන්ගේ අදහස් ලියමු කියා යෝජනාවකුත් ගෙනාවේය. මම නම් කිව්වේ ඕවා ලියනවාට වඩා කුණුහබ්බයක් ලියාගෙන ඉන්න එක හොඳෙයි කියලාය. ඒත් ඉතින් රටේම උන්ගේ අදහස් ගන්නවා කිව්වාට 3000 ක්ද කොහෙද පිස්සෝ ටිකක්, අදහස් ඉල්ලපු පිස්සු වාහේලාට උන්ගේ අදහස් දීලාය කියා එයාලා කියනවාය. රටේ ජනම් එක එක්ක ගත්තාම ඒක සෑහෙන ප්‍රථිශතයක්ය. ඕවා වෙන්නේ නැති විගඩම් කියා, හින්ගල, දෙමළ, මුස්ලිම්, මැලේ. ලංසි ඔක්කෝම උන් දන්නවාය.
ඒ මලදානෙන් මේක නිරාගමික රාජ්ජයක් කොරන්නේත් නැතිය. කොඩිය වෙනස් වෙන්නේත් නැතිය. පෙඩරල් දෙන්නේත් නැතිය, සැප වාහන නැතිවෙන්නේත් නැතිය. අවූරුදු පහේ පැන්සොන් එකට කෙලවෙන්නේත් නැතිය. අමුම අමු සුදු අලියෙක් වෙන පලා බබාට කෙලවෙන්නේත් නැතිය. ඒවාට, ඉඩම් බලතල, පොලිස් බලතල දෙන්නේත් නැතිය. ඒ තියා උතුරු නැගෙනහිර එක්කරන්නේත් නැතෙයිම කියනවාය. එහෙනම් යකෝ අපේ සල්ලි වලින් පිස්සු කෙලින්නේ නැතිව මේ තියෙන එකම තිබ්බා නම් අහකය.
Cartoon – Anjana Indrajith

මහා ප්‍රාඥ්ඥයා කියා කියනා නොම්මර එකේ ඩීල් කාරයාට, “දේවාල ගම් පනතක්” චේන්ජ් කරන්න යන එකටත් මල්වත්තේ ලොක්කා කිව්වේ ඔය කතාවමය. ඒ කියන්නේ මැටි මෝල් අම්බරු වැඩ නොකර, සුද්දා දීපූ පනතම ඔහොම තියෙන්න ඇරියාය අහකෙයි කියලාය. මේ ඒ ගොන් ප්‍රාඥ්ඥයා නාගන්නා ලද දෙවන අවස්ථාවය. ඊළඟට මනාප ඉල්ලන කොට පෝස්ටර්වල නාගත් ප්‍රාඥ්ඥයා කියා ගැහුවා නම් තව පිස්සු හරක් ටිකක් වැඩියෙන් මනාප දෙන්නත් ඉඩ තියෙනවාය.

අපේ මහ උන් යාපනේ කෝවිල් වලට ගියාට, විගා නාගදීපේ පන්සලට ගියාට, බෑන් කීන් චූන් දකුණට ගිහින් උතුරට ගියාට, සංහිදියා ඇති වෙන්නේ නැතිය. මරන්න ආපු උන්ට ඔළුව අතගාලා සමාව දුන්නාට. උන් පොත් ලිව්වාට. ඒවා සල්ලි දීලා අරගෙන කියෙව්වාට ඇතිවන සංහිදියාවකුත් නැතිය. අපේ උන් සින්දු ලිව්වාට කවි ලිව්වාට උන්ගේ එකෙක්වත් එහෙම එව්වා කරන්නේත් නැතිය. එහෙම ලිව්වා කියා ඇතිවන රෙද්දකුත් නැතිය. එහේ ජඩමාද්දිය වේදියෝ මේහේ ආවාටවත් මෙහේ උන් එහේ ගියාටවත් ඇතිවන සහජීවනේකුත් නැතිය.
මේ ආන්ඩුව ආපු දවස්වල ඉඳන් කොලේ මහා ජාතිය බල්ලට දමා සුළු ජාතියේ උන්ටයි ලෝක ප්‍රජාවටයි ආතල් දෙන එකය. නැගෙනහිර මහ ඇමතියා නේවී ලොක්කාට බල්ලාට වගේ බනින්නේ මේ ආන්ඩුවේ නෝන්ජල් කම හින්දාය. කැම්පස් එකේ කොහොඹා කංකාරි නටන්න ගොස් ඔළු පලාගෙන කොහොඹා පත්තු බඳින්න වෙන්නේත් ඒ නිසාය. එහෙම කේස් තිබුනත් මහා පරිමානයෙන් දෙමලාට දෙන නිදහසකුත් නැතිය. ඒකෙන් වෙන්නේ, හින්ගල එකා මෙන්ම දෙමළාද ඔරොප්පු කර ගන්නා එකය.
මෙහේ විජේවීර සැමරුවාට, එහේ ප්‍රභාකරන් සමරන්න බැරිය. මෙහේ උන්, අමු ජාතිවාදය දෙරණ, දිවයින් හා රිවිර ඔස්සේ පතුරවද්දි එහේ උන්ට මක්කත් ලියන්න බැරිය. මෙගා පොලිස්, ෆයිනෑන්සොල් සිටි ආයෝජනත් දකුණටම ඉතරය,  උතුරට මක්කත්ම ඇත්තේ නැතිය. මෙහේ, “සිහළුනි නැගිටිව්” කියපු, අනගාරික ධර්මපාල රටේ මහ එක්කෙනාම වඳිද්දි පුදද්ති, එහේ මහ ඇමතියාට “දෙමළුනි නැගිටිව්” කියන්නට බැරිය.
ඕන්න එතකොට එකසත් ජාතියක් ගැන කතා කරන, එක්සත් ජාතික පක්ෂේ ඉන්න රැඩිකල් පෙඩරල් පොරවල් වලටත් මල පනිනවාය. ඇත්ත ඕකය. ඔය සංහිදියාව කියන දේ මේ ළෝකය පවතිනා තාක් කල් හදන්න පුළුවන් එකක් නෙමේය. ඇමරිකාවේ ජනාධිපති කළු උනාට, සුදු පොලිස් කාරයෝ කළු කොල්ලෝ මරන්නේ බල්ලො බළල්ලු මරනවා වාගේය. එහෙම කොරන්න පුළුවන් නම්, සිමෝන් පෙරේස්ලාත් පොරවල්ය. සිමෝන් පෙරේස්ට ලෝක නායකයෝ සැලකුවාට, ඊශ්‍රායල් කාරයන්ට දිරවන්නේ නැතිය. ඒ උන්දෑ පලස්තීනය හා ඊශ්‍රායලය අතර සාමය වෙනුවෙන් පෙනි හිටපු නිසාය. මේ ලෝකය පවතිනා තුරා උන් දෙගොල්ලෝ මරා ගන්නවා කියා බයිබලයේත් තියෙනවාය. ඒ තියා, එකම අල්ලා අදහන, කොන කපපු උන්, සුන්නි, ෂියා කියා බෙදි, බෙලි කපා ගන්නවාය. ඒවා කෙමිකල් වෙපන් ගහලාවත්, ඔබාමාට තියා මහා ලොක්කෙක්ය කියනා පුටීන්ටවත් නවත්තන්න බැරිය.
Cartoon – Awantha Artigala

අපේ වාහේලාටත් වෙලා තියෙන්නේ ඒකය. අනෙක් ජාතියකට සලකන්න කලියෙන් ආදරය කොරන්න කලියෙන් තමන්ගේ එකාට ආදරේ කොරන්න ඕනාය. ඔය සිරිසේන ලොක්කාට වෙලා තියෙන්නේත් සිමෝන් පෙරේස්ට උන දේමය. හැම දේටම සද්දේ වහලා, එක එක හාල් පාරුවෝ මාද්දිය සාකඡ්චා වලට එවලා හරියන්නේ නැතිය. ඒ එන උන්, එක කතාවක් කියන්නේ නැතිය. උන් කියන්නේ එක එක කතාය. ඔක්කෝම කරන්නේ අමු බොරුවය. බුද්ධාගමේ හින්ගල එකාටත්, දෙමළාටත් ඉතරක් නොව ලෝකයටත් කරන්නේ බොරුවය. ඒවායෙන් වෙන්නේ මිනිස්සු බය කරන්න පුළුවන් උන් දිනනා එකය. ලෝකයේ හැමදාම දින්නේ, බොරු කියා මිනිස්සු බය කරන්න පුළුවන්, කතා ගොතන්න පුළුවන් උන්ය. ආගමික ශාශ්තෘවරුන් මෙන්ම ජනප්‍රිය නායකයෝ සියල්ලම එහෙව් අයය. විගා කරන්නේත් මහින්ද කරන්නේත් ඒ දෙයය.

ආන්ඩුවේ උන්ට දෙවන නොවන බුද්ධි අංශයකුත්, පිස්සු කෙලිනා පොලිස්පතියෙක් ඉන්න මඤ්ඤං පොලීසියකුත්, අඩු පාඩුවට තියෙන්නේය. වව්නියාවේ හින්ගල ගමකට මහ රෑ කව්දෝ සෙට් එකක් ඇවිත් එහෙන් යන්නෙයි කිව්වාය කියා එකම කේස් එකක්ය. ප්‍රශ්ණය විසඳන්න එන්නේ මහින්දලාගේ කටු කෑ එකෙක් වන, භාරත ඝාතනයට බෙල්ලට තොන්ඩුව වැටුන, කුඩු දුමියාට කොටින්ගේ T-56 ක් දුන්, පොලිස් ලොක්කෙක්ය. ඒ යකා සල්ලිවලට ඕන ගූ වැඩක් කරනා එකෙක් බව කියන්නේ, අපි නොව පොලීසියේ උන්මය. කොහොම හරි එලිවෙන කොට අළුත්ගම ගිනි තියපු නානසාරලා මෙන්ම විමල් වීරවන්සලාගේ බුදුන් වන, මහා රාවණා උන් වහන්සේත් වව්නියාවට වැඩලාය. අද රහතුන් නැතෙයි කියා සම හරක් කියන්නේ අමු කෙප්ප කියා මෙයින් ඔප්පු වෙනවාය. අපේ උන්ට මක්කා හරි වෙන්න යනවා නම් උන් වහන්සේලාට දිවැසින් පෙනි, එර්දියෙන් එවෙලේම අහසෙන් වඩිනවාය. ආන්ඩුවේ පුක නැති වෙන්නේ අළුත්ගම වගේ කේස් එකක් හෙම ගියානම්ය.
එතකොට ගොනෝ තෝ කියන්නේ “සංහිදියාව” ඇති කරන්නම බැරි එකක්ද කියා සම හරක් මාතලන්ගෙන් අහන්න ඉඩ තියෙනවාය. මාතලන් නම් එදා ඉඳලාම කියන්නේ, “සංහිදියාව”, සංහිදියාවෙන් නම් ඇති කොරන්න කවර කවදවකත් බෑ කියලාය. සංහිදියාව ඇති කල යුත්තේ එක්කෝ ගේමෙන්ය. එහෙම නැතිනම් තද බල නීතී රීති මගින්ය. මහින්ද මහත්තයා කොටියා මෙන්ම තම්බියාද, හියංගලයාද, සරෙන්ඩර් කරගෙන උන්නේ ගේමෙන්ය. ඒක එච්චර හොඳ එකක් නෙමේය. එතකොට බලය තියෙන උන් පිච්චු කෙලින්න පටන් ගන්නවාය. එහෙත්, තද බල නීතී රීතී මගින් ඇති කරන සංහිදියාවට පැවත්මක් ඇතිවාක් මෙන්ම පිලිගැනීමක්ද ඇත්තේය. උදාහරණ ලෙස, ඇමරිකාව, ඊශ්‍රායලය, ඉන්දියාව මෙන්ම, හැම රෙද්දටම උදාහරණයකට ගන්නා සිංගප්පූරුවද තිබෙන්නේය.
අපේ උන් කියන්නේ මේක සිංගප්පූරුවක් කොරනවා කියලාය. අපි කියන්නේ එහෙම කොරනවා නම්, සිංගප්පූරුවේ මුලින්ම කොලේ මොකක්ද කියා හොයා බලන්නේයි කියලාය. එහෙම දරුණු නීතී රීති ගෙන ආ විට, රට වනසන ජඩමාද්දියවේදින් ඉන්නා, දෙරණ, දිවයින හා රිවිරටත්, මහින්ද ප්‍රමුඛ හිංගල ජාතිවාදීන්ටත්, සිවුරු පුකටත් එහා උස්සාගෙන ඩාන්ස් දානා හාන්දුරුවන්ට ඉතරක් නොව, මහ කොටියා වෙන්න දඟලන විග්නේෂ්වරන්ලාටත් පිස්සු කෙලින්න වෙන්නේ හිර ගෙවල් ඇතුලේ මිස එලි පහලියේ නම් නොවේය.
ඒ නිසා අපි කියන්නේ, මෙලෝ රහක් නැති වියවස්තා ගෙනත් ජනතාව හා ලෝකයා රවට්ටන්නේ නැතිව, මෙලෝ දෙයක් නොකරන එකේ, අඩුම ගානේ මේ නීතී රිතිවත් ගෙන එන්න කියලාය. එහෙම කොරන්න බැරි නම්, ජාතිවාදි කල්ලි රට ගිනි තියන දිනයද වැඩි ඈතක නම් නොවේය. ඉන් පස්සේ ඉතින්, හැමදාම කොලා වගේ, අශ්වයා පැන ගියායින් පස්සෙ ඉස්තාලය වසා දමා, පුකේ පැස්ටෝල් ගහපු බල්ලා වගේ ආතක් පාතක් නැතිව දුවන කොට, ආයෙත් පාරක් පුල් ඇක්ෂන් වෝ ගෙම් එකක් බලන්න නම් චෑන්ස් එකක් එනවාමය.

උතුරේ ජනතාව “පදිංචි කිරීම” ගැන විගා ගෙනෙනා තර්කය සාධාරන වනවා සේම, “පදිංචි වීම”ට නම් විරුද්ධ වීමේ කිසිම අයිතියක් ඔහුට ඇත්තේ නැත. එමෙන්ම උපන් දා සිට කොළඹ උන් විගා නොදන්නවා උනාට, 83 ට පෙර උතුරේද, විශේෂයෙන් යාපනයේද, හින්ගල හා මුස්ලිම් ජනගහනයක් ජීවත් වූ බව සියල්ලෝම දන්නවාය. දෙමලාගේ නැවත පදිංචිය මෙන්ම, ඒ ජනතාවගේ ඉඩම්ද ඔවුන්ට නැවත ලබා දිය යුතුය.

කෙසේ වෙතත් පන්සල් ඉඳිකිරීම ගැන කී දෙයට නම් අපෙත් ප්‍රණාමය විගාට හිමි වෙනවාය. ඕවා ඉඳිකරලා ඔහේ තියෙනවානම් කිසි අවුලක් නැතිය. කරුමේ තියෙන්නේ ඉන් පස්සේ ඔතන ලව්ස්පීකර් ඉස්තාපනය කොරනා එකය.එය උතුරට පමණක් නොව, දකුණටද මළ කරදරයක් වී ඇත්තේය. මාතලන් නම් කියන්නේ පන්සල් තියා වෙන කිසිම ආගමික ඉස්තානයක් අළුතෙන් ඉඳිකිරීමට රජයෙන් අවසර නොදිය යුතුය කියලාය. පන්සල් තුන හතරකට දන් දෙන්න ගියාම, අන්තීමට අපිට වෙන්නේ, උන්ට දන් දීලා, අපේ බඩේ බත් නැතිව උඩ බලාගෙන ඉන්නය.

ඒ වගත් මෙසේය..
සිංගප්පූරුවේ කලේ මොකක්ද කියා දැන ගන්නම ඕනා නම්, පහල ලින්ක් එකෙන් ගිහිල්ලා කියව ගත්තාට පාඩුවක් නම් වෙන්නේ නැතිය..

Sedition Act (Singapore)

කයි පද වලට කැමති නම් මේකේ කයි වර්සොන් එක මෙතනින් කියවන්න..

රෙද්දේ සංහිදියා – Intractable Coexistence-සියළු අදහස් හා හිමිකම් බ්ලොග්කරු සතුය.

http://maathalan.blogspot.co.uk/2016/10/reconciliation-over-racism.html

Related Posts

1 Comment

  1. Florence October 22, 2016 at 9:58 am - 

    You co’nuldt pay me to ignore these posts!

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල