කාලීන සංවාද

මාක්ස් ඇත්තටම ආගම් අබිං කියා කීවද?

Off

කාල් මාක්ස් ඇත්තටම කිවේ නෙමේ , ඇත්තටම අදහස් කලේ මොකක්ද කියන එකයි මෙතන වැදගත්.

මාක්ස් මේ ගැන සඳහන් කලේ “ක්‍රිටික් ඔෆ් හෙගල්ස් ෆිලොසොපි ඔෆ් රයිට් ” -(ක්‍රි ව 1843)”කියන පොතේ. ඉංග්‍රීසියෙන් කියවන්න අවශ්‍යනම් පහත යොමුවට යන්න.
http://www.marxists.org/archive/marx/works/download/Marx_Critique_of_Hegels_Philosophy_of_Right.pdf
මාක්ස් හේගල්ගේ දක්ෂිණාංශික දර්ශනවාදී නැඹුරුව විවේචනය කරමින් ලියු පොත් පිංචේ මුල හරියේ එන සඳහනක් තමා මේක.

මිනිසුන් -පතල් කම්කරුවන්, ඇමෙරිකාවේ වහලුන් , ප්‍රවේනි දාස ගොවින් දරුණු තත්ව මත වැඩ කරලා යන්තම් පඩියක් අරගෙන නොමැරී මැරී ජිවත් වෙන කොට ඔවුන්ට තිබුන එකම සහනය පල්ලියට යාම. පල්ලියේ කැරොල් ගායනා අදත් වහලුන්ගෙන් පැවත එන ඇමෙරිකන් කළු ජනයා අතර ජනප්‍රියයි. දේවගැති වරු දෙවියන් පෙන්නලා ඒ අහිංසක මිනිසුන් වත් මුලා කලා . කඩා වඩා ගත්තා. කන්න නැති වුනත් සල්ලි දීපන් ස්වර්ගයට යන්න ඕනේ නම් කියලනේ කීවේ. ” මාක්ස් කිවේ මිනිස්සු අබිං ගන්නේ මත් වෙලා ප්‍රශ්න අමතක කරන්න . මාක්ස් කීවේ ආගම මිනිස්සුන්ට සැබෑ ප්‍රශ්න (ධනපති පන්තියේ අකාරුණික පීඩනය) අමතක කරවල ස්වර්ගයක් පෙන්නලා මත් කරනවා. හරියට අබිං වගේ. ” ඉතින් ඒක වැරදි කතාවක් හැටියට මම නම් දකින්නේ නැහැ.

මෙන්න ඒ කොටස:
“Religious suffering is, at one and the same time, the expression of real suffering and a protest against real suffering. Religion is the sigh of the oppressed creature, the heart of a heartless world, and the soul of soulless conditions. It is the opium of the people.

The abolition of religion as the illusory happiness of the people is the demand for their real happiness.
To call on them to give up their illusions about their condition is to call on them to give up a condition that requires illusions. The criticism of religion is, therefore, in embryo, the criticism of that vale of tears of which religion is the halo.”

suffering කියන්නේ දුක නම් සැබෑ දුක පෙන්වන්නේ සහ සබැ දුකට එරෙහිව විරෝධය දක්වන්නේ ආගම මගින්. ආගම යනු පීඩිත බවට පත් වුනු සත්වයාගේ සුසුම, (සැබෑ) හදවත් වලින් තොර ලෝකයේ හදවතයි, (පිරිසිදු) ආත්මයන් ගෙන් තොර ලොවක (මෙහි ඇත්තේ තත්වයන් conditions යන වචනයයි) ආත්මයයි. එය මිනිසුන්ගේ (මිනිසුන් මත් කරවා වේදනාව අමතක කරවන ) මත්ද්‍රව්‍යයයි. (මෙහිදී අබිං)

මිනිසුන්ගේ සැබෑ සතුට ලබා ගැනීම සඳහා ඇති අවශ්‍යතාවය ආගම නැති කිරීම වන්නේ එයින් මිනිසුන් ආගම මගින් ලබා ගන්නා මායාකාරී සතුට නැති කර දමන නිසයි.

අපි මිනිසුන්ගෙන් ඉල්ලුවොත් ඔබේ මායාකාරී බැඳි බිඳ දමන්න කියා, ඉන් අදහස් වන්නේ එම මායාකාරී සතුට ගෙනේ දෙන තත්වයන් (ආගම) අත් හැර දැමීමයි. අපි ආගම විවේචනය කරන්නේ මුලික වශයෙන් (දුක්ඛිතයන්ගේ ) ඒ කඳුළු ගංගාවේ (මෙහිදී වේලය හෝ නිම්නය යන අරුතද ගත හැක. ) රැස් වළල්ල (halo) ආගම නිසයි.

මාක්ස් අබිං – පාවිච්චි කර ඇති හේතුව කුමක්ද? අබිං කියන්නේ ඒ දවස් වල රෝහල් වල වේදනාව තුරන් කිරීමට පාවිච්චි කල මත් ද්‍රව්‍යයක්. එයම මිනිසුන් මත් වීමටත් පාවිච්චි කලා චීනය වගේ රටවල. එතකොට මාක්ස් ඇත්තටම ඒ දවස් වල එංගලන්තයේ හා යුරෝපයේ පතල් වල කම්හල් වල වැඩ කල මිනිසුන් හා ඔවුන්ගේ දුක් පීඩා දැක ඔවුන්ට අනුකම්පා කල ලියු දෙයක් මේක. ඒ මිනිසුන් තම වේදනාව ඉදිරියේ ලැබෙන ස්වර්ගයක් ගැන හිතා තාවකාලිකව මැඩ ගන්නවා. පල්ලියට ගිහින් සුළු නිදහසක් හරි භුක්ති විඳිනවා. ධනපතියන් විසිකරන මස් කට්ටක් ක්‍රිස්මස් දවසට හම්බ වෙනවා. ඕක තම මාක්ස් කිවේ.

දැන් මේක ඇත්තටම මාක්ස් කියාපු දෙයක්ද? නැත්නම් ඔහු උපුටා ගත්තද? ඉතිහාසඥයන් මේ පිළිබඳව සැක පහල කරනවා. මොකද මෙහි “This opium you feed your people” කොටස මුලින්ම පලවෙලා තිබෙන්නේ මාර්කස් දේ සාදේ (Marquis de Sade) නමැති ප්‍රංශ වංශාධිපතියෙකු හා විප්ලවීය දේශපාලකයෙකු හා ලේඛකයෙකු ලියු “ජුලියට් ගේ ඉතිහාසය “L’Histoire de Juliette ” (http://en.wikipedia.org/wiki/Opium_of_the_people) නමැති පොතේ. පොත පලවෙලා තිබෙන්නේ 1797. මාක්ස් වගේ පොත් හුඟක් කියවපු දර්ශනවාදියෙකුට මේ පොත් මිස් වෙන්න විදියක් නැහැ. එකම දේ මේ පොත ටිකක් දරුණු පොතක්. සදේ කියන්නේ හුඟක් නිදහස් මිනිහෙක්. ඒ දවස්වල ලිංගික වශයෙන් නිදහස් නැති කලෙක ඔහු ආගම එපා, නීති එපා , අද සතුටෙන් ජීවත් වෙන්න කියා කිවේ. මෙහි එන ජූලියට් ඒ වගේ හැමෝම සමග රති රමණය කල නිදහසේ ජිවත් වූ ස්ත්‍රියක්. හුඟක් වෙලාවට මාක්ස් ඒ ආශ්‍රය (reference ) දුන්නේ නැත්තේ ඒ නිසා වෙන්නත් පුළුවන්.
සදේ කියන්නේ මෙහෙම.:
ජුලියට් ෆෙර්ඩිනන්ඩ් රජුට මෙහෙම කියනවා.
ඔබ නුවනැත්තන්ගේ ඇසට බයයි ෆෙර්දිනන්ඩ් , ඒ නිසයි ඔබ මෝහය පැතිරීම උනන්දු කරන්නේ. ඔබේ මිනිසුන්ට දෙන මේ අබිං මගින් ඔවුන් මත් වුණාම ඔබ ඔවුන්ට දෙන දැඩි වේදනාවන් ඔවුන්ට දැනෙන්නේ නැහැ. ඒ නිසා තමා උගත් මිනිස්සු ඔබේ රාජ්‍යයේ (පාලනයේ) දක්නට නැත්තේ. ඉගෙනීමට හා දැනීමට ලැබිය යුතු ප්‍රශංශා සත්කාර ලැබෙන්නේ නැති නිසා නුවණැති බවෙන් ලාභයක් නැහැ. ඒ නිසා කවුරුත් ප්‍රඥාව හොයන්නේ නැහැ.
You fear the powerful eye of genius, that is why you encourage ignorance. This opium you feed your people, so that, drugged, they do not feel their hurts, inflicted by you. And that is why where you reign no establishments are to be found giving great men to the homeland; the rewards due knowledge are unknown here, and as there is neither honor nor profit in being wise, nobody seeks after wisdom.
උපුටා ගැනීම – http://kolambagamaya.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල