අධ්‍යාපනික, ඉතිහාසය, දේශපාලන, සාහිත්‍ය කළා විචාර

රැඳවියෙකුගේ කටු සටහන් – 1987

Off

[මේ ඡායාරූපය ඒක මම පළමු‌වෙන්ම දැක්කේ මැගසින් බන්ධනාගාරයේ පුස්තකාලෙ තිබ්බ 1962 පලකළ පොතකින්. ඒ 1987 දී. නැවත අන්තර්ජාලයෙන් මේ ඡායාරූපය වරින් වර දකින්න ලැබෙනවා. මතක කුලප්පු උනාට ඒ කාලේ ‌මේ දෙන්න ගැන ලියා ගත්තු කටු සටහන් හම්බ ‌වෙන්නේ කාලයක් ගිහින්. ඡායාරූපයත් ටිකක් හදලා කරලා කටු සටහනත් සමග ඔබ සමග බෙදා ගන්න හිතුනේ අද. මේ කේ.පී.ඩී. වික්‍රමසිංහගේ (1962) ටොලොස්ටෝයි කියවීමක සිංහල පරිවර්තනයකින් සහ සංස්කෘති ආදී පැරණි සඟරාවලින් 1987 දි ලියාගෙන ඇති කටු සටහන් හෑලිවලින් පුංචි ‌කොටසක්]

*ටොලොස්ටෝයිගේ රෝගය ගැන මම බියටත් කලබලයටත් පත් වුනා. ඔහුගේ මරණය සම්බන්දව මම බිය වුනා. ඔහු මිය ගියහොත් මාගේ ජීවිතයෙන් විශාල කොටසක් හිස් වෙයි. ඔහු තරම් මම කිසිවකු කිසි විට ප්‍රිය කළේ නැහැ. මා කිසිවකුගේ අදහස් විශ්වාස නොකරන්නෙකු වුවද හැම අදහස් අතරින් ඔහුගේ අදහස් උදහස් මගේ අදහස්වලට කිට්ටු බව ඇත්ත. ටොල්ස්ටෝයි සාහිත්‍යයේ සිටින තෙක් සාහිත්‍යකාරයකු වීම පහසු කාර්යයක්. කෙනකු අතින් උසස් යමක් ලියැවී නැතත් නොලිය හැකි වුවත් ඒ් ගැන බිය විය යුතු නොවේ. කාහටත් සරිලන සේ ටොලොස්ටෝයි ක්‍රියා කරනවා.(චෙකෝෆ් කියයි)

*ටොලොස්ටොයි පිළිඹඳව ඔහුට පසු ලේඛක පරපුරේ චෙකෝෆ් සහ ගෝර්කි වැන්නන්ගේ පවා ඇතැම් ප්‍රකාශ මේ යුගයේ අප රටටද ඉගෙන ගත යුතු බොහෝ දේ ඉතිරිව තිබේ.

*ටොලොස්ටෝයි නැති කලෙක ඉතිරි සාහිත්‍යකාරයෝ එඬේරා නැති බැටලු රැලක් මෙන් වෙනු ඇතැයි හෝ නැතිනම් කිසිවක් පැහැදිලි කරගත නොහැකි කැඳ හැලියක් වනු ඇතැයි චෙකෝප් සටහන් කර තිබෙන බව කේ.පී.ඩී. ලියා තිබේ. මෙකළ ටොල්ස්ටෝයි මිනිසෙක් නොව දෙවියෙකු බවද චෙකෝප් කියා තිබේ‍.

*මීට වඩා ලස්සන වෙන්නේ ‌ටොලොස්ටෝයි චෙකෝෆ්ව ගෝර්කිත් සමග වර්ණා කරන හැටි. චෙකෝෆ් ඇවිදින්නේ දැරික වගේ බවත්, චෙකෝෆ් ලස්සන පිරිමියෙකු බවත් තම දියණිය වන ලෙවරිනා සමග මිදුලෙහි සක්මන් කරන විට ටොලොස්ටෝයි විටක පවසා ති‌‌බෙනවා.

*චෙකොෆ් ලැබූ වෙද්‍ය ශාස්ත්‍රය සම්බන්ධ අභ්‍යාසය නොවේ නම් චෙකෝෆ් මීටත් වඩා හොඳ ලේඛකයෙක් වීමට ඉඩ තිබුණු බවත් ටොල්ස්ටොයි ප්‍රකාශ කර තිබෙන බව කේ.පී.ඩී. පවසයි. (එකල ‌ටොලොස්ටෝයිට බාල වූ ‌චෙකෝෆ්,‌ ගෝර්කි වැනි රුසියානු නව පරපුර ‌ටොලොස්ටෝයිට ආදරය කළ ආකාරය වගේම ‌පෙරලා ‌ටොලොස්ටෝයි ඔවුන්ට ආදරය දක්වා තිබෙන ආකාරයත් අපේ රට ගැන හිතන විට විශේෂයි.)

[අපේ රටේ වැඩිහිටි ලේඛකයන් සහ එයාලගේ දුවලා ගැනත් විරෝධාකල්ප කවි වගේ හෑලි මා විසින් එම කටුසටහන් යට සටහන් කර තිබෙනවා. තාම හුස්ම ගන්න ඊ පවුරේත් ඉන්න ප්‍රේම ලාල්ට නම් මේව මතක ඇති. එයා තමා කටු සටහන් ඇසුරෙන් මම ලියපු ලිපිත් ගොඩක් ඒ කාලේ රැඳවියෝ අතින් ලියපු සඟරාවලට දාන්න නැවත පිටපත් කළේ. නමුත් එහෙම ලියපු සඟරා දැන් කොහෙන් හොයන්නද ? කොහොමත් ටොලොස්ටෝයි සිය දුවට චෙකෝප්ගේ විස්තර කියපු ආකාරය ගැන අපි ‌වෙනස් විදිහකට හිනා ‌වෙවී කතා කළා. සමහර විට ඒ විහිළු ඒ කාලේ ඇත්ත ‌වෙන්නත් බැරි නැහැ. ‌මේ සටහන්වලින් ‌හෝ මහන්සියෙන් ප්‍රයෝජන ගන්න අපට ඉඩක් ලැබුනේ නැහැ. ඒ කාලේ කවුරු කවුරුත් ‌අපට ඉඩක් දුන්නේ නැහැ කිව්වත් වරදක් නැහැ. ]

ජගත් මාරසිංහ
2019 ජනවාරි 22

මාරස

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල