සාහිත්‍ය කළා විචාර

දක්ෂිනාංශයෙන් සමාජවාදයක් පැතීම හා මාක්ස්වාදී රනිල්

Off

මේක ලියන්න හිතුනේ (වෙන මාතෘකා දාහක් හිතේ නලියද්දි) ත්‍රිමානයේ තිබ්බ ලිපියකට දාපු කොමෙන්ටුවක් දැකලා . ඒකෙ කියල තිබෙනවා මා වැනි ප්‍රගතිශීලින් (මන් දන්නෙත් නැහැ මං ප්‍රගතිශීලි ද කියල) රනිල්ට සහයෝගය දක්වනවා කියලා . ඒ කියන්නේ මෙහෙම දෙයක්. “3මාන වෙබ් අඩවියට එම කමෙන්ටු යොමු කරනා “ප්‍රගතිශීලීන්” මූලික වශයෙන් අවබෝධ කොටගෙන ඇති ප්‍රධානතම කාරනාව වන්නේ එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒම යුගයේ ප්‍රගතිශීලීම කටයුත්ත බවය. මාගේද දේශපාලන ස්ථාවරය එය වේ.”

මගේ ලිපි වලින් වත් කොමෙන්ටු වලින් වත් එහෙම දෙයක් කොහෙවත් ලියවිලා තිබෙනවද කියල මම කල්පනා කලා ඇත්තටම? මම දන්නා විධිහට නම් නැහැ. මේ කොමෙන්ටුවෙන් ගම්‍ය වෙන්නේ මෙහෙම දෙයක්. එක්කෝ මේ ලියන තැනැත්තා එජාපය ට ලදී කෙනෙක්. එහම නැත්නම් වෙන මාක්ස්වාදී පක්ෂයක සාමාජිකයෙක් පොඩි ටෙස්ට් එකකට ලියපු දෙයක්.

මගේ යහළුවෙක් ඉන්නවා බොබ් චැප්මන් කියල ඇමෙරිකානු ජාතික විශ්‍රාම ලත් ඉංජිනේරුවෙක්. ඔහුගේ වෙබ් අඩවියේ ලින්ක් එක මගේ ඉංග්‍රීසි බ්ලොගයේ තිබෙනවා. මිනිහ උග්‍ර දෙවියන් අදහන ක්‍රිස්තියානි ආගමිකයෙක්. ඒ වගේම අමෙරිකන් තේ පක්ෂයේ “tea party movement ” http://en.wikipedia.org/wiki/Tea_Party_movement අනුගාමිකයෙක්. මාත් එක්ක ගිය ඊමෙල සංවාදයකදී මිනිහ කිව්වා අජිත් මම ඔබේ අදේව වාදය හා මාක්ස් වාදය පිළිගන්නේ නැහැ කියල. මන් කිව්වා බොබ් ප්‍රශ්නයක් නැහැ. මට මේ ටික කියන්න. ඔබට මිනිස්සුන්ට රස්සා දෙන්න ඕනේ නේද? ඔව් . ඔබේ දෙවියෝ මිනිසුන් වහලුන් කර ගන්න එකට සූරා කන එකට විරුද්දයි නේද? ඔව්. ඔබට ඔබම ගත්ත නය ගෙවන්න ඕනේ නේද? ඔව් ඇමෙරිකාවේ මිනිස්සු හැමෝම නය වෙලා නේද? ඔව් . ධනපතියෝ තව පෝසත් වෙනවා නේද? ඔව්. ධනපතියෝ ඔයිට වැඩිය අඩුම ගැනේ දෙවියෝ කිව විධිහටවත් ඉන්න ඕනේ නේද? ඔව්. ඔබට ඇමෙරිකන් රාජ්‍ය මැදිහත්වීම අඩු කරන්න ඕනේ නේද? ඔව්. නය අඩු කරන්න ඕනේ නේද? ඔව් රජය අහෝසි වෙලා යනවට ඔබ කැමති නේද ? ඔව් ඔබේ පළාතේ මිනිස්සු පළාතේ වැඩ තම තමන් විසඳ ගන්න හදනවා නේද? ඔව් . ඉතින් බොබ් මාක්ස් කියන්නෙත් ඕකමනේ? …බොබ් බොබ්…සුමානෙකට පස්සේ බොබ් ලියනවා අජිත් ඒ වුනාට මම නිදහස් ආයෝජනයට, නිදහස් වෙළදාමට කැමතියි. දියුණුවෙන්න පුළුවන් ඒකෙන් විතරයි. බොබ් යුරෝපේ හෙම නය වෙලා නිසා ආයෝජනය කරන්න එන්නේ අදේවවාදී චීන කොමියුනිස්ට් කාරයොයි රුස්සෝ ටිකයි නේද? ඔව්–බොබ් දැනට ඇමෙරිකාවේ ඔත්තු සංවිධාන මාක්ස්වාදීන් හොරෙන් ඝාතනය කරලා (බොබ් ඔබේ යහලුවත් එතනට ඇතුලත්) , නැති කරලා දාන නිසා අඩුම ගානේ අන්ත දක්ෂිණාංශික බවක් පෙනුනත් රජය අහෝසි කරන්න කැප වෙලා ඉන්න නිසාත් , ඔබ හොඳ පුද්ගලයෙකු නිසාත් ඔය පක්ෂෙන් හරි ඇමෙරිකාවේ ඔය ක්‍රමයට හා ඔබාමාට විරුද්ධව සටන් කරන එකට මගේ වචනෙන් හරි සහයෝගය දෙනවා. අජිත් බොහොම ස්තුතියි. අදේවවාදියෙක් වුනත් ඔබ හිතන්නෙත් අපි හිතන විධිහට. පිස්සුද බොබ් මම කල්පනා කරන්නේ ඔබේ පවතින තත්වයට සාපේක්ෂව. ….

දැන් රනිල් ඇතුළු විපක්ෂේ ඔය කියන තරම්ම හොඳ නැහැ. පුබුදු ජයගොඩ කියනවා වගේ අධ්‍යාපන ධවල පත්‍රිකාව රනිල් ගේනවා මටත් මතකයි. එහෙම කෙනෙක් මැරිලා උපදින්න විධිහක් නැහැ. රනිල් කවදාවත් පන්ති අරගලයකට සහයෝගය දෙන්නෙත් නැහැ. ඒ නිසා මම එජාපය බලයට ගෙන ඒම හෝ රනිල් සජිත් බලයට ගෙන ඒම ප්‍රගතිශීලි කියල කවදාවත් හිතන්නේ නැහැ.නමුත් පවතින අසාමාන්‍ය ලෙස බෙලහීන විපක්ෂයේ බෙල්ලට පොලුපාරවල් දෙන්නත් මට ඕන කමක් නැහැ. ගහ මරා ගන්නේ නැතුව ඕන දේශපාලනයක්.
ත්‍රිමාණ යේ කොමෙන්ටුව: http://3mana.com/%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8-%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B7%9D/#comment-6748

උපුටා ගැනීම – http://kolambagamaya.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල