කෙටි කථා

අම්බපාලි (කතා) වස්තුව

Off

4අතීත කතාව:

මම කථා කියන කෑල්ල ඕන කමින්ම අත ඇරලා ලිව්වේ. කටත් මතකද මන්ද මේ කතා වස්තුව. අම්බපාලි කියන්නේ ඉතාමත් සුරූපි කාන්තාවක් කියල තමා තෙරී ගාථා වල තියෙන්නේ. ඉන්දියන් චිත්‍රපටියේ පින්තුරක් යට තිබෙන්නේ.

මෙයාගේ ලස්සන විශාල මහනුවර විතරක් අනික හැම ජනපදයකම , නියන් ගමකම අනිකුත් ළඟ රටවල පවා පැතිරිලා රාජකුමාරයෝ, සිටුවරු, කැසිනෝ කාරයෝ, ආයුධ ජාවාරම් කාරයෝ ඔක්කොම එනවලු ලඟට. මෙයාට එච්චරට ඉල්ලුම. කොච්චර විශාල මහනුවරට කිර්තිය ගේනවද (බදු සල්ලිත් ඇතුළුව) මෙයාව රජවාසල කොර්ටෙසන් (Courtesan -a prostitute, especially one with wealthy or upper-class clients.)

කෙරුවලු. මේකේ තේරුම තමා එයා සුපිරි පන්තියේ අයට ගණිකාවක් ය කියන එක.

බුදුහාමුදුරුවොත් ඔය අව්වස්සේ වඩිනවලු විශාලාවට. හාමුදුරුවරු 10000ක් එක්ක.

එක හාමුදුරු නමක් අම්බපාලි හිටිය මැදුර ඉස්සරහින් පිඩුසිඟා වැඩියලු. සිටු කුමාරයෝ රත්තරන් හෙම අල්ලලා වැඩ දාපු ෆෙරාරි වගේ අස්ස කරත්ත හෙම පාක් කරගෙන ඉන්නවලු තමන්ගේ වාරෙ එනකල් අම්බිව එක්කන් යන්න.
හාමුදුරුවොත් රාජ පුරුෂයෝ පටි වන වන , ආයුධ එල්ල කරගෙන ඉන්න නිසා බයෙන් බයෙන් ඔලුවවත් උස්සන්නැතිව යනකොට අම්බපාලි දැක්කම ආස හිතිලා හරිම සන්සුන් ගමනෙන් යන හාමුදුරුවන්ට කතා කරලු. හාමුදුරුවොත් බයෙන් වගේ ගිහින් කිවලු මම මෙතෙන්ට එන්න සුදුසු නැහැයි කියල. අම්බපලිත් ඇරලා නෑ.

“මම තමයි ඔබට ආරාධනා කරන්නේ. හැමෝම මටයි ආරාධනා කරන්නේ. ඒත් හැමෝම මට සලකන්නේ මගේ රුපය නිසා විතරයි. ඔබ තමා මගේ ජීවිතේටම මම ආරාධනා කරපු එකේම කෙනා කියල, දන් දීල බන ටිකකුත් අහල.

ඔය අස්සේ හෙන ජංජාලයයි බුදු හාමුදුරුවෝ වැඩ ඉන්න අම්බපාලිගේ මහා අඹ වනයේ. හාමුදුරුවරු එහෙන් මෙහෙන් කංකුන් ගානවලු , කට්ටියකට ඉරිසියාව, කට්ටියකට අප්සෙට් වැඩේට. කොච්චර සල්ලි තිබ්බත් , කොච්චර හොඳ මැදුරක හිටියත් මේත් ගණිකාවක් නේ කියලා. බුදු හාමුදුරුවන්ටත් කතාව ගියාලු.

උන්වහන්සේ කීවලු අපි කලින්ම තීරණය කරන්න ඕනේ නැහැනේ ඒ භික්ෂුව වැරදි කියල. අපි ටිකක් බලමු කියල.

මෙන්න භික්ෂුවත් ආවලු හවස් වෙලා බුදුහාමුදුරුවෝ බැහැදකින්න. බැහැදැකලා කීවලු අම්බපාලි තමන්ට වස් වසන්න වදින්න කියල ආරාධනා කෙරුව කියල. බුදු හාමුදුරුවොත් ප්‍රශ්නයක් දෙකක් අහල අවසර දුන්නලු. දැන් අනිත් සමහර
හාමුදුරුවරුන්ට වැඩේ අල්ලන්නේ නැහැ. හෙන විවේචනලු. අරකි ගැන දන්නේ නැත්ද? අපේ එකා ඉවරයි?බුදු හාමුදුරුවෝ මේ මොනවා කරනවද? වගේ සීරියස් ටෝක්.

බුදු හාමුදුරුවෝ ඒවා අහලදේශනා කලාලු “මහණෙනි, කලබල වෙන්න එපා. අපි මාස හතරක් ඉවසමු. කියල. ”

ඉතින් අර සමහර හාමුදුරුවරුන්ට නින්ද යන්නෙත් නැතිලු. මේක ගැනම කල්පනා කරනවා මිසක් හරියට භාවනා වත් කරන්නේ නැතිලු. කොහොම හරි මාස හතර අමාරුවෙන් ගෙවිලා ගියාලු. ඔන්න අර හාමුදුරුවෝ එනවලු අම්බපාලි එක්ක.

හාමුදුරුවරු කට්ටියක් හිතුවලු ඔන්න බඳින්න අහන්න තමා එන්නේ කියල. සිවුර ඇරලා යන්න වගේ කටකතාවකුත් ගියාලු.

අර හාමුදුරුවොත් සන්සුන්ව වැඩල එකත්පස්ව හිටියම අම්බපාලි බුදුහාමුදුරුවන්ට බිම දිග වෙලා වැඳලා කිව්වලු එයාටත් මහන වෙන්න ඕනේ. මේ ඔක්කොම සල්ලි, මැදුර වල් මුකුත් එපා. කියල අඹ වනයත් පුජ කලාලු සංඝයාවහන්සේටම. අම්බපලියත් මහණවෙලා රහත් වුණා කියලත් තිබෙනවා ථේරී ගාථා වල.

වර්තමාන කතාව:
දැන් මේ වගේ රටවල්වල අම්බපලිලා දෙවර්ගයක් ඉන්නවා. කට්ටියක් හෙනට සල්ලි තියෙන මොඩෙල් ල කියල ජාතියක්. මොඩෙලින් කරන අයත් ඉන්නවා. නමුත් වැඩි හරියක් නම ගහගෙන අම්බපාලි වැඩේ තමා කරන්නේ. ඒගොල්ලෝ එක්ක යන්න අරාබි කුමාරවරු, කැසිනෝ කාරයෝ ලම්බෝගිනි , ෆෙරාරි වලින් තමා එන්නේ.

මේ ලස්සන මොඩෙල්ස් ලට ලොකු පාටි වලටත් ආරාධනා ලැබෙනවා. අර ඉතාලියේ බෙලරුස්කොනි දැම්ම බංග බංග පාටිය වගේ ඒවා. හැබැයි හිටපු ගමන් පොල්සියෙන් පැනල අල්ලනවා. ඒ බදු ගෙවන්නේ නැති වුනහම හම්බ කරන
සල්ලි වලට. ඔය අස්සේ පාරවල් ඉන්න කට්ටිය, ඒ වගේම පුංචි ගෙවල් වල පිම්පියෝ බලෙන් තියන් ඉන්න නැගෙනහිර යුරෝපයේ, අප්‍රිකාවේ සුන්දරියන්ව ඇල්ලුවාම නඩු දාල හිරේට දානවා .

නැත්නම් පිටුවහල් කරනවා ආපහු ආපු රටවල් වලට.

අර පැලානේ දුෂණ මර්දනේ ද මොකේද එකක කට්ටියත් ඒකම කරනවා තායි අම්බපාළිලට. ගහන්නේ එහෙම නැහැ. උසාවියට දැම්මා. රටින් යැව්වා. ආයි මාස හයකින් ආවම ආයිත් ඒකම තමා වෙන්නේ.

හැබැයි ළමයින්ට කන්න දෙන්න සත පනහට වැඩ කරන , බස් නැවතුම් පලවල රස්තියාදු වෙන අම්බපාලිලත් ඉන්නවා. ඒගොල්ලන්ට සමහරවිට රස්සාව කරගෙන යන්න පගා දෙන්නත් වෙනවා ඇති, සල්ලි වලින් හරි වෙන විධිහකින් හරි . ඒකට එයාල හැම වෙලේම කැමති නැතුවත් ඇති.

නමුත් එහෙම අම්බපාලිලට කවුරුහරි ගැහුවොත් ඒක ඉතින් අම්බපාලිලගේ වරදම නෙමේනේ. ගැහුව කෙනා රාජ පුරුෂයෙක්නම් එය හිතනවා ඇති ඉහල උදවියත් කරනම් ඇයි තමන් කලාම වෙන්නේ කියල .

ඔය අව්වස්සේ අම්බපලිව බේරන්න එන්නේ අවකාශනන්දේ උදුලාරතන වගේ හාමුදුරුවෝ කියල කෙනෙක් . කට්ටියක් එයාටත් බනිනවා නඩු යනවා කියල. හැබැයි එයා එහෙම එන්නේ තමන් බුදු වදන් හරියට පිලි පදින්නේ නැති නිසා කියල බනින කාටවත් හිතෙන්නේ නැහැ. තව සමහර හාමුදුරුවරු සමහර රියදුරු මහත්වරු සමග පෙළපාලි යනවලු අම්බපාලිලට විරුද්ධව රාජ පුරුෂයන්ට පක්ෂව.

ඔය අතරේ ජය කුමාරිල , අම්බපලිලගේ අම්මලත් මොනවහරි හේතුවකට රාජ පුරුෂයෝ බන්ධනාගාරේ ඇතුලට දාගන්නවා. ජයකුමරිලගේ දුවල හෙම කොහේ දුක් වවිඳිනවද දන්නෙත් නැහැ.

අර බුදු හාමුදුරුවන්ගේ කලේ අම්බපාලි රහත් වෙලා නිවන් දැක්කට, කේලම් කියපු , මාස හතරක් නොනිදා වාද කරපු හාමුදුරුවරු රහත් වුනු බවක් ජාතක පොතේ නැහැ.

(බුදු හාමුදුරුවෝ ළග ඉඳල බණ ඇහුවත්.) පුනරුප්පත්තියට (පිලි ගන්නවනම්) අනුව ඒගොල්ලෝ කොහේ හරි ඉපදෙන්නත් ඕනෙනේ.

කොහෙද දන්නේ නැහැ නේද ඉපදුනේ?
උපුටා ගැනීම- http://kolambagamaya.blogspot.co.uk/2014/10/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල