කාලීන සංවාද, කෙටි කථා

පොලිස් කොත්තුවක් සමඟ වසර තුනකට පසු නැවතත් කුරුඳුවත්ත පොලිස් ස්ථානයට

Off

කුරුඳුවත්ත පොලිසියත් එක්ක මගේ අත්‍යන්ත බැඳීමක් නෙව තියෙන්නේ.. 2016 ජනේරු මාසේ අහක යන මඟුලක් ෆොටෝ අල්ලල කුරුඳුවත්ත පොලිසියේ දවසක් ලගින්න උනායින් පස්සේ මං කොටිම්ම ආයේ රීඩ් ඇවනියු එක පැත්තෙන්වත් හදිසියකටවත් නොයා හිටියේ.. ඒ තරම් ප්‍රිය මනාපයි පොලිස් උත්තමයන්ව එදා ඉඳං හිටං..

ඒ උනාට ඊයේ සෑ උනානේ ආයිම හෙටානිද්දට එහෙ ගිහින් එන්න සිද්ද වෙන වැඩක්.. ඊයේ සෑ නවයත් පහුවෙල.. මං ගංගාරාමේ පැත්තේ ඉඳං ඇවිල්ල හිට පිත්තල හංදියෙන් වමට දාන්න යනකොට මයෙ අම්මපල්ල කහ ලයිට් එක තිබුනේ.. ඉතිම් මං ආපු වේගෙන්ම නැවුව වමට.. එතකොටම රතු ලයිට් එක පත්තු උනා තමයි ඉතිම්.. ඒක වෙනම කතාවක්.. අපොයි හරෝනකොටම පැන්නේ නැද්ද පොලිස් අංකල්ල දෙන්නෙක් ඉස්සරහට..

පොලිස් කාරයෙක් උනත් සුද්දෙක් නම් අවුලක් නෑ සර්…

ඉතිම් එයාල මගේ ලයිසම පරිස්සමට තියාගෙන මට කොල කෑල්ලක් දීල කියුව මේ දවස්වල ආණ්ඩුවටත් සල්ලි නැති නිසා තැපැල් කන්තෝරුවට සුපියල් 1100/- ගෙවල පොලිසියට ඇවිත් ලයිසම ඉල්ල ගන්න කියල.. කොහෙ පොලිසියටද ඇහුවම තමයි මගෙ මල එජස් වුනේ.. ඇයි යකෝ මේ ලංකාවටම තියෙන්නේ කුරුඳුවත්ත පොලිසිය විතරද.. ඉඳකින්.. දැන් පලකො ඔය ගුබ්බෑයම අස්සේ ආයෙම.. නිකම්ම යන්න හොඳ නැති නිසා පොලිසියට පොඩි මඩකුත් ගහගෙන මගේ ඇරියස් එකත් කවර් කරගන්න හිතුන මේ කතාව දාන්න බ්ලොග් එකේ.. හෙහ් හෙහ්.. ආං එහෙමයි අපි ඈ!

මේ කතාව නං උනේ සැළකිය යුතු කාලෙකට කලින්.. කොටිම්ම දැං මෙහෙම කලාට ඒ කාලේ පොලිසිය අපිට හොඳට සළකන කාලේ.. (මීට අවුරුදු විස්සකට විතර කලින් මම කයිට්ස් වල ඉද්දි කයිට්ස් පොලිසිය තිබුනේ නේවි එක යටතේ.. පොලිසියේ ඕ.අයි.සී ත් ඔපරේශනලි රිපොර්ට් කරේ කයිට්ස් නේවි CO ට.. ඒ කාලේ ඉතිම් අපි හවසට පොලිසිය පැත්තේ ගියාම ඔය සාජන් ලා පී.සී. ල එහෙම කරේ තියාගෙන අපිට සළකන්නෙ.. උන් අපේ සෙක්ටර් වලට ආවම අපේ කොල්ලොත් ෆුල් බක්තිය දෙනව.. දැන් ඒව ඉතිම් මතක විතරයි- හිත හැදෙන්න ඒ ටික ලියුවෙ; කවුරුත් බනින්න එපා ඉතිම් රණවිරු සෙද්දවල් විකුණන් කන්න ලියනවා කියල හිටං)

මේ සිද්ධිය උනේ ඒ 9 පාරේ කෑමට බස් නවත්තන ප්‍රසිද්ද කඩ පොළකදි. තාමත් ඒ කඩ තියෙනව ඇති කියල හිතෙන නිසා හරියටම තැන කියන එක හරි නෑනේ. ඔතන බස් නැවත්තුවම එක ලඟ තියෙන කඩ දෙක තුනක් සූ ගල පිරෙනව.. මම පුරුදු වෙලා හිටියේ ඔය අතරින් ටිකක් අඩුවෙන් සෙනඟ පිරෙන කඩේකට යන්න. එතන ටිකක් නිදහසෙ ඉන්න පුලුවන්. අනික මුදලාලි හෙන ප්‍රියමනාප ඩයල් එක. පොර මඩකලපුවේ බුවෙක්. මාත් ඉපදිල තියෙන්නේ මඩකලපුවේ කියුවම මාත් එක්ක හෙනට ෆිට් උනා.. මුදලාලි ෆිට් නිසා කොල්ලොත් ෆිට්. මාසෙකට සැරයක් දෙකක් ගියා උනත් ඒ ටිකට හොඳට සළකනව (කියල හිතුව..)

දවසක් මං ඔහොම ඔතන ඉන්න වෙලාවෙම පොලිස් ජොකියො දෙන්නෙක් ගොඩ උනා.. ඒ අහල පහල ඩියුටි හිටපු උන් වගයක් වගේ.. උන් ඇවිල්ල වාඩි වෙනකොටම එක කොල්ලෙක් කෑ ගැහුව..

“පොලිස් කොත්තු දෙකා…..යි….”

පොලිස් කොත්තුවක් නොවේ..

විනාඩි පහක් යන්න කලින් හොඳ උනු උනු කොත්තු දෙකක් අරුන් දෙන්නට හම්බුනා.. මට හෙන කුතුහලේ මේ පොලිස් කොත්තු සීන් එක.. මම හෙමීට කොල්ලෙක් ලඟට කිට්ටු කලා..

“ඈ.. බං.. උඹල පොලීසියට හෙන බක්තිය නෙහ්.. ස්පෙශල් පොලිස් කොත්තු විනාඩි පහෙන් දෙන්නෙ ටේබල් එකට..”

ඌ කැත විදියෙ හිනාවක් දාල මෙහෙම කියුව..

“සර් කාටවත් කියන්නේ නැති බව දන්නව.. ඔය යක්කු සල්ලි දෙන්නේ නෑනෙ සර්.. අපි ඔය බාගෙට කාල ඉතුරු කරන කොත්තු, චිකන් අඬු එහෙම වෙනම එකතු කරල තියනව.. ඉතිම් එනකොටම ඒවයින් ලොකු කොත්තු දෙකක් මිරිස් සැරට අලුතෙන් ගහල දුන්නම වැඩේ ශේප්!..”

හායි යාළුවනේ.. සඳුදට මාව කු.පො.යේ ඇරස්ට් කල්ල කියල ආරංචි උනොත් එහෙම හොඳවැයින් පොලිස් කොත්තුවකුත් අරං මාව බලන්න එන්ටල..ජය වේවා! කියුව එහෙනම්..

ක.මි.

කල්‍යාණ මිත්‍ර

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල