සාහිත්‍ය කළා විචාර

රෝගය, විධායකය පමණමද? – Why only Executive Power?

Off

හැම එකාම පොදු අපේක්ෂකයෙක් ඉල්ලුවාට, එයාගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන එක, කවුරුත් කතාවෙන්නේ නෑ. ඒ කියන්නේ මේ සිස්ටම් එකම කිසි අවුලක් නෑ, පුද්ගලයා වෙනස් කරාම ඇති කියන එක. මේ විධායක ජනාධිපති ක්‍රමය කරුමයක්ය කියලා කියන්න තව වචන නාස්ති කරන්න ඕන නෑ නේ. ජනාධිපති මේන්ටේන් කරන්න, බජට් එකෙන් වෙන් කරන ගාන බැලුවාම හොඳටෝම ඇති. කෙනෙක් පෙන්වලා දුන්නේ, ඒක එංගලන්තේ මහ රැජිණිගේ බජට් එකටත් වඩා, පෝඩ්ඩක් වැඩියි කියලා. ප්‍රථිශතයක් හැටියට නෙමෙයි. මුදල්මය වටිනාකමෙන්. එතකොට හිතාගන්න පුළුවන් නේද ගානේ තරම. ඒ ජනාධිපතිට. එතකොට සිය ගානක් ඉන්න, සත පහක වැඩක් නැති ජනාධිපති උපදේශකලා. උන් අර බජට් එක ඇතුලෙද, එහෙම නැත්නම් වෙනම වියදමක්ද කියන්න, මම හිතන්නේ ආන්ඩුවේ ඇතුලේ ඉන්න උන්වත් දන්නේ නෑ. මේ හැම එකාටම අඩුම ගානේ වාහනයක් තියෙනවා. රියදුරෙක් ඉන්නවා, ඉන්ධන වෙනම ගෙවනවා. මේවා ගැන ඇයි ඇතුලේ ඉන්න එකෙක්වත්, අහෝසි කරන්න හදන එකෙක්වත් කතා කරන්නේ නැත්තේ.

එතකොට ඇමති මණ්ඩලේ. ඒකේ ඉන්න ගාන ජනාධිපති තුමා තියා පාර්ලීමේන්තුවේ ඉන්න එකෙක්වත්, දේශපාළණේ ගැන උපාධියක් ලියපු එකාවත්, දන්නෙ නෑ. ඒ මදිවට නාකි ලොම් හැලිච්ච, බානී රේමන්ඩ් එකේ වේටින්ග් ලිස්ට් උන් දාලා ඉන්නවා, ජේෂ්ඨ ඇමතිලා කරලා. උන්ට කරන්න මෙළෝ දෙයක් නෑ. ඒ උනාට ඉන්න දහ දෙනාටද කොහෙද, ඩැයිවර්ලා 90 ක් ඉන්නවලු. ඒ කියන්නේ එකාට දහයයි. මේ මක්කුන්ද, එක්කෝ මේ නාකින්ගේ නෑයෝ, එහෙම නැත්නම් ඇමති ආච්චිලගේ නෑයෝ. එයාලට මුන් නෑයෝ උනාට, අපිට මුන් වේයෝ.

අනිත් ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලය ඔක්කෝම පවුලේ උන්. එක්කෝ නෝනා. නැත්නම් මහත්තයා. එහෙමත් නැත්නම්, දුව, පුතා, නෑනා, මස්සිනා, බෑනා, ලේලී, එහෙම නැත්නම් ලේලීගේ මල්ලි. කොහෙන් හරි, නෑ කමක් තියෙනවා. එතකොට අපි ගෙදර ගේන හාල්මැස්සෝ සීයෙනුයි, සීනී පන්යෙනුයි, පරිප්පු පන්සීයෙනුයි කෙලින බද්දෙන්, මුන් පවුල් පිටින් කනවා. කිසි ලැජ්ජාවක් නෑ. සත පහක ගානක් නෑ.

අනික එහෙම අපෙන් කන එකාට, අපි නැගිටින්නත් ඕන. සෑර් කියන්න ඕන, මහජන දිනේට ගියාම උගේ රැස්පෙක්ට් එකයි, උගේ කටු කන බල්ලන්ගේ රැස්පෙක්ට් එකයි, දෙකම බලන්න ඕන. රෙන්න පුකේ ගූ නැතිව, බට පතුර වගේ, දන ගගගෙන ආපු එකා, ඉටැලියන් ලෙදර් පුටුවේ වාඩිකරවපු මිචිලින් පප්පා වගේ, ඔළුව උස්ස ගන්නත් බෑ. මොකෝ බලේ වැඩි වෙලා, මොළේ බරවෙලා. මූණ හරවන්න කොහොමත් බෑ. මොකෝ ඒකට බෙල්ලක් නෑ.

උන් පාරේ එනකොට, අපි කාණුවට බහින්න ඕන. එහෙම බැස්සෙ නැත්නම්, රණවිරුවන්ගේ, “ඇමති මුදාගැනිමේ” මෙහෙයුමට ලක්වෙන්න සිඳු වෙනවා. නැත්නම් ගෙදර ඉන්න මාස්ශුද්දියත් නැවතිලා ඉන්න අම්මා එක්ක සංසගර්යේ යෙදෙන්නද කියලා ආදරෙන් විමසනවා. එයාලට ඉතින් වයසේ ප්‍රශ්ණයක් නෑ නේ. දර කොටයක් උනත් අවුලක් නෑ. හුස්ම ගන්න විතරයි ඕන. පැදුරු පෑගුවත් බඩ වෙනවා.

මුන් මෙහෙම පිඹගෙන යන්නේ, එක්කෝ මුන්ට කක්කා බරවෙලා, එහෙම නැත්නම් පෝල් වෝල්ට් ගේ, ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් බලලා. උන්ට පාරේ නීතී රීති එකෙක්වත් නෑ. ගස් අස්සේ, කණු අස්සේ හැංගිලා ඉන්න ට්රැෆික් කාරයෝන්ගේ, කලිසමේ ගූ යනවා මුන් යන යෑමට. ගඳක් එන්නේ නැත්තේ, වාහන පෝලිම යන සැරට එන හුළං පාරට කක්කා ටික වේලෙනවා.

ඒත්, උන්ගේ ඉස්පීඩ් එකට, උන් එක්කම ගියත්, අපිව අල්ලනවා. ඊට පස්සේ ආයෙත් මුන්ව නඩත්තු කරන්න ගානක් කඩාගෙන කුවිතාන්සියක් දෙනවා. එහෙම නැත්නම් පොලීසියේ පවුල් වල සුබ සාදනේට අපෙන් ගානක් ඉල්ල ගන්නවා. මුන් මේ පුක ඉරාගෙන විද්දට, කරන ලබ්බක් තියෙනවය? විවෘත කිරීම් කියලා, කක්කුසියක් විවෘත කරයි, ටැප් එකක් කරකවයි, ලයිට් එකක් දායි, අහවල් වියාපෘතිය කියලා පත බෝඩ් එකක රෙද්ද ගලවලා බිමට දායි. පොඩි උන්ට පිටු හතලියේ කොපි පොතක් දෙයි, ඕවනේ මුන්ගේ දේශපාළනේ.

හැබයි එතෙන්ට පිලිගැනීමේ ගීතයකුත් තියෙනවා, ඉස්ටේජ් එක ගහන්නම ඕන. බුලත් හපයෝ ටිකත් කහ පාට සිවුරු පොරවගෙන ඇවිල්ලා, වෙනම ඉස්ටේජ් එකක. හොඳ කෑල්ලක් හොයලා, මල් මාලයක් එහෙම දානවා. ගමේ තගාලා බුලත් දෙනවා. ඌ බුලත් ටික පස්සට විසි කරනවා. මොකෝ මුන් කන බුලතක් තියෙනවය? ඊට පස්සේ කොහොඹා කංකාරිය. තාම නොකරන්නේ, පාවඩ දාන එක විතරයි. සම හරක් මුතු කුඩ සේසත් හිටන් අල්ලනවා. ඉතින් අරුත් යනවා මහින්ද රාජපක්ෂ වගේම.

යකෝ මේ ඔක්කෝම අපේ සල්ලි. එකෙකුටවත් නෙමෙයි ගානක්වත්. කක්කුස්සිවලට මොන ඕපනින් සෙරමනිද ආයිබෝවන්ඩ? කට කපලා රෙන්නේ නැතුව. එතකොට විධායකේට කෙලියම ඔක්කෝම හරියනවද? නෑ. අනික් උන් ඉන්නෙත් යුව රජවරු වගේ. මොකක්ද හේතුව? කේවල ඡන්ද ක්‍රමය නැති කම. කරුමක්කාර සමානුපාතික ක්‍රමය. මුන් ගමේ උන්ට සල්ලි දීලා හරි, ලිස්ට් එකේ උඩට එනවා, දිණුවත් පැරදුනත් පාර්ලීමේන්තුවේ.

ආන්ඩු පක්සෙට පනින එක, නිකන් බට්ටෝ පනිනවටත් වඩා ලේසියි. මොකෝ අවුරුදු පහක් ඇදගත්තොත් පැන්සනුත් තියෙනවා. ළෝකේ කොහේවත් නැති ආතල් එකක් ඒ. කොටින්ම මේක ඉල්ලමක්, හැබයි යන්නේ රට වෙනුවෙන්. අම්මගේ රෙද්ද. යන්නේ රට වෙනුවෙන් නෙමෙයි, පරපුර වෙනුවෙන්. නැත්නම් මෙච්චර කාලයක් ඉහගෙන කාපු කෑම නැති වෙලා, ගෙදර ගෑණීගෙන් කන්න වෙනවා බඩ යන්න. ඇත්ත කතාව ඕකයි.

එතකොට මාතලන් මෙච්චර දෙයක් ලිව්වේ ඇයි.? විධායකය විතරක් අහෝසි කරලා හරියන්නේ නෑ කියන්න.
එහෙනම් ඒ සමගම, තව තව දේත් වෙන්න ඕන කියන දේ කියන්න. කෙටියෙන් කියනවනම්.

විධායකය මෙන්ම සමානුපාතික ඡන්ද ක්‍රමයද අහෝසි කළ යුතුයි.
රාජ්‍ය නායකයා මොකා වූවද, සෑම පාරලිමේන්තු රැස්වීමකටම අනිවාර්යයෙන් සහභාගි විය යුතුයි. (විදේශ ගතවීමකදි හැර.)
ඇමති මණ්ඩළය උපරිමය 20 කට සීම කළ යුතුය.
රාජ්‍ය නායකයාට හා ඇමති මණ්ඩලයට උපදේශකයින් පත් කිරීම, සිවිල් සේවාවෙන්ම පමණක් විය යුතුය.
විදේශ තානාපතිවරුන් පත් කිරීම විදේශ සේවයෙන් පමණක්ම විය යුතුය.
ජනමතය වෙනස් කොට පක්ෂ මාරු කිරීමට ඉඩ නොතැබිය යුතුයි.
දේශපාළණය රැකියාවක් ලෙස සැලකීම වහාම අහෝසි කළ යුතුයි.
පාර්ලීමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප, වහා අහෝසි කළ යුතුයි.
සුඛෝපභෝගී වාහන බලපත්‍ර ලබා දීම වහාම අහෝසි කල යුතුයි.
රජය සතු සමාන්‍ය ප්‍රමාණයේ මෝටර් රථයක්, සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට ලබා දිය යුතුයි.
කිරිම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට හෝ ඇමතිවරයකුට ආරක්ෂකයින් සැපයීම වහාම අහෝසි කළ යුතුය. ජනතා සෙවකයන් ලෙස දිවි පරදුවට තබා හෝ ජනතා සේවය ඉටු කළ යුතුය.
කාර්ය මන්ඩලවලට පවුලේ සාමාජිකයින් පත් කර ගැනීම වහාම නැවත්විය යුතුයි.
ඇමති කාරය මණ්ඩල සීමා කළ යුතුයි.
මෙම කරුණු ක්‍රියාවට නැගීමෙන් පමණක්ම රජයේ වියදම 80% කපා හැරිය හැකි බව මාතලන්ගේ මතයයි.

උපුටා ගැනීම – http://maathalan.blogspot.com/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල