කාලීන සංවාද

බදුල්ලේ කුණු කතාව

42

මේ සටහන ලියන විටත් කුණුගොඩෙන් එන මහා කර ගඳ නැහැයට දැනේ. බදුල්ලේ කුණුගොඩ පැසවන්නට පටංගත්තේ පහුගිය මහරජ්ජුරුන්නාන්සේගේ කාලයේය. එතුමානෝ, නෝනානෝ, බේබියානෝ, සිරිපාලයානෝ, ඩිලානයානෝ ඇතුළු සෑහෙන දෙනෙක් ඒ කාලේ බදුලු ආවේ හෙල්ලිකොට්ටඋරෙන්මය. නැත්තං පාරෙ ටැපික් වැඩිවෙනවාය. ඔය හෙල්ලිකොට්ටර බාන්නේ මේ කුණු ගොඩට යාබදවම ඇති පිට්ටනියටය. ඉතිං උඩිං බහින රජ්ජුරුවන්ට මේ කුණුගොඩ දැකලා කේන්ති ගෙහුං “වහාම මේක අහක්කරපිය” කියා ලොක්කන්ට සැල්ලෙක දැම්මේය. යකෝ කුණුගොඩක් ගාවට බෑහැක්ද මහේශාක්ය රජෙක්ගෙ හෙලිකොට්ටරයක්. ඉතිං අක්කර ගානක් විසාල මේ කුණූගොඩ කොහාට හෝ කොරන්ඩම ලොක්කන්ට උනේය. ඉතිං ඒකට ඉඩමක් වෙන්කරගන්න ඕනැ නිසා හනික මැනුං දෙපාර්තමේන්තුවට කෝල්ලෙකක් දුන්නේය. අපේ ලොක්කෝත් රජ්ජුරුවන්නෙ ඕඩස් නිසා පහුවදාම මනින්න ලැහැත්තිවුනේය. මුලින්ම මේක ගෙනිහින් දාන්න ලැහැත්ති වුනේ නගරයටත් වඩා උසින් පිහිටි ‘කැන්දගොල්ල’ දිහාවටය. එගම වාසීන් කොතරං මහරජ්ජුරුවාදීන් වුනත් මනින්න ගිය අයට දෙන්ඩ ආවේ කැති පොලු අරගෙනය. අපේ එවුං යංතං පණ බේරං වෑන්නෙකත් අරං පැනගත්තෝය. එගම් වාසීන් නුවනක්කාරයෝය. ඒ ගමට මේ කුණුගොඩ ගෙනිහිං දැම්මානං වැස්සක් ආ සැනිං ජලමූලාශ්ර බරගානක් දූෂණය වෙනවා සත්තයිය. ඉං පස්සේ තවත් ගමකට කුණුගොඩ ගෙනියන්න හැදුවත් එගම වාසීන්ද කැති පොලු ගෙන සිය ගම රැකගත්හ.

ඒ ගමන කුණු ගොඩ එතැනම තියෙන්න අරින්න විය. කොටසක් උඩිං බහින රජ්ජුරුවන්ට නොපෙනෙන්න යංතං පස් දමා වැසීය. සමහර කාලවලට ඔය කුණු ගොඩ අවුස්සා පොලිතින් හොයා පුච්චයි. එදාට අපේ ගෙවල් පැත්තෙ ඉන්න බැරි තරං කුණු ගඳය. රජ්ජුරුවෝ ගියායිං පස්සේ කාටවත් කුණුගොඩ ප්රචශ්ණයක් නැතිවිය.

ඉං පස්සේ ඊයෙ පෙරේදා මේ අවට ඩෙංගු වැඩිවුනේය. ඒවට හේතුවත් නගර සභාවේ ගොං වැඩය. රුපියල් දාහට දෙදහට අල්ලසට ඇල දොලවල් උඩත් ගෙවල් හදන්න අවසර දුන්නේය. දැං බදුල්ල ටවුමෙත් වතුර බහින්න තැනක් නැත. අපේ ගෙදරට පාරෙං එහා පැත්තේ ගොං හරක් උංගේ ගෙදර කුණු ගෙනත් පාරේ අපේ ගෙවල් පැත්තෙන් දමති. උංට වැරැද්ද කියන්නට ගොස් මගේ රීරිමාංස කන්න ආ බැවින් මං ආයේ කියන්න ගියේ නැත. උං හිතන හැටියට පාරෙං මෙහා පැත්තේ කුණු දැමූවිට ඒවායේ හැදෙන මදුරුවෝ කන්නේ අපේ ගෙදර අයයි. නමුත් දිට්ඨදම්ම වේදනීය පලදීමෙන් උන්ගේම ගෙවල්වල උන්ට ඩෙංගු හැදුනේය. ඒ වගේ හරක් නිසාත්, නගර සභාවේ පෙරේතයෝ නිසාත් ටවුමේ ඩෙංගු වැඩිවෙලා ඇත. මේ වැස්ස නැති ඉඩෝරය කාලේ මෙහෙම නං වැස්සොත් කොහොම හිටීද?

මේ අල්ලපනල්ලේ මිනිස්සුංගේ ගෙවල්වලට පැන වතුර පිරෙන තැං අල්ලා හොඳ දඩ ගැහිල්ලක් ගහන්නට නගර සභාවේ ගොං මොල තීරණයක් ගත්තේ ගිය සතියේය.බොරදියේ මාලු බෑමට පෙර තමුන්ගේ කුණු ගොඩ සුද්ද කරන්නට ගත්තේ නියම තීරණයකි. නැත්තං මිනිස්සුන්ගේ ගෙවල්වල පරීක්ෂා කරන්න ගිය කල මිනිස්සු නගර සභාවේ කුණුගොඩ පෙන්නා නගර සභාවේ උන්ට බැණවදිනවා සිකුරුය. එනිසා සිම්පල් ඇන්ඩ් ඇමේසිං තීරණයක් නගර සභාවේ අය ගත්තෝය.

 

උං කුණූ ගොඩ වටකර ටකරං ගසා ඒක ඇතුලේ ගිනි තිබ්බේ එක රැයිං දවා අලුකරන්නං කුණු ගොඩ කියාය. දැවිතෙල් ලීටර් කීපයයි ගිනිකූරයි විතරයි වියදම. වැඩේ වැරදුනේය. කුණුගොඩ හෝ ගාලා ඇවුලුනා වෙනුවට හෝ ගාලා දුං දැම්මේය. එතැන තියෙන පාරම්පරික කුණු, ඉටිකොල, ප්ලාස්ටික්, පරණ බෙහෙත්, විෂ රසායනික, සියල්ල රත් වෙවී වාෂ්ප වෙවී දුං දැම්මේය. මුළු ටවුමම වසා ගත්තේය. කරපු ගොංකම ඇතුන් දමාවත් අදින්න බැරි විය. පහුවදා උදේ වනවිට අපිට ගෙයිවත් ඉන්න බැරිය. හුළගෙන් ඒ මේ අත කරකැවූ විෂ දුමාරය අපේ පෙනහළු පුරවා දැම්මේය.

දවල් දහය වනවිට නගර සභාව මුලින්ම කලේ තමුංගේ වැරැද්ද වහගැනීමය. පීකරේ කැබ් එකේ බැඳගෙන අපූරු නරිවාදමක් කියාගෙන ගියේය.

“අපි අපූරුවට තියං හිටි කුණු ගොඩට කඩාපක්කල්කාරී ලෙස ගිනි තබා ඇත. අනේ ගිනි තිබ්බේ අපිනං නෙමේය. ඒ වුනාට මේකෙං අපහසුතාවට පත්වුන අය හිටීනං මුකආවරණ දාගන්නය. හුස්ම ගන්න අමාරුයි නං ඉස්පිතාලෙං බෙහෙත් ගන්නය. අන්න එතන සියලු පහසුකං සලසා ඇත. ඉස්තූතියි”

නමුත් ඒක රෙද්ද පල්ලෙං බේරුනේය. අන්තිමට හෙලිකොට්ටර ගෙනැත් වතුර ඉසින තැනට වැඩේ ඇදුනේය. තවපොඩ්ඩෙං කැති පොලු ගන්නේ මහියංගනේ මිනිස්සුය. ඒ තොපේ ගින්න නිවන්න ලොග්ගල්ලා ඔයත් මාපාකඩත් හිඳිනවා කියාය. අපි කැමරා මානාගෙන හෙලිකොට්ටරෙං ලබ්බට පුරෝගෙන ඇවිත් වතුර ඉහිනවා පොටෝ ගත්තෙමු. වීඩියෝ කොලෙමු. බුකියටද දැම්මෙමු. අද උදේ විතරක් වතුර ඉහලා හෙලිකොට්ටර දෙකම ගියේය. අපිට හෙනම දුකයි.

නමුත් කුණු ප්රවශ්ණය ඉතිරිය. නගර සභාවේ ලොක්කන්ට වඩා කුණු කළමනාකරණය ගැන දැනුමක් කුණු ටැට්ටරේ කොල්ලන්ට ඇත. උං ටැට්ටරේ කොටස් වෙංකරගෙන කඩදාසි කාඩ්බෝට් වෙනමද, බෝතල්, යකඩ වෙනමද වෙන්කරගෙන ඒවා බෝතල් පත්තර කඩේට දී ආදායමක් ගනිති. ඉලෙක්ට්රො නික් බඩු තිබ්බොත් ටැංකිය ගාව පාරිස්ට දෙයි. එහෙම ගත්තු හොඳ ට්රාඩන්ස්පෝමර් දෙකක් පාරිස් මට දුන්නේ එකසිය පනහකටය. ඉතිං ටැට්ටරේ කොල්ලො සෙට්ටෙකට හිස නමා ආචාර කරමු.

දැං කළ යුත්තේ කුණුගොඩ අවුස්ස අවුස්සා විජ්ජා නැටීම නොව ඒක කොතැනකට හෝ විධිමත්ව බැහැර කිරීමය. මෙදාපාර කුණු ගොඩට ගින්නෙං බේරා ගැනීමට වියදං කල මුදල ක්රැමවත්ව ආයෝජනය කලා නං කුණුගොඩෙං බදුල්ල මුදවා ගන්නට තිබුනි. සමහර විට මේ කුණුගොඩ කොළඹටම අද්දවා පෝට් සිටියටම යට කරන්නට තිබුණි.

ලොක්කන්ගේ රට යෑම ගැන මාතේ කියා තිබුණ නිසා මේකත් කියමි. දැං බදුල්ලේ පලාත් සභාවෙ ඉන්න මඩුල්ලෙන් රියදුරෝ කා.කා.සලාගේ පටන් සියල්ලම සභාවේ වියදමිං රට ගිහිං ඇත. තායිලන්තේ ගිහිං පත්තායා වේ නටපු නැටුං අපිද දන්නෙමු. ඔය පලාත් සභාවෙන් රට නොගිය අය මං දන්නා තරමිං සමන්ත විද්යාාරත්න සහ තවත් අයෙක් පමණි. රට ගිය එවුන් පුහුණුවී ඇවිත් කරන වැඩ දුටු විට හිතෙන්නේ පිටරටවල එවුන්ට පිස්සුද කියාය.

මේ සටහන ලියුවේ මාතලන්ගේ ලිපියට ඌනපූර්ණයක් ලෙසය. මේ කොමෙන්ටෙක උපුටා ඕනැ අහක පළකලාට කිසිම තරහක් නැත. මං ලියුවා කියා ලියන්න ඕනෑත් නැත. මාතලන් මෙවැනි දෙයක් කතා කලාට මෙන්න මගේ ආචාරය. (තොප්පිය අතට ගෙන ජපනෙක් මෙන් දෙකට නැමී ආචාර කරමි)

 

සුරංග රන්ජිත් විසිනි

Related Posts

42 Comments

  1. Dinusha October 13, 2016 at 7:17 am - 

    මේ කුණු වෙන කොහෙහරි ගිහින් දාන එක විසදුම නෙමෙයි. මේ රටේ කුණු ප්‍රතිචක්‍රීය කිරීම පටන් ගන්න කන් මෙයට විසදුමක් නැත . පාරේ හිතෙන හිතෙන තැන් වල කුණු දාන මිනිසුන්ගෙන් දඩ ගෙසිය යුතුය . කුණු වෙන් කර දැමීමට වෙන් වෙන් භාජන පාරවල් වල තිබිය යුතුය.කුණු ගෙනියන්න දිනපතා නගර සභාවෙන් ආ යුතුය. ඔවුන් කුණු ගෙනිහින් වෙන තැනක නොදා කුණු ප්‍රතිචක්‍රීය කළ යුතුයි . රජය විසින් කරන්නට කොතෙක් දේ තිබුනත් , කරන්නේ කුණූ වෙන තැනක දාන එකයි .

  2. Jonni October 22, 2016 at 10:12 am - 

    Thanks guys, I just about lost it lokoing for this.

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල