සඳැස් / නිසඳැස්

සුබාවිත ගීතයෙන් රසවත් වුණු අගෝරා ගී සැඳැව…

Off

ලන්ඩනයේ වෙසෙන කලා රසික ශ්‍රී ලාංකිකයින් පිරිසක් එකතුව පිහිටුවා ගෙන ඇති අගෝරා නමින් හැඳින්වෙන කලා සංසදය විසින් පසුගිය 12 වනි සෙනසුරාදා අපූරුතම ගී රස වින්දනයක් සංවිධානය කොට තිබිණි. ලන්ඩනයට තරමක් නුදුරින් පිහිටිහි Watford – Havebreaks Hub ප්‍රජා ශාලාවෙහි සංවිධානය කොට තිබූ මෙම අගෝරා කලා සංසදයේ සමාරම්භක කලා උලෙළ සුදත් ලියනගේ සහ සංක විතාන ඇතුලු සහෘද පිරිසකගේ මූලිකත්වයෙන් පැවත්වුණු අතර ගී රසවින්දනය අතරතුර ගීත විචාරයකටද සවන්දීමටද පැමිණ සිටි පිරිසට හැකිවීය.

ප්‍රවීන ගීත රචක පූජ්‍ය කෝන්වැවේ අරියරතන හිමියන් සහ ප්‍රබුද්ධ කවියකු මෙන්ම ගීත රචකයෙකු වන රත්න ශ්‍රී විජේසිංහයන් විසින් (අන්තර්ජාලය ඔස්සේ) සුබාවිත ගීතය පිලිබඳව කෙරුණු අර්තාන්විත විග්‍රහය නිසාවෙන් මෙම කලා සැඳැව අපූරුතම සුන්දරත්වයකින් පිරී ගියේය. මෙම අගෝරා ගී සැඳැව සංගීතයෙන් රසවත් කිරීමට විශාරද දිමුතු තිලකරත්න සමග චරිත් හා චන්දන පොන්සේකා සහාය වූ අතර සරෝජ් පතිරන කතනයෙන් දායක විය.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල