කෙටි කථා

කොබර් රගා

Off

කෝමල නළුවා – 03

කෝමලයා ඉපදුනේ ම බෝලයක් මිට මොළවා ගෙන ය. මෑණියන් කොලුවාගෙන් බෝලය උදුරා ගන්නට කොච්චර ට්‍රයි එකක් දුන්නත් ඌ බෝලය අතෑරියේ නැත. අන්තිමේ දී පසුකාලෙක ලෝකයට ම බෝලය බස්සන්න නියමිතව සිටි කෝමලයාගේ පියා ගේමට එන්ටර් උනේය. බෝලය කොල්ලාගෙන් උදුරා ගන්නට බෝල පියා සමත් වූ නමුත් බෝලය ඇද වී ගියේ ය.

ඉතින් කෝමල් නළුවා වයසින් වැඩෙනාවත් එක්ක ම මේ අරුම පුදුම ඇද බෝලයද වැඩුණේ ය. ඔය අතරේ කෝමලයාගේ පවුලට මල්ලිලා දෙන්නෙක් ද අළුතින් එකතු වුනේ ය. බඩී සයිස් කාලේ පටන් මැරෑටියා වූ නිසා අළුතින් ආ මල්ලිලා දෙන්නා ට රැග් එකක් දෙන්නට කල්පනා කළ කෝමලයා පොඩි උන් දෙන්නා ට කීවේ තමන් ඇද බෝලය අරන් දුවද්දී පුළුවන් නම් බෝලය උදුරා ගනිල්ලා කියා ය. අරුන් දෙන්නා මූට වඩා පොඩි නිසා හැමදා ම පහසුවෙන් දිනන්නට පුළුවන් මේ සෙල්ලම කෝමලයා කන්ටිනියු කළ අතර බ්‍රදර්ලා දෙන්නාට රැග් කරන්නට හොයාගත් සෙල්ලම නිසා රැග්+බි = රග්බි කියා නමකුත් දාගත්තේ ය. ලෝකයට රග්බි ආවේ ඕං ඔහොම ය.

කොලුවා ලොකු මහත් උනත් ඌ බෝලය අතෑරියේ ම නැත. තමන් ලෝකයට හොයා දුන් ක්‍රීඩාව ප්‍රොමෝට් කරන එක තමන්ගේ වගකීම බව මනාව තේරුම් අරන් සිටි ඌ ඒ වෙනුවෙන් ලෝකේ නැති ඩෙඟපරි නටන්නට පටන් ගත්තේ ය. කොහොමත් මහ පවුලේ ක්‍රීඩාව රටේ ම ක්‍රීඩාව වෙන නිසා බැකප් කරන්නට ඕනෑ තරම් සෙනඟ ද සිටි අතර බකට් අදින්නට පණට ආදරේ එකෙක්වත් ආවේ ද නැත. වැඩ වැඩි නිසා ම බෝලය ලොකු මලයාට ලියා පවරා දුන් නමුත් කෝමලයා බෝල සෙල්ලමට ඇති ඇල්ම බිංදුවක්වත් අඩුකරගත්තේ ද නැත.

ඔය අස්සේ සිකුරා ඔළුවට ගසා හිටි දවසක මූට හිතුනේ මේ බෝලෙට පොරකන සෙල්ලම කොල්ලන් විතරක් කරාට හරියන්නේ නැති සීන් එකක් බවය. මේක කෙල්ලන්ටත් පුරුදු කරොත් එදාට රටේ ප්‍රශ්න වලින් බාගයක් විසඳාගන්නට ලැබෙන නිසා ජාතික වගකීමක් හැටියට ම ගෙන කෝමලයා ගේමට එන්ටර් විය.

කෝමත් පරම්පරාවෙන් ම බණ්ඩලා එක්ක ඔරොප්පු බැවින් නලුවා පොරකන සීන් එක ඉස්සෙල්ලා ම දෙන්න බැලුවේ සිරිමාගේ ඉස්කෝලෙට ය. රටේ ලෝකේ අනිත් උන්ට තියෙන මොන ම නීතියක්වත් කෝමලයාට වලංගු නොවෙන නිසා බජාර් එක පිටින් ම බාලිකා එකේ ගේට්ටුවෙන් ඇතුළට පන්නා ගන්න එක ඌට ඊසි ගේමක් විය. ගල් සෙල්ලම් කරන්න එපා කියා කපුටා කියා තිබූ කතාව ඇත්තට ම අමතක උනේ මදන විසයක් නිසා නම් නෙවෙයි බව දන්නේ කෝමලයාගේ අවංක රග්බිප්‍රේමී හදවත් පොජ්ජ විතර මය. එක එකා නොසන්ඩාල කතා කීවත් කොලුවා බැලුවේ සෙල්ලමට කෙල්ලන් සෙට් එකක් අල්ලාගන්නට ය. ඒත් ඉතින් කරුමයට ලංකාවේ හැලප හොටුපෙඳි වටලප්පම් කෑලි වලට මෙව්වා තේරුණේ නැතුවා ය. උන් කෝමලයාගේ බෝල සෙල්ලමට බෑ ම කියූ අතර හොඳක් කරන්නත් ඇවිත් නලුවා කිච වෙන්නට යන බව දුටු කොබර් රගා ලා සෙට් එක කෙල්ලන් සෙට් එකක් ටිකක් අල්ලන් සෙල්ලම් කරන හැටි කොහොම හරි කියාදෙන්නට ට්‍රයි එකක් දුන්නා ලු ය. ඇත්තට ම මොකා මොනවා කිව්වත් බලහත්කාරය කියන එක කෝමල් පවුලට ලියා දුන්නේ ඒ කෙල්ලන්ගේ අම්මලා තාත්තලා ම නිසා එතන බලහත්කාරයක් තිබුණා කියා මොනම නීති තර්කයකින්වත් ඔප්පු කරන්නට බැරුවා ය.

කෝම උනත් කෝමලයාගේ පරම පිවිතුරු කිරිසුදු බෝල බෝල චේතනාවට ආටි ගහන්නට ගේමට බැස්සේ ප්‍රින්සිපල් නෝනා ය. කොල්ලාට එවර නම් මළ පැන්නේ බාප්පා එක්ක ය. මේ ගෑණිට අර කියූ නායකත්ව පුහුණුව වත් හරියට දීලා තිබ්බා නම් රෝයල් ෆැමිලි එකට මීට වඩා ලෝයල් වෙන්න තිබුණා ය. මෙලෝ විනයක් නැති කෙල්ලන් ටිකත් නෝනාව ම බැකප් කරමින් මල්ටි බැරල් ගහන්නට පටන් ගත් විට වැඩේ කෙළවුණු බව තේරුම් හත් කොබර් රගා ලා සෙට් එක කුජීත මූඩ් එකෙන් සිරිමාවෙන් දිරා මාරු උන බව ආරංචිය. ගෙදර යන ගමන් “සර් අපි අම්බානෙක නෝන්ඩි උනා නේද?” කියා ඇසූ එක ලාන්තරස් පොරකට කෝමලයා කියා තිබුණේ “මොන මඟුලක්ද බං. අපි පුරුදු වෙන්න නෝන්ඩි වෙනවද?” කියා ය.

අවසානයේ බණ්ඩා ෆැමිලියෙන් කෝමලයාගේ ෆැමිලියට ඇදපු තවත් බාල්දියක් ලෙසට මේ සීන් කෝන් එකත් ඉතිහාස ගත වූ අතර කෝමලයාට කචල් දැමූ නංගිලාට හීනෙන් ගජිනි පේන්නට පටන්ගත් බැවින් තාවකාලිකව කෝච්චි ගමන් නතර කර ඇති බවට ආරංචියක් ඇත.

~ සුනිත් අරුණශාන්ත

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල