අධ්‍යාපනික, කාලීන සංවාද, දේශපාලන, විවිධාංග

NOTA – “None of the above”

Off

උඩින් මුකුත් නොදා එක පාරටම None of the above කියලා කිවුවම මේ මොකක්ද කියලා හිතුණද…

මේ කියන්න යන්නෙ නෝටා ගැන.

ලංකාවෙ, අපේ ඡන්ද ප්‍රකාශ කරන ක්‍රමේට අනුව අපි කෙනෙක්ට අකමැති නම් ඒක ප්‍රකාශ කරන්න විදිහක් නෑ. එක්කෝ ඡන්දෙ නොදා ඉන්න ඕනෙ. නැතිනම් ඡන්දෙ කටු ගාන්න ඕනෙ. එහෙමත් නැතිනම් කුණුහරපයක් ඡන්ද කොලේ ලියන්න ඕනෙ. (මෙය මම්ම් රෙකමදාරු කරන්නක් නොවේ. නමුත් වර්තමානයේ සිදුවන්නක්.) ඔච්චර තමයි අපිට ඡන්ද ප්‍රතික්ෂේප කරන්න ක්‍රම තියෙන්නෙ.

නමුත් මේ එකකින්වත් දේශපාලුවන්ට බලපෑමක් තියෙනවද ? පහුගිය කාලෙ සුප්‍රකට මාතෘකාවලදි කතා වුන විදිහේ උකුණු පුකක තරම්වත් බලපෑමක් තියෙනවද ? නෑ. කොටිං කිවුවොත් දේශපාලුවො දන්නෙවත් නැතිව ඇති කීදෙනෙක් තමන්ට අමනාපද කීදෙනෙක් තමන්ට විරුද්ධව කුණුහරප ලියලා තිබුණද කීදෙනෙක් තමන්ට නොදී චන්දය අවලංගු කලාද කියන එක. අවලංගු චන්ද ප්‍රමාණය සමස්තයක් විදිහට කියනවා මිසක එක් එක් පුද්ගලයාට හෝ පක්ෂවලට වෙන වෙනම අමනාප ප්‍රමාණය ගිණීමේ හෝ ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් අපේ සාම්ප්‍රදායික ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමයේ නෑ. ඒවා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන හා මැතිවරණ කොමිසමෙන් මෙහාට අපිට දැන ගන්න විදිහක් නෑ.

නමුත් බොහෝ රටවල මේක වෙනස්. දුර යන්න ඕනෙ නෑ, අපි ලඟම නෑයා දිහා බලමු. ලගම නෑයා සිරස නෙමේ ඉතිං.
ඒ තමයි ඉන්දියාව.

නිව්ටන් පිලුම කී දෙනෙක් බලලා තියෙනවද ? බලපු අයට මතක ඇති. ඡන්ද මධ්‍යස්ථානෙට නැක්සල්වාදීන් ප්‍රහාර එල්ල කරද්දිත් නිව්ටන් පණ වගේ ආරක්ෂා කරගන්න හදන්නෙ මොකක්ද කියලා. ඒ මොකක්වත් නෙමේ. ඡන්ද ප්‍රකාශ කරන යන්ත්‍රය නොහොත් EVM(Electronic Voting Machine) එක..

මේ යන්ත්‍රයේ තිබෙන බොත්තම් එබීමෙන් තමයි ඉන්දියාවෙ ඡන්දය ප්‍රකාශ කරන්නෙ. එම දත්ත යන්ත්‍රය ඇතුලෙම ගබඩා වෙනවා. ඒ මගින් තමයි පසුව ඡන්ද ප්‍රතිඵල ගණනය සහ ප්‍රකාශ කිරීම වෙන්නෙ.

ඉන්දියාවෙ මැතිවරණ සම්බන්ධයෙන් සුප්‍රකට විකල්පයක් තමයි නෝටා.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට සිවිල් සංවිධානයකින් ඉදිරිපත්වුන පෙත්සමක් සළකා බලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් නියෝගයකට අනුව ඉන්දීය මැතිවරණ කොමිසම විසින් EVM එකට නෝටා බොත්තම ඇතුළත් කරනවා. අපි මේ නෝටා එක අමනාප විදිහට හඳුන්වමු.

මේ විකල්පය ලබාදීමත් එක්කම මෙය සෑහෙන්න ජනප්‍රිය වෙනවා. සමහර මැතිවරණවලදි ලබාගත් මනාප ප්‍රමාණයට වඩා අමනාප සංඛ්‍යාව වැඩියි. උදාහරණ විදිහට කිවුවොත් 2017 ගුජරාට් ප්‍රාන්ත මැතිවරණයේ සහ 2018 දී මධ්‍යප්‍රදේශ්, රාජස්තාන් සහ කර්ණාටක් මැතිවරණවලදී ලබා ගත් මනාප ප්‍රමාණයට වඩා අමනාප ප්‍රමාණය වැඩි වුනා. කෙසේ වුවත් ඉන්දියාවෙ නම් අපේක්ෂකයෙක්(න්) ලබා ගත් මනාප ප්‍රමාණය ඉක්මවා අමනාප ප්‍රමාණයක් තිබුණත්, ලබා ගත් මනාප සළකා බලා ඉන් ඉහලම ප්‍රමාණය ලබා ගත් අයව තෝරා පත් කර ගනු ලබනවා. එහෙත් මෙම ක්‍රමය නිසා පක්ෂවලින් නාම යෝජනා ලබා දීමේදී දිගින් දිගටම අමනාප වාර්තා කරන අපේක්ෂකයෙක්(න්)ට නාමයෝජනා ලබා නොදීමේ ප්‍රවණතාවක් තියෙනවා. උන්න හැටියට මලා මදිද ?

ඔන්න ඔය නිසාම තමයි නෝටා අපේ රටටත් අවශ්‍ය වන්නෙ. නමුත් මම නම් කියන්නෙ අපේ රටට ඔය නෝටා ක්‍රමය හඳුන්වා දෙනවා නම් එය ඉන්දියාවෙ ක්‍රමෙට නැතිව වෙනස්ම ක්‍රමයකින් විය යුතුයි.

එනම්,
එක්කෝ කෙනෙක්/පක්ෂයක් ලබා ගත් අමනාප ප්‍රමාණය මනාප ප්‍රමාණය ඉක්මවා යන්නේ නම් ඔවුන්ව කෙසේවත් තෝරා නොගැනීමට හැකි වන ලෙසත්..
හෝ
එක් එක් පක්ෂය සහ අපේක්ෂකයා ලබා ගත් මනාප සහ අමනාප ප්‍රමාණයන් ඇතුළත් වාර්තාවක් ලබාගෙන ඡන්ද ප්‍රතිඵල සමගින් එම වාර්තාවද නිකුත් කල හැකි වන ලෙස

මෙම ක්‍රමය අපේ රටේ ක්‍රියාත්මක කළ යුතුයි. මේ නිසා අපේ රටෙත් පක්ෂ නාමයෝජනා දීමේදී දිගින් දිගටම අමනාප ස්කෝ කරන අයට නාමයෝජනා නොදීමට පෙළඹුනොත් සහ/හෝ දිගින් දිගටම අමනාප ලබා ගන්නා අපේක්ෂකයන් ප්‍රකාශ වීම නිසා ඡන්දදායකයා විසින්ම සිය බුද්ධියෙන් විමසා ඉදිරියට එවන් අපේක්ෂකයන්ට සහ ඔවුන් ඇතුළත් පක්ෂවලට ඡන්දය නොදී සිටීමට කටයුතු කළහොත් එයම ප්‍රජාතාන්ත්‍රික ජයක් නොවේවිද ?

නමුත් දේශපාලන හොරගෙඩියන් සිටින මෙවන් රටක අධිකරණ නියෝගයකින් තොරව නම් මෙය සිදුවීම හීනයක් පමණයි. නෝටා තබා EVM වත් මෙරටට හඳුන්වා දෙන්න මේ හොරගෙඩියන් ඉඩ තබාවිද යන්න ගැටළුවක්. එම නිසා ඒ සඳහා අවම වශයෙන් පෞරයන් හැටියට අපි හෝ පෙළ ගැසිය යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් කලු කොඩි එසවීම, පාගමන් යාම, විරෝධතා සේම හො ඊටත් වඩා මෙය ප්‍රායෝගික හා සාර්ථක වේවි යන්න මගේ අදහසයි.

ඔබේ අදහස ?????

The Archive

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල