කාලීන සංවාද

කුණු වලින් නා ගන්නා පාලකයෝ – Poor Waste Management

Off
අම්මට සිරි ලංකාවේ තරම් ආත්මාර්තකාමි ජනතාවක් මේ විශ්වයේ කිසිම රටක ඉන්නවාදෝ කියා සිතෙන්නේ අප එදිනෙදා දකිනා දේ නිසාය. එය අපේ රටේදි පමණක් නොව පිටරටකදි මීටත් වඩා හොඳින් බලා ගන්නට පුළුවන. එසේ වීමට ප්‍රධානම හේතුව නම්, කිසිම හැදියාවක් නොමැති කමයි. නිදහස් අජ්ජාපනයක් කියා දෙයක් හඳුන්වා දී හැම එකාටම අජ්ජාපනයක් දුන්නද එයින් කිසිම සංවර්ධණයක් රටට ලැබුනේ නැති අතර, එයින් ඵලප්‍රයෝජන ලබා ගන්නේ වෙනත් රටවල උන්ය. මෙහේ ඉන්නා පිරිසගේ මාන්නය ඉහටත් උඩින් තිබෙනාතර, මහාචාර්යවරයාගේ සිට ගමේ රස්තියාදු ගහන එකා දක්වා, කිසිම හැදියාවක් උගන්වා නැති, කිසිම හැදියාවක් නැති, පිරිසක් මුළු රටේම සිටින්නේය.

වීඩියෝ – අද දෙරණ නාලිකාව

අපේ රටේ අජ්ජාපනයේ මුල සිටම උගන්වන්නේ පිම්මේ දුවන “තරඟකරුවන්” පිරිසක් බිහි කිරීමයි. එයින් බිහි වන්නේ “තරහකරුවන්” පිරිසක් පමණි. උන් අනෙකාටද, රටටද, කොටින්ම දරුණු පීඩනයක් ලබාදෙන දෙමව්පියන් සමඟද, දරුණු වෛරයකින් සිටින පිරිසකි. උන් උන්ගේ වෛරය පිට කරනු ලබන්නේ තමන්ගේ දරුවන්ගෙන් හා සමාජයෙනි.
එසේ වන්නේ සෑම තැනෙකම ඇති කළමණාකරනය පට්ට ෆේල් නිසාවෙන් මිස වෙන කිසිවක් නිසා නොවේය. සුද්දා ගෙනගිය කළමණාකරනයට අනුව රට නිසි මඟක ගමන් කලද, වැඩවසම් චින්තනයක් සහිත පිරිසකට 56 දී ඉඩ දීමත් සමඟම, රට බල්ලාටම ගියේය. අද අප අපේ කසළ ටිකවත් කළමණාකරනය කර ගැනීමට නොහැකි ආඩම්බරකාර ජාතියක් බවට පත්ව ඇත්තෙමු.
එසේ වන්නේ ඇයි? ප්‍රධානම හේතුව රට පළණය කරන්නේ අමු හරකුන් පිරිසක් බැවිනි. සමහරක් පුකේ අමාරු තියෙනා උන් මේ සෑම දෙයකටම විසඳුම් ගෙන ආවද, ගොබ්බ පාලකයන් ඒවා පයිසෙකට ගනන් ගන්නේ නැතිය. බ්ලොග් කරුවන් ලෙස අප දන්නා හොඳම උදාහරණය, අපේ දොස්තර සරත් විමලසූරිය නිපදවූ අලි එලවන යන්තරේය. ඒ ගැන දැණුම්වත්ව, ඉන් ඵලප්‍රයෝජන ගන්නා පිරිසක් වෙනම වූවද, අහිංසක ගම්වාසින් නිතිපතා අලින්ගේ ගොදුරු බවට පත්වීම තුරන් කර ගත හැකි මේ අගනා නිශ්පාදනය ගැන සමහර විට මේ හා සම්බන්ධ නිළධාරින් හා පාලකයන් මෙලෝ හසරක් නොදන්නවා විය හැකිය. එක්කෝ දැනගෙන නොදන්නවා වාගේ ඉන්නවා ඇතිය. ඒ අපේ අති සෙරේස්ඨ ජාතියේ හැටිය. සිරි ලක දේ සිරි සැප දේ කියන්නේ බොරුවටය. සුද්දා හදලා දුන්නා නම්, කොමිස් කුට්ටියකුත් එක්ක, අලි නැති පැති වලටත් මේවා දාන්න ඉඩ තියෙනවාය.
මීතොටමුල්ලේ කුණු කන්ද ජාතික ප්‍රශ්ණයක් වී බොහෝ කල්ය. කොළඹ සුර පුරයක් කල ඝෝඨාභය උනත් කලේ, හැමෝම කරනා දෙයමය. උන්නැහේ කොළඹ සුර පුරයක් කොලේ මීතොටමුල්ල අවීචි මහා නරකාදිය කරලාය. එයාලා හිතුවේ කොළඹ හතේ අය ගැන ඉතරය. කොළඹ 7 සුර පුරයක් උනාට මීතොටමුල්ල ඉතරක් නොව කොළඹ 12 ද අපායක්මය. එක හේතුවක් වන්නට ඇත්තේ, ඒවායේ ඉන්නේ මුඩුක්කු කාරයෝ නිසාය. අනෙක් හේතුව අති බහුතරේ සුළු ජාතිකයන් වීමය. හැම පැත්තෙන්ම “සුළු උන්” වන නිසා උන් සදා සොත්ති බවන්තුතේය.
එයාලා ගිහින් මෙයාලා ආවාම මරික්කාර් කියලා සිරසේ පච කෙලිනා එකෙකුයි, මුසම්මිල් කියනා නගරාධිපතියායි කිව්වේ කුණු ජපනාට දීලා මාස තුනෙන් ප්‍රශ්ණයට විසඳුම් දෙනවාය කියලාය.  එහෙම කියලා ටයි කෝට් දාපු ජපන්නු දෙන්නෙක් තුන් දෙනෙකුත අරගෙන ඇවිත් පොඩි ඩ්‍රාමා කෑල්ලකුත් දැමුවේය. ඒ උනාට තවමත් කුණු ගොඩ් නම් එතනමය. අරුන් දෙන්නා හොයා ගන්නත් නැතිය.
මුන් ඡන්දේ දින්නෙත් කුණු ගොඩෙන්ය. ඊළඟ ඡන්දෙටත් ඕකෙන්ම ගොඩ එන්න සම හරක් විට ඔහොම්මම තියෙන්න අරිනවාත් වෙන්න ඇතිය. මොකෝ, අපි මේක කොලා අරක කොලා කියා කියන්න දෙයකුත් නැති නිසා, කුණු ටික අයින් කරන්න බැරි උනොත්, මම ඕක කනවා කියා ජනතාව කොර වෙන ටෝක් එකක් දීලා ආයෙත් ගොඩ යන්න පුළුව්න් හන්දාය.
කලින් ඕක පුත්තලමට ගෙනියන්න ටෝකක් දුන්නේය. ඒ ඝෝඨාගේ යෝජනාවක්ය. ඊළඟට දැන් කොරන්න හදන්නේ ඒකලට ගිහින් දාන්නය. ඊයේ, ඒකල ඉන්න එකාලා මෙකාලා ඔක්කෝම එකතුවී පාරට බැස්සේය. උන්ගේ පිහිටෙන් ලකුණු දාගන්න ආ ප්‍රසන්න රණතුංගත් නිකන්ම කුණු හූවකුත් අසාගෙන ඉල්ලගෙන කෑවේය. කෙසේ වෙතත් ඒ මිනිස්සුන්ගේ උද්ඝෝෂණය අන්තීම සාධාරනය. ඒ වාගෙම බදුල්ලේ කුණු ගොඩට කව්දෝ හරකෙක් ගිනි තියලාය. නඟර සභාවේ ඉන්නා මෝල්ලුන්ගේ මොළයේ තරම එයින්ම පේනවාය. කුණු කන්ද ගැන ටී වී එකේ පෙන්නුවාම, උන් කලේ කුණු කන්දට ගිනි තියනා එකය. එයින් කොතරම් හානියක් පරිසරයට වෙනවාද යන්න මේ එකෙක්වත් දන්නේ නැතිය.
මුන් කසළ කළමණාකරනය ගැන අනෙකුත් කළමණාකරණයන් ගැන වැඩමුලුවලට යැව්වාම කරන්නේ බඩු ගහනා එකයි ෂොපින් යන එකයිය. ඉන් පස්සේ ෂොපින් කරපුවයි එයාර් පෝට් එකෙන් විස්කියි මලු වල පුරවාගෙන එනවා මිසක්ක ඔලු ගෙඩි ටික එහෙම්මමය. ඒ කියන්නේ අමු ගොමය. මේ ප්‍රශ්ණය ගැන නොම්මර එකේ ගොන් ටෝක් දෙන මහ ඇමතිවරු දෙන්නාම කතා කරන්නේ කුණු ගොඩ වෙනත් තැනකට ගෙන යන එක ගැන මිසක්ක කසළ කළමණාකරනය ගැන හෝ කසළ ප්‍රතිචක්‍රියකරණය ගැන නෙමේය. එහෙම ඒවා මුන් අහලාවත් නෑ කියා උන්ගේ ශරීර දැක්කාම හිතා ගන්නට පුළුවන්ය.
ඒ කියන්නේ මහ ඇමතිවරු ළඟ තියෙන්නේද සාමාන්‍ය මනුස්සයා ළඟ තිබෙනා තියරිය මිසක් වෙන සොලියුෂන් එකක් නෙමේය. ඒ කියන්නේ තමන්ගේ කුණු ගොඩ අනික් එකාගේ වත්තට දමනා එකය. මේ කාළකන්නින්, මේවා ඉගෙන ගන්න රට පටවා මුදල් කාබාසීනියා කරනවාට වඩා, නිසි ලෙස කසළ ප්‍රතිචක්‍රිය කරනා වැඩ පිලිවෙලක් පවත්වා ගෙන යන බලංගොඩ ප්‍රාදේශීය සභාව පැත්තේ වත් යවනා එක මුළු රටටම යහපතක් වෙනවාය.
කුණු ගොඩවල් තැන තැන ගිහින් දාලා හරි යන්නේ නැතිය. කළ යුත්තේ කසළ වර්ගීකරණය කොට, වෙනෙ වෙනම බඳුන් වලට බහා ප්‍රතිචක්‍රීයකරණය කිරීමය. එයින් වගාවට අවශ්‍ය පොහොර ලැබෙනවා පමණක් නොව, රැකියා පවා බිහි විය හැක. කොටින්ම මේ කිසිවක් නොදන්නා කාළයේ ජීවත්වූ, බෝතල් පත්තර කාරයන්ට මෙන්ම, පරණ කෝට් කාරයන්ටද හොඳ කලක් උදාවිය හැක. කුණු කියන්නෙ හොඳ ආදායම් මාර්ගයකි. එහෙත් මේ කාලකන්නි කරන්නේ, කුණු කොහේ හරි ගිහින් දානා එක කාට හෝ දී, ජරාව කෑම පමණි.
පට්ටම සීන් එක කියන්නේ රටේ පරිසරය බාරව ඉන්නේ රටේ නායකයාය. එහෙත් ඩෙංගු උවදුරද, කැළෑ කැපීම්ද, අනවසර මැණික් පතල් හෑරීමද. වැලි ගොඩ දැමීම්ද පමණක් නොව ඝෝඨා පිරිසිඳුව තබා ගත් කොළඹ නගරයද අද එකම කුණු ගොඩක්ය. තමන්ගේ අමාත්‍යශයේ වගකීම් ඉටු කර ගන්න බැරුව රටක වගකීම් දරන්නේ කෙසේද යන්න අපි වාගේ ගොන් හරකුන්ට මෙයින්ම තෙරුම් ගන්නට පුළුවන්ය. හැම දේම කරන්නේ පුකටම කෙල උනාට පසුය. බදුල්ලේ ගිනි නිවන්න හෙලිකොප්පර ඇරලා හරියන්නේ නැතිය. ඕක ගිනි තියපු එකා සොයා ඌට දඬුවම් කළ යුතුය. එමෙන්ම කුණු ගොඩ තව තැනකට පටවා පැලැස්තර අලවන්නේ නැතිව, කුණු සඳහා ජාතික ප්‍රතිපත්තියක් වහාම ඇති කළ යුතුය.
කුණු ටික කළමණාකරනය කර ගන්න බැරිව, මෙගා පොලිස්, ෆයිනෑන්සල් සිටි තියා තව්තිසාව මැව්වත් වැඩක් නැතිය. මොකෝ තව්තිසාවට එන්න වෙන්නේ නහය අකුලාගෙන නිසාමය. එයාර්පෝට් හයිවේ එකේ ඇවිත් පෑලියගොඩින් බේස්ලයින් පාරට දානා කොටම එන කුණු ගඳ දෙමටගොඩ සමන්තා එක හරියට එනකල්ම හොඳට දැනෙනවාය. ජයවර්ධනපුරටත් එසේමය. මේවායෙන් ඇති වන ලෙඩ රෝග ගැන කවර නම් කතාද, මීතොටමුල්ලේ උන් සුවාසේ හැදිලා මැරෙණවාට වඩා කුඩු ගහලා මැරෙණ එක් සැපයි ඕයි කියා කුඩු ගහන්නේ ඒ නිසා වෙන්නත් ඇතිය.
-සියලු හිමිකම් බ්ලොග්කරු සතුය. කාටුන් – අවන්ත  ආටිගල

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල