අධ්‍යාපනික, විද්‍යා හා තාක්ෂණ

යුද ටැංකියක් හඳුනා ගනිමු- තුර්කියේ අල්ටායි යුද ටැංකිය

Off

අල්ටායි ව්‍යාපෘතිය හසුරවනු ලබන්නේ තුර්කියේ යුදෝපකරණ කර්මාන්ත උදෙසා වූ ආරක්ෂක අමාත්‍යාංශයේ උප මහ ලේකම් කාර්යාලය විසින්ය.එයට ප්‍රධාන කොන්ත්‍රාත්කරුවා වශයෙන් මග පෙන්වන්නේ ඔටෝකර් සමාගමයි.

තාක්ෂණික අංග

කාර්ය මණ්ඩලය 4යි
ප්‍රධාන අවියට උණ්ඩ පැටවීම මිනිස් අතින් සිදු කෙරේ.
මි.මී. 120 ප්‍රධාන අවියක් සහිතය.
ලේසර් කිරණ ඔස්සේ මග සොයා යන මිසයිල දියත් කල හැකිය.
අණදෙන්නට සහ අවිකරුට වෙන වෙනම පරීක්ෂයන් තිබෙන නව පරම්පරාවේ වෙඩි පාලන පද්ධතියක් සහිතය.
දුරස්ථව පාලනය වන අවි පද්ධතිය,මි.මී. 12.7 හෝ මි.මී.7.62 මැෂින් තුවක්කුවකින් හෝ මි.මී. 40 ස්වයංක්‍රීය බෝම්බ විදිනයකින් සන්නද්ධ කල හැකිය.
සමක්ෂක මි.මී. 7.62 මැෂින් තුවක්කුව
අවිකරුගේ අතිරේක දර්ශන පථ පද්ධතිය
අශ්ව බල 1500 නව පරපුරේ යූරෝ බලශක්ති සැපයුම
අතිරේක බල සැපයුම
මොඩියුලර් සංයුක්ත සන්නාහය
ලේසර් අනතුරු ඇඟවීමේ පද්ධතිය
සංග්‍රාම භූමියේ ඉලක්ක හඳුනා ගැනීමේ පද්ධතිය
ජීවිතාරක්ෂක පද්ධතිය සහ රසායනික,ජීවවිද්‍යාත්මක,විකිරණශීලී සහ න්‍යෂ්ඨික තර්ජනයන්ගෙන් ආරක්ෂාව ලබා දෙන ආවරණය සහ වායු සමිකරණ පහසුකම සහිතය.
යුද ටැංකිය වටා අංශක 360 පරාසයක් තුල තර්ජන හඳුනා ගන්නා පද්ධති
විධාන,පාලන සහ සන්නිවේදන තොරතුරු පද්ධතිය
රියදුරු සමග එක් වූ රූපවාහිනී තිරය
රියදුරු සඳහා ඉදිරිපස සහ පිටුපස කැමරා,දිවා/රාත්‍රී දෙකෙහිම භාවිතා කල හැකිය.
මීටර් 4 ජලය තුල ගිලී මෙහෙයුම් සිදු කිරීමට පුලුවනි.
ස්වයංක්‍රීය ගිනි නිවීමේ සහ පිපිරීම නිවාරණය කිරීමේ පද්ධතිය

අල්ටායි යනු 21 වන සියවසේ හමුදාවන් සඳහා අත්‍යාවශ්‍ය විවිධ උපාය මාර්ගික අවශ්‍යතා සහ නූතනම තාක්ෂණයන්ගෙන් පිරිපුන් පරම්පරාවේ ප්‍රධාන සංග්‍රාමික යුද ටැංකියකි.

අල්ටායි යුද ටැංකිය එහි අනර්ඝ සංචලතාවය,උසස් වෙඩි බලය සහ නොනැසී පැවැත්ම යන හැකියාවන් අතින් කැපීපෙනෙන කාර්ය සාධනයක් පෙන්වන ලදි.මෙම යුද ටැංකිය සංචලතාවය,වෙඩි බලය් සහ ආරක්ෂාව යන අවශ්‍යතා සම්බන්ධ රළු පද්ධති යෝග්‍යතා පරීක්ෂණ හමුවේ සාර්ථකව සමත්ව තිබේ.අල්ටායි යුද ටැංකිය සතු අද්විතීය සැලසුම නිසා වර්තමාන සහ අනාගත මෙහෙයුම් වලට වාසි සැලසෙන අතර නාගරික සංග්‍රාම සහ සාම්ප්‍රදායික යුද ටැංකි-යුද ටැංකි අතර සටන් සඳහාද යෝග්‍ය වේ.

සංචලතාවය

සංයුක්ත,අලුත් පරම්පරාවේ වී12 වර්ගයේ යුරෝ බලශක්ති සැපයුම අශ්ව බල 1,500ක සපයන අතර එහි ඉදිරිපසට ගියර් 5ක් සහ පිටුපසට ගියර් 3ක් තිබේ.අල්ටායි යුද ටැංකිය සතු අති නවීන සිසිලන පද්ධතිය හේතුවෙන් රළු භූමියන්හිදී සහ අතිශය කටුක කාලගුණික තත්ත්ව යටතේ මෙහෙයුම් සිදු කල හැකිය.

වෙඩි බලය

අල්ටායි යුද ටැංකිය සතු මි.මී. 120 ප්‍රධාන අවියට ඕනෑම වර්ගයක යුද ටැංකි උණ්ඩයක් නිකුත් කිරීමේ හැකියාව තිබේ.අවිකරුවා ඉලක්ක වෙත පහර දෙන අතරේ අණදෙන්නට හාත්පස නිරීක්ෂණය කරමින් ඉලක්ක සොයා ගත හැකි නව පරම්පරාවේ වෙඩි පාලන පද්ධතිය නිසා ධාවනය වෙද්දී පළමු ප්‍රහාරයම ඉලක්කය වෙත පතිත කරවීමටත්,සතුරු ප්‍රහාරවල ඉලක්කය බවට වීමේ හැකියාව අවම කරගන්නට පුලුවනි.අල්ටායි යුද ටැංකිය දුරස්ථපාලක අවි පද්ධතියේ මි.මී. 12.7 හෝ මි.මී.7.62 මැෂින් තුවක්කුවක් නැතිනම් මි.මී.40 බෝම්බ විදිනයක් සවි කල හැකිය.ඊට අමතරව සමාක්ෂ මි.මී.7.62 මැෂින් තුවක්කුවක් අතිරේක අවියක් වශයෙන් භාවිතා කල හැකිය.

නොනැසී පැවැත්ම

පිරිවැටූ සමජාතීය සන්නාහයක් සහිත යුද ටැංකියේ කඳ සහ සංයුක්ත සන්නාහයෙන් යුක්ත කොත සහ ස්ඵෝටනය වන ප්‍රතික්‍රියක සන්නාහය පැකේජ නිසා අල්ටායි යුද ටැංකියට නූතන චාලක ශක්ති උණ්ඩ සහ අධි-ස්ඵෝටක උණ්ඩවලින් එල්ල වන තර්ජන හමුවේ පවා නැගී සිටිය හැකිය.බිම්බෝම්බ ප්‍රතිරෝධී මෙවලම් කට්ටලය,ජීවිතාරක්ෂක පද්ධතිය,අතිරේක බලශක්ති සැපයුම,ලේසර් අනතුරු ඇගවීමේ පද්ධතිය,අංශක 360 පරාසයක් ආවරණය කරන සම්ප්‍රජානන පද්ධතිය යනු අල්ටායි යුද ටැංකිය සතු නොනැසී පැවැත්මට සහාය වන අංගයන්ය.

සංග්‍රාම භූමිය කළමනාකරණය

අල්ටායි යුද ටැංකිය සතු නව පරම්පරාවේ සංග්‍රාම භූමිය කළමනාකරණ පද්ධතිය මගින් යුද ටැංකියේ තත්ත්වය සහ උප පද්ධතීන්වල කෘත්‍යයන් සම්බන්ධව කාර්ය මණ්ඩලය දැනුවත් කරයි.

සංග්‍රාම භූමිය

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල