අතීතකාමය

ගුරුවරු

3

මම පහ වසරෙදි පන් තියේ අන්තිමයා.. ඉංග්‍රීසී මිස් පන්තියට ඇවිත් ආයුබෝවන් කියන්න කලින් කිව්වෙ චරිත් පන්තියෙන් එලියට පලයන් කියලා.. ඒ තරමටම චරිත් මාරම අවුලක් වෙලා තිබුණා පන්තියට..බොහෝ දුරට මිස් එනවත් එක්කම මම එලියට ගිහින් ඉන්න එක මගේ පුරුද්ද වෙලා තිබුණා..

මට විරුද්ධව ගොනු කරලා තිඹුන ෆයිල් එක වගේ තඩි ෆයිල් එකක් තමන්ගේ සේවා කාලේ ඉතිහාසයටම දැක්කේ නෑ කියලයි ප්‍රින්සිපල් මට කිව්වේ ඉස්කෝලෙන් අයින් උන දවසේ.. අවසාන අවවාදයට දුන්නෙත් පුලුවන්නම් සමාජෙට වදයක් නැතුව ඉදහං කියලා.. පහවසරේ පන්තියෙන් පන්තිබාර ගුරු තැන මාව පන්තියට ගන්න බෑ කිව්වා..අනිත් ලමයින්ගේ අම්මලා මම ඉන්නවට අකමැති ලු…

ඇත්ත ඒක..දෙමාපිය රැස්වීමෙදි මාල වලලු මුදු කරාබු දාපු අම්මලා කෝට් බූට් දාගත්තු තාත්තලා .. බාට දෙක දාගෙන ඉස්කෝලෙට ආපු මගේ තාත්තගේ මූණටම කිව්වා ඔහේගේ පුතා මේ පන්තියේ ඉන්නවට අපේ කැමැත්තක් නෑ කියලා.. තාත්තාකෙනෙක් කොච්චර අසරණ වෙන්න ඇත්ද.. අවසානේ මම පන්තියෙන් ඉවත් කලා

.. මාව ගන්න පන්තියක් නෑ… තාත්තා මාත් එක්ක ප්‍රින්සිපල් හම්බවෙන්න පඩිපෙල බැස්සා.. ” මිස්ට පරණවිතාන ” පොඩ්ඩක් නවතින්න. මිස් කෙනෙක්… කතාකලා.. තාත්තා නැවතුනා..ඔය ලමයා මට දෙන්න මම හදන්නම්..මම පහවසර b class teacher . හැමෝම පයින් ගහලා විසිකල ජීවිතයකට ප්‍රානය පෙව්වේ එහෙමයි..ඒ අපේ මිස්… මිස් ගොඩාක් දුප්පත් .. මහත්තයා රිය අනතුරකින් මැරිලා තිබ්බා..

සතියටම මිස් ඇන්දේ පාට දෙකයි. රතු කලු සාරි දෙකක්.. සමහර දාට මිස් මටත් එක්කම කෑම ගෙනාවා.. ගුරුවරු නෙමේ දෙවිවරු ඒ. කාලය ගෙවුනා.. ඉතාමත් වේගයෙන්.

ගිය සතියේ මම ඉස්කෝලෙට ගියා.. උදෙන්ම.. පහේ පන්තිවලට.. ඇහුවා පොඩි එකෙක්ගෙන් පුතේ මිස් ගැන
. ආ මිස් ඉන්නේ පහවසර සී එකේ මාමේ දෙයියනේ අවුරුදු දාසයකට කලින් මේ ඩෙස් උඩ කුරුටු ගාපු එකා අද මාමා කෙනෙක් වෙලා.. මට පාසල් ජීවිතේ අතීතය මතක් කලා ඒ පොඩි එකා

. මට තිබ්බා මහ කාලකණ්ණි නොසන්ඩාල පුරුද්ද ක්.ඩෙස් වල කුරටු ගාන එක.. මොනා හරි බිත්තිවල ලියන එක.. ඒ නිසාම වෙන්න ඇති. තමුසෙට ඩෙස් වල අච්චාරු ලියන්න පුලුවන්..ඒත් මලපොතේ අකුරක් බෑ මේ පාරත් අන්තිමයා..උගන්නනවට වඩා හොදා මුන්ට…. කියලා මිස්ලා මගේ මූනටම කිව්වේ…

අපි ජීවිතේ පියවර කීයක් ඉස්සරහට ඇවිල්ලද ..ඒත් මිස් තාම පහවසර සී එකේ… මතකයට සමු දීලා මම රම්‍යා මිස් හොයාගෙන ගියා.. එදා වගේමයි ඉස්කෝලේ ඒත් නිතර පෙනෙන මුහුණු වෙනස් වෙලා..කැන්ටිමේ දොර කූරු වල එල්ලිලා මාලු පාන් ගෙඩිය කන්න අදත් එදා වගේම පොඩි උන් පොරේ..හැබැයි වෙනස අපේ අතේ එදා තිබ්බ පහලව වෙනුවට මෙදා රුපියල් පනහක්.. ඉස්කෝලේ ලමයි විතරක් නෙමේ මාලුපාන් ගෙඩියේ ගානත් වෙනස් වෙලා ඉතින්.

. මම හිටගත්‍තා පහ වසර සී පන්තිය ඉස්සරහා.. පංතිබාර ගුරුතුමිය කියලා මිස්ගේ නම තිබුනා . බෝඩ් කෑල්ලක් නෙමේ ඇත්තටම ඇය වචනයේ පරිසමාප්තියෙන්ම ගුරුතුමියක්..

.මිස් තාම නෑ ඇයි?

මට මගේ චන්ඩි කාලේ සිහිවුනා..ඒ දවස්වල අපිත් එහෙමයි .. ඇග පොඩි උනාට කට …..

මම ආයේ පඩිපෙල ලගට ආවා.. ඈත පාර පේනවා.. පොඩි උන් පඩිපෙල දිගේ එනවා.එදා වගේම…

ඈතින් රතු පාට සාරියක්.. දෙයියනේ.. කාර් මොන්ටෙරෝ වල එන මිස්ලා අතරේ තාම අපේ මිස් පයින්.. පඩිපෙලේ මගක් ඇවිත් කොන්දට අත තියලා ආයේ පඩියක් නැගපු අපේ මිස් දැකලා ආයෙමත් සිත අතීතයට ගියා..

දෙක දෙක පෝලිමේ පුස්තකාලෙට ගිහින් ආයේ ඉක් ඉක්මනට අපේ අතින් අල්ලන් පඩිපෙල නැගපු මිස්… වෙනස් වෙලා… කන්නාඩි දෙක වටේට නූලකුත් බැදලා.. පරන විදියමයි..ඇත්තටම මිස් හුගක් කැතවෙලා… මම දිහා බලාගෙන මිස් කන්නාඩි දෙක පහත් කරලා වෙනද වගේම කට තදකරන් හිනා වෙලා අතින් කතාකරලා පන්තිය ඇතුලට ගියා.

එදා වරදක් කරලා මිස්ගේ පස්සෙන් වේවැල් පාර කන්න ගිය අතීතය වර්තමානයේ එතැනම මට මැවුනා.”. ඉතින් මගේ අම්මේ පෝරිසදයගෙ උස… දෙයියනේ … ඉතින් කියපන් මයෙ කොලුවෝ.. මොකක් අත්සන් කරගන්නද උඹ ආවේ..උඹලට අපිව මතක් වෙන්නේ ඕවටනේ.. මිස් හිනා වෙවී කිව්වා..එදා කටහඩමයි..
. නෑ මිස්…
මම ආයේ නිහඩ උනා… මම තාම ඉන්නේ අතීතයේ …. මට හැමදේම චිත්‍රයක් වගේ මැවුනා.. අපේ පොඩි කාලේ.

. කියපන් බන්.. මිස් අහනවා…

මිස් මම පොතක් ලිව්වා..කෙටිකතා පොතක් ගිය සතියේ තමයි එලිදැක්වුවේ..පලවෙනි පොත මිස්ට දෙන්න මම තියාගත්තා…

පොත අරන් මිස් බැලුවේ පොතේ පිටිපස්ස.. ආයෙමත් මම දිහා බලලා අර වගේම කට තද කරන් හිනාවෙලා..පරෙස්සමට ඒක මටත් නොකියා මල්ලෙ දාගත්තා…

වැදපන් පුතේ මට උඹේ ඔලුව අතගාන්න ආසයි..එදා වගේ නෙමේ උඹලා දැන් හරිඋසයි..

මම දණගහලා මිස්ගේ කකුල් දෙක අල්ලලා වැන්දා..දෙපාරක් තුන් පාරක් ගම් ගාලා අලවපු ලකුණු මිස්ගේ රත්තරං පාට සෙරෙප්පු ජෝඩුවේ තිබුනා..

මට උඹ ගැන හරි ආඩම්බරයි
පුදුමයක් නෑ උඹගේ පාර මම කලින්ම දැක්කා… හැබැයි එදා වගේ හදිස්සියට හැම දේම කරන්න එපා… උඹට බුදුසර්ණයි ..උඹලා ඔහොම ඉන්නවා දකින්න උඹලගේ තාත්තලට වඩා අපි ආසයි.. හොදගමනක් පලයන් පුතේ…

ඒත් එක්කම එක්ස් කියුස්මී මිස්.. බුදුපහණ පත්තු කරන්නද?

මිස් ඒ පොඩි කොලුවට මාව පෙන්නලා

“මේත් මගෙන් ඉගනගත්ත දරුවෙක්”

බෙල් එක වැදුනා…

නමෝ තස්ස නගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

නමෝ තස්ස බගවතෝ අරහතෝ……

මිස්ලා කියන්නේ එහෙම අයට…

ෆොටෝ එකේ තියෙන්නේ මගේ පහවසර.

චරිත් ජනප්‍රිය

උපුටාගත්තේ චරිත් ගේ මුහුනුපොතිනි.

https://www.facebook.com/charith.janapriya.90?hc_ref=NEWSFEED&fref=nf

Related Posts

3 Comments

  1. Sanda Raj October 20, 2016 at 1:03 pm - 

    Charith Malli.. all the best for your bright future.. your dear “Miss” make me cry ?… May her long and health life and lots of blessing..!!

  2. harsha October 22, 2016 at 5:14 am - 

    Richmond college 1.ape school 1. Misge nama danaganna asai, e wagema ubage namath machan. Mokada math auru 16kata kalin oya building eke, 5A Class 1 igana gatta.

  3. sanka October 24, 2016 at 10:17 am - 

    Picture suggests the school is which i studied too. But i can not agree with first few paragraphs as i too studied for 13 years in the same school.
    No one can walk here and there in the school (specially when at Grade 5) during the school time. And even today if you visit the school, there will be very few students out side classrooms unless doing something special activity.
    secondly never heard that school keeps files about students except personal files.
    Seems those are bogus facts used to make his story more touching
    Anyway latter part is really inspiring .

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල