සඳැස් / නිසඳැස්

දුම් රස හාදු

Off

අවුරුදුම තිස්පහක්
මා හද බැඳි ඔබ
හීනෙකින්වත් නොහිතූ වෙලාවක
මුවාවී කැස්සක
සැඟවී හෙම්බිරිස්සාවක
අතුරුදන් උනේ ගිය උඳුවප් මහේ

අන්තිම කාටුනය ලාච්චුවේ
අන්තිම පැකැට්ටුව මේසය උඩ
ලයිටර් ගිනිපෙට්ටි ක්‍රෝධයෙන්
අහක බලන්

හදිසියේම නින්දෙන් පිබිදෙන
හීනයකින් පියවි සිහිය ලබන
කකුල පැටලී බිම වැටුන
සේ දැනෙනා විට
ඔබ කොහේද ගිහින්
දුමාරයේ සුවඳවත් නොතියා මා මුව….
දුම් රස හාදුවලට
පෙම්බැඳි
කුමරිය සේ…!

https://chef-archiect.blogspot.com/2019/01/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල