අධ්‍යාපනික, සංචාරක හා ඡායාරුප

කාශ්මීර හිමාචල් ගමන 10 – මනාලි සිට පහලට

Off

මනාලි අපි හිටිය හෝටලය තිබුනේ පරණ මනාලි දිහා. ඒක කන්දක් උඩ ලස්සන තැනක තිබුනා. අපි ඒකේ ඉදන් පහලට බහින්නට උවමනා වුනා ටවුමට. පහලට බහින කොට හන්දියේ කඩයක් තියෙනවා. චීන මූන තියෙන පියකරු පෙනුමක් තියෙන ගෑනු ලමයෙක් උන්නා ඒ කඩේ. මම සහ චතුරංග එතනින් බ්‍රෙඩ් ඔම්ලට් දෙකක් ගත්තා උදේ පාතරාසයට. බ්‍රෙඩ් ඔම්ලට් කියන්නේ ලංකාවේ එච්චර නැති කෑමක්. ලොකු කෑමක් නෙමෙයි. බිත්තරයක් ඔම්ලට් කරා සැන්විච් පාන් එකක් අස්සට දැම්මා. ඉන් පස්සෙ ඒක රත්වුන තැටියක් උඩ තිබ්බා. මේක හදනකොට බටර් ටිකකුත් ගානවා පාන් කෑල්ලට. තව ටී එකකුත් ගැහුවා. ඒ පොඩි කඩවල වුනත් කෑම හදන්නේ අපි ගිහින් ඇනවුම් කලාම. හදලා වරු ගනන් මැස්සෝ වහ වහ තියෙන්නේ නැහැ. ඉතින් අපි ගිහින් කිව්වම විනාඩි පාලහකින් විතර බ්‍රෙඩ් ඔම්ලට් එක ආවා. හිනැහි හිනැහි.

මේ පිංතුර තියෙන්නෙ පිලිවෙලට නම් නෙමෙයි. ඊළඟට අපි හිමින් හිමින් පහලට බැස්සා. ඔය අස්සේ කොහොමින් හරි නේරු පාක් එකට ආයෙත් ගියා. නේරු පාක් එක තියෙන්නේ මනාලි හරහා යන ලොකු දොල පාර කිට්ටුව. ඉතින්ඒ වතුර පාර සයිඩ් එකෙන් තියෙන අඩිපාර දිගේ ගමන බොහොම කික් අත්දැකීමක් වුනා. ඒකේ යද්දි ඇල මේ පැත්තේ. අනික් පැත්තේ ලස්සන පාක් එක තියෙනවා.

මේ ලියන්නේ අගෝස්තු 15 දවස ගැන. මතක ලෙස අගෝස්තු 15 කියන්නේ ඉන්දියාවේ නැෂනල් දවස. ඉන්දියාවේ නිදහස් උත්සවය සමරන්න පොඩි උත්සවයක් තිබුනා මනාලි ටවුමේ. අපි ඒකටත් සහභාගි වුනා. ඒ කිව්වේ ඉතින් එතන තිබුන දේ අපි බලාගෙන ඉදියා. අවසානේ එතන කොඩි ප්‍රෝගැම් එකක් තිබුනා. මම සහ චතුරංග ගිහින් ඒකට රුපියල් කිහිපයක් දැම්මා. ඒ ගමන අපිටත් කොඩියක් පැළදුවා. ටවුන් එක මැද තිබුන ඒ උත්සවය ටිකක් හොඳට තිබුනා මතකයි.

ට්‍රැවලින්වලදි කෑම කඩ හොයද්දි හොඳ ට්‍රික් එකක් තමයි සෙනග වැඩි තැන්වලට සෙට් වීම. අපේ රුචා සහ අනෙක් සෙට් එක පට්ට කෑම කඩයක් සොයාගෙන තිබුනා. ඒක මනාලිවල තියෙන සුපිරිම කඩයක්. හොද ෆ්‍රයිඩ් රයිස් එකක් සහ සුපිරිම බියර් එක්ක බඩට දාගත්තා ඒකෙන්. මම බියර් ඉතිහාසේ ගොඩක් බියර් බීල නැහැ. ඒත් ඒ තරම් ස්මූත් බියර් එකක් ගැහුවේ මනාලිවලදි තමයි. එච්චරම තිත්ත අඩු කටුක නැති බියර් එකට බියර් කියන්න පුලුවන්ද මන්දා. ඒත් ඒක පට්ට. ඒකේ කෑමත් හොඳයි. අවාසනාවකට මට දැන් මතක නැහැ ඒ කඩේ නම.

ඇත්තටම ඉන්දියාවේ යද්දි හෝ හොඳ ලාබ රටවල යද්දි ගෙදර අල්මාරියෙන් බාගයක් පුරවාන යන එක තේරුමක් නැහැ. මනාලි ටවුමෙත් රෙදි කඩ තියෙනවා. ආබරණ කඩ තියෙනවා. පොත් පත් කඩ තියෙනවා. ඉතින් එහෙම වෙන්න එපැයි. අපි යන්නේ මිනිස්සු ජීවත් වෙන පලාතක නම්, ඒ පලාතේ ලංකාවට වඩා බඩු මිල ආදිය අඩු නම් අපි මෙහේ ඉඳන් ගොඩක් දේ උස්සන් යන්න ඕනි නැහැ. අපි සෙට් එකම ලොකු ලැගේජ් අරගෙන ගියේ නැහැ ඩිලා විතරක් මහ පෙට්ටියක් වගේ තල්ලු කරන එකක් අරගෙන තමයි බැක්පැක්ටුවර් ආවේ. ඩිලා ඉතින් ඉතාලි පුරුද්දට ඒක අරන් එන්න ඇති.

මනාලි විදිය කියනවා නම් ටිකක් නුවරඑළිය වගේ. ඒත් නුවරඑළියට වඩා ගොඩක් ලොකුයි. මේ කඳුකර පලාතෙන් එලියට යන්න බස් එකේ වුනත් අපිට පෑ හයක් විතර යනවා. ඒක දීර්ඝ ගමනක්. ඉන්දියාවේ ගිහින් ඔන්න මනාලි යන්න ඉන්නවා නම් ලොකු අමාරුවක් නැහැ. යන්න දිල්ලියට. ගිහන් කැෂ්මිර් ගේට් කියන තැන තියෙනවා රෑ බස්. රෑ බස් එකක නැග්ගම උදේ වෙද්දි මනාලි. ඉන් පස්සේ ටිකක් ඇවිදලා හෝ නැතිනම් බුකින් එකෙන් හරි කාමරයක් ඕඩර් කරගන්නයි තියෙන්නේ.

මනාලිවල පාක් කිහිපයක් තියෙනවා. අපි ගියේ නේරු පාක් එකට. චිල්රන් පාක් එකකුත් තිබුනා ඒකත් පෙනුන හැටියට ගැම්ම. මේ තියෙන ජාතියේ පාක්වල තියෙන්නේ මහා විසාල රූස්ස පයිනස් ගස්. ඒවා හිම තියෙන රටවලදි ලංකාවට වඩා වෙනස්වට දාර බේරිලා තියෙනවා වෙන්නට ඕනා. දඩ බඩාස් ගාලා ගිහින් ඔන්න මනාලි ආවා කියලා සිග්නේචර් එක ගහලා එන්න යනවාට වඩා මේ පැතිවල ඇවිත් සතියක් විතර ඉදලා ඇක්ටිවිටි ටිකක් ෆාලෝ කරලා කන්දක් දෙකක් නැගලා මිනිස් ජීවතේ බලාගන්න පුලුවන් නම් වටිනවා. ඒත් ඉතින් අපිට නිවාඩු නැහැ. අපි ගිය කාලේ වැස්ස. අපිටත් වැස්ස පාත් වුනා. ලොකු කරදරයක් නම් වුනේ නැහැ අපිට වැස්සෙන්.

බස් පිටත් වෙන්නේ හවස. බස් නැවතුම් පොලක් ප්‍රධාන ටවුමේ තියේ. ඒත් දුර යන බස් නවත්වන්නේ පහළ තියෙන ලොකු තැනක. හම්බේ සැප බස් තියෙන්නේ එහේ. ලංකාවෙ ඒ වෙද්දි මතක ලෙසට වැඩිය සැප බස් හයිවේවලට ඇවිත් තිබුනෙත් නැහැ. පබ්ලික් ට්‍රාන්ස්පෝට්වලට ඉන්දියාවේ දුර යනවා නම් සැප බස්වල ආසන ඇනවුම් කරලා යන්න පුුලුවන්. ඉන්දියාවෙම හදන ලේලන්ඩ් ටාටා වගේ සැප බස් වගේම වොල්වෝ, මර්සිදිස් වගේ බසුත් තියෙනවා ඉන්දියාවේ පබ්ලික් ට්‍රාන්ස්පොට්වලට.

ආ තව පොඩ්ඩෙන් කියන්න මතක නැතිවෙනවා. අපි ගියා හඩිම්බා දේවාලෙට. හඩිම්බා දේවාලය ඇතුලු දේවාල කිහිපයක් ඉන්දීය ජාතිකයින් අතර ජනප්‍රියයි. ඔවුන් ගිහින් ඒ තැන්වල වන්දනාමාන කටයුතු කරනවා. ලංකාවේ පන්සල් වගේ එකේක වයස්වල එක එක ජාතියේ කට්ටිය ඇවිල්ලා තිබුනා දේවාලෙට. ඒ දේවාල වැඳීම මම හිතන්නේ එහේ නිවාඩු දවසට සාමාන්‍ය ජනයා කරන දෙයක් වෙන්නට ඕනා.

අපි දේවාලෙට ගිහින් ඒ අවට කැරකුනා. ඒ කැරකෙද්දි ඒ දේවාලට ආසන්නවම ඇක්ටිවිටි කිහිපයක් තිබුනා දැක්කා. මහ විසාල අර හිම තියෙන පලාත්වල ඉන්න හරක් ජාතියේ එකෙක් උන්නා. දැන් මට උගේ නම මතක නැහැ නේ. බයිසන් ද මන්දා. අර ලොකු විසාල හිම හරක් ජාතිය. මේ හිම හරක් දැක්කම ටිකක් සැර පාටයි. ඒත් හීලෑ ඇති. බඩු අදින්න සහ සමහර තැන්වල පොඩි උන් පිට උඩ තියාන යන්න මේ හරක් ගන්නවා.

ඇදහිලි නම් ඉන්දියාව – ඉන්දියාව නම් ඇදහිලි කියලා කතාවක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ හරක් අං වගයක් ගහක ගැටගහලා. මේක මේ චර්ම රෝගයකට ගැට ගැහිලා නෙමෙයි. මේත් මොනවාහරි ඇදහීමක්. මේ ආසන්නයේ තව දුනු විදීම වගේ ක්‍රීඩාවන් පුරුදු වෙන තැනුත් තිබුනා. අපි ගිය වෙලාවේ නම් ලොකු සෙනගක් හිටියේ නැහැ ඒත් මේ තැන්වලට වෙන දවස්වලට සෙනග එනවා ඇති.

අපි දිල්ලි බලා බහින්න ඉදිය බස් එකේ ලැගේජ්වලට තව ගානක් ගන්නවා. ඉතින් හද්දෙයියනේ අපි දන්නවය ඕක. ඕ ගැනත් පොඩි කතාවක් ගියා අපි බස් කාරයා එක්ක. ලැගේජ් ටික පටවලා මුන් ඒවා සයිඩ් කරනවා. ඉන් පස්සේ තමයි උනගේ බිස්නස් එක. මගින් ඇපල් දොඩම් වගේ මේ පලාතේ හැදෙන පලතුරු ආදිය පටව ගන්නවා.

ඇපල් නම් ඕසෙට. තේරුන පොඩි සයිස් ඇපල් අපේ ගමේ පොලේ අඹ කාලේට අඹ තියෙනවා වගේ ගොඩ ගහල විකුණනවා. ඒ ඇපල් පිටි ගතියත් එක්ක රසයි. ඒත් පොඩියි. මේ කඳු පලාත්වල සීතල කාලගුණය එක්ක ඇපල් හැදෙනවා ලෙසට. මග දිගට අපි ඇපල් වතු තියෙනවා දැක්කා. ඒ වගේම රට එලෝළු ජාති එහෙමත් සරුවට හැදෙනවා මේ පැතිවල.

බස් එකට නැගලා පැයක් දෙකක් ගියාම ඔන්න ඉතින් රෑ වුනා. අපිට වට පිට බලාගන්න විදියක් නැහැ කරුවලයි නෙ. මේ බස් ලොකුවට වාත නැහැ. ඉදලාම පැයක් දෙකක් ගිහින් ඔන්න එක තැනකින් නවත්තලා කෑල්ලක් දෙකක් පටවාගන්නවා. ඒ ඇර ලොකු කරදරයක් නැහැ.

අපි දිල්ලි ආවේ ඊලග දවසේ උදේ. මේ ගමන කෝච්චියෙන් යනෝ නම් මගදි චාන්දිගර් හරි ඒ වගේ තැනකින් කැඩෙන්න ඕනි. ඊට වඩා ලේසියි හැබැයි කෙලින්ම දිල්ලියෙන් සැප බස් එකක යන එක.

කලින් පෝස්ට් එකක යාලුවෙක් කියලා තිබුනා මේ ට්‍රිප් එක පුරාවට මේක ලියවෙන්නේ නෙගටිව් මයින්ඩ් සෙට් එකකින්ය හැම එකක්ම අරක නැහැය මේක නැහැය කියලා තමාය ලියන්නේ කියලා. ඒකතාව ඇත්ත. ඒත් ටුවර් කියන්නෙ අත්දැකීම්. රෙන්න පුක හෝදගන්න අයිස්වතුර සෙට්වුන සීතල හිම කාන්තාරෙ මැද ටකරම් මඩුව මට නම් මතක හිටින පට්ට අත්දැකීමක්. ගොන්ඩෝලා කාර් පදින්න සිරිනගර්වල පයින් යන ටිකට එල්ලි එල්ලි කාක්කෝ වගේ ටුවර් පොරවල් පස්සෙන් ආපු එකත් අත්දැකීමක්. ඒ වගේ අමිහිරි කටුක අත්දැකීම් කියන්නෙත් එක්තරා සැර චූන් එකක් තියෙන වැඩක්..

ඇත්තටම සැපට කාල බීල උකල නිදාගන්න නම් ලංකාවෙ හොද හෝටලයකට ගියා නම් හරි. දවස් දෙක තුනක පැකේජ් එකක් ගහන් ගියාම හොදට සැප විඳලා නාලා කාලා ඉදලා එන්න පුලුවන්. කඳුකර මනාලිය ලස්සනයි. අමුතුයි. අලුත්.. ඒ හැම දෙයක්ම වචනයෙන් කියන්න අමාරුයි. අපිට මතක් වෙන්නේ අපිට මතක තියෙන්නේ ගිහින් ගනිපු අත්දැකීම් විතරයි.

අපි දිල්ලියේ ඉඳලා ගමන පටන් ගත්තාට ඇත්ත දිල්ලිය බලා ගත්තේ දෙවනි පාර. මම ලංකාවේ කොළඹ හැර තවමත් ගිහින් තියෙන ලොකුම නගරය තමයි දිල්ලිය. දිල්ලියේ සිටි එක පිලිවෙලයි. කොළඹට වඩා දිල්ලිය පහසුයි. මට එක දවසට ෂොපින් ඒරියා 5 ක ෂොපින් කරන්න පුලුවන් වුනා දිල්ලියේදි. ඉතින් අපි ඔබල බලන්න ඕනි නැහැ ඊලග දිල්ලි විස්තරෙන් ඒ ටික බලාගනිමු නේද ?

පහල තියෙනවා වීඩියෝව. ඒ වීඩියෝවෙ තියෙනවා මනාලිවල මගේ සහ යාලුවගේ සපත්තු පොලිශ් කරන්න ආපු දරුවෝ දෙන්නෙකුත්. සමහර විට මයිනර්ස්ලා ඉන්න නිසා යූ බටෙන් ඒක අයින් කරයිද දන් නෑ..

http://ansathudinapotha.blogspot.com/2019/01/10.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල