අතීතකාමය, ප්‍රහසන, විවිධාංග

කැම්පස් එකේ උන් 8

Off

කැම්පස් එකේ උන් 7

කැම්පස් එකෙන් එක එකා උන්ගේ කාමර වහල ගෙදර යනවා. ෆ්ලොව් එකේ කවුරුත් නැහැ. වෙනද තැන තැන ඇරලා තිබුණු කඩවල් එකවත් නැහැ. කඩේ මුදලාලි උන පටා නිතරම මතක් වෙනවා. ඉස්සර ෆ්ලොව් එකට යනකොට ඇරලා දාල තිබුණු ඔක්කොම කාමර වහල දාලා එකෙක්වත් නැති කොට දැනෙන මූසල හැඟීම කියල වැඩක් නැහැ. කැන්ටිමට ගියත් වෙනද අපි ඔක්කොම එකට කාපු මේසය දැක්කම දැනෙන දුක කියල නිම කරන්න බැහැ. ඕඩිය දැක්කම ඔහේ වල් පල් දොඩවපු රැයවල්වල මතකයන් දෝංකාර දෙනවා වගේ. ඔක්කොම ගෙවල්වල ගිහින් අන්තිමේදී මමයි බොන්ජු අසංක ජනිඳු රෙපා අපි ටික විතරක් ඉතුරු උනා. එහෙම හිටපු අපිට මෙහෙම උනාම දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැහැ.

ඉතින් ඔය මතකයන් ඔස්සේ අද කතාවට යමු. දැන් ඉන්නේ මගේ සත්ගුණවත් කාමර සගය ගැන ලියන්න. පොරගේ නම පසිඳු. ගෙවල් තෙබුවන. අම්මයි තාත්තයි දෙන්නම රැකියාවල් කරනවා. මල්ලි කෙනෙක් ඉන්නවා. හෙට්ටිගේ ගෙදරට බාල පයිප්ප දැම්ම හේතුව නිසා පොරට හෙට්ටි කියන නම පට බැඳුනා. සඳ දෙවිඳුගේ මුහුණේ හැඩයට සමානවූ මුහුණක් පිහිටීම නිසා සද දෙවිඳු යන නමින්ද පොර නම් උනා. කෙල්ලන් ආදරයට පොරට කිව්වේ ජී කියලා. වරක් දෙවරක් ඉංග්‍රීසි චිත්‍රපටවල චරිතවල නම්වලින් පවා පොර හැඳින්වුවා. හෙට්ටියා මට මුලින් හම්බ උනේ අපේ බෝඩිමේ ඉඳන්. කාටවත් කරදරක් නැතිව ඔහේ අහිංසක විදිහට පොර ජීවත් උනා. පරීක්ෂණ කරන වෙලාවට පොර මගේ කණ්ඩායමට ගොඩක් දුරට වැටුනා. ඉතින් මම පොරට කියලා කිහිප වතාවක්ම උදව් අරගෙන කොස් වරක් ගොඩ දාල ඇති. මොරටුවෙන් දියගමට ආවට පස්සේ අපිට හොස්ටල් හම්බ උනා. එ්ත් එක්කම තමයි පොර මගේ කාමර සගය උනේ. ඇත්තම කතාව නම් එදා අපේ උන් උන්ට ගැලපෙන උන් එක්ක කාමරවලට සෙට් වෙලාම වගේ ආවේ. අපි දෙන්න එක කාමරයකට සෙට් උනෙත් අහම්බෙන් වගේ. මම සෙට් වෙන්න හිටියේ සුපුනත් එක්ක හිතල බලපන්කො එක එහෙම උනා නම් කොහොම වෙයිද කියලා.

මගේ නැති අමුතු පිළිවලක් උගේ තිබුනා. ඒ නිසා ගොඩක් වෙලාවට කාමරේ පිලිවලට තිබුනේ පොර නිසා. කාමරේ සම්පත් සියල්ලම වගේ කළමනාකරණය කරේ පොර. සබන් කැටේ ඉඳන් ඔක්කොම ගැන ලොකු අවදානයක් තිබුනේ පොරට. ඉතින් ඒ නිසා අපේ කාමරේ කවදාවත්ම ඒ වගේ දේවල් ඉවර වෙලා තිබුනේ නැහැ. හෙට්ටිය කියන්නේ කාමරයට වෙලා ගොඩක් දුරට හිටපු එකෙක්. එලියට බැස්සේ හරිම කලාතුරකින්. කාමරේ හිටියත් ගොඩක් දුරට මෙසේ උඩ නිදා ගන්න එක පොරගේ ගතියක්. ඇක ගොඩ දා ගන්න හැමවෙලේම පොර මහන්සි උනා. ඒ වගේම තමයි “නි” ඇහුන ගමන් ගෙදර දුවන එකෙක්ගෙන් එකෙක් තමයි හෙට්ටි කියන්නේ. අවසන් අවුරුද්දේ පොර කැම්පස් එකේ සති අන්ත නිවාඩුවල කැම්පස් එකේ හිටපු නැති තරම්. ගෙදර ගිහින් එන නිසා හැම සතියකම සඳුදා දවසේ මට මොන හරි හොද කෑම වේලක් කන්න ලැබෙනවාමයි.

මගේ මතකය අපිත් එක්ක ගියපු ට්‍රිප්වලින් එකකටවත් පොරට එන්න බැරි උනා. එ්ත් හැම මලගෙරකම වගේ පොර ආවා. කොල්ලන්ට කුප්පි දැම්මේ නැතත් කාමරේ ඉඳන් කොල්ලෝ ගොඩකට පාඩම් ගොඩ දාල දුන්නා. උන්ගේ ගෙදර යන්න මම කිහිප වරක් උත්සහ කරත් එහෙ යන්න බැරි උනා. කලවානේ සංකල්පට වගේ පොරට තිබුණු ලොකුම ගැටලුව ගංවතුර අවුල. රත්නපුරේට වහිනවා කිව්වත් කොල්ලා හොදටම බය වෙනවා. පොර කැම්පස් ඉන්න කාලේදී පොඩි සිම් වැඩකුත් කරා. එ්ක පොරට හම්බ උනේ සින්නේක්ගෙන් ලැබුණු දායාදයක් විදිහට. ලොකුවට ඩිසයින් වැඩ දන්නේ නැති උනත් පොරගේ පොස්ටේර්ස් ඔක්කොම ඩිසයින් කරේ මම. කවුරුත් නිදා ගන්නකන් ඉදල පොරත් එක්ක පෝස්ටර්ස් ගහන්න රෑ 2,3 ට ගිය හැටි තවත් මතකයි. පොර උගේ කෙල්ලටත් වඩා කෝල් කරේ සහන් අයියට. සහන් අයියා කියන්නේ උගේ සිම් වැඩේ සම්බන්ද ඩීලර්. සහන් අයියගේ ලොකු ලයින් බලාගෙන කොහොම හරි කොල්ල සිම් වැඩේ හොඳටම කරගෙන ගියා. මුහුණු පොතේ පවා පොරගේ වැඩේ ගැන පොර ලිව්වා. කාමරෙන් එලියට ගියාට පස්සේ පොර වැඩි පුරාම කියපු වචනයත් 7.50 සිම් එක වෙන්න ඇති. ඒ තරම් යන යන තැන උගේ පාරිභෝගිකයෝ. හෙට්ටිය අසනි මැච් එකේ දාපු පන්දුවාර කිහිපය නම් අපේ උන්ට කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි. කොටින්ම කියනවා නම් එදාට පස්සේ අපි පිට්ටනියට සෙල්ලම් කරන්නත් ගියේ නැති තරම්. ඔහොම හිටපු හෙට්ටිට අවුරුදු ගානක ප්‍රේම කතාවකුත් හිමි. උගේ සම්බන්දයටත් මම හදවතින් සුබ පතනවා.

ඊළඟට ඉන්නේ රුවන්ති. ඒකිගේ ගෙවල් ගාල්ලේ. අක්ක කෙනෙක් ඉන්නවා. අම්මයි තාත්තයි දෙන්නම රජයේ සේවකයෝ. එකී ගැන මොනවා ලියන්නද මන්ද. රුවන්ති කියන්නේ ටිකක් උස මහත කෙල්ලෙක්. අහවල් කාලයේදී වැඩිපුරම මට්ටු උන කෙල්ලෙක්. ඒකිට තිබුනේ අමුතු හිනාවක්. හිනාවත් සමග කෙලත් නොමිලේම ඒකිගේ කටින් පිට උනා. කිසිම දෙයකට එ්කී බෑ නම් කිව්වේ නැහැ. ඒකිට තිබුනේ අමුතුම පිස්සුවක්. ලැබ් එකකට ගියත් පිස්සු කෙලිනවා. හැබෙයි එ්කී මීටරේ. ඉගෙන ගන්න වැඩ එ්කී හොඳට කරා. ෆ්ලුයිඩ් එකේදී බල්ලා අහපු ප්‍රශ්නවලටත් හොඳට උත්තර දුන්නා. වෙන එකෙක්ට නම් වෙන දවසක ගිහින් ලැබ් එකේ පරීක්ෂණය කරන්න ඕනි. කොල්ලෝ බහුතරයක් ඉන්න කැම්පස් එකක් උනත් කොල්ලන්ගෙන් ලොකුවට ඒකිට කරදරයක් තිබුනේ නැහැ. ඒකිගේ රංගන හැකියාවන් එක සැරයක් නීතියේ දෙවඟන ආශ‍්‍රයෙන් අපිට පෙන්නුවා. ඒකිගේ නර්තන හැකියාවන් අසනි එකේදී වගේම අපේ ගෙට් එකේදිත් පෙන්නුවා. ඒවා නම් අමතක කරන්නම බැරි සිද්දි.

ඒකිගෙන් උදව්වක් ගන්න එක ලේසියෙන් කරන්න බෑ. දකුණු පළාතේ සුන්දර බස පිලිබඳව අපිව නිරන්තරයෙන් එ්කි දැනුවත් කරා. මොකක් හරි අහපු ගමන් යේ යේ ගාන එක ඒකිගේ පුරුද්දක්. අවුරුදු උත්සවේදී ගත්ත ඡායාරුපයක් නිසා එ්කී ටිකක් ප්‍රසිද්ද උනා. ඉගෙන ගන්න දක්ෂ එකී මුල් වසරේදී ඉහළ තත්වයක හිටියා. අපි ගියපු ට්‍රිප් හැම එකකටම වගේ එ්කිත් ආවා. එහෙම එන්නත් එක එක හේතු තිබුනා. අවසන් කාලයේදී ත්‍රිපිටක පූජාව, ගස් සිටුවීම වැනි උදාර කටයුතුවලටත් සහභාගි උනා. ලාවට ලාවට වගේ ක්‍රීඩා කටයුතුත් කරා. අන්තිම කාලයේදී කොල්ලොන්ව ගොඩ දාන්න අපිට කුප්පියක් එහෙමත් දාලා දුන්නා. ඒකිට කොල්ලෙක් එතකොට හිටියේ නැහැ. තවමත් මන් දන්නා තරමින් නැහැ. එ්ත් ඉතින් සිවිල් කැන්ටිමේ මොකක්ක්ද කතාවකුත් ඒ කාලේ තිබුනා අපි නම් දන්නේ නැහැ.

ඊළගට ඉන්නේ සම්පත් උන්ගේ ගෙවල් නුවර තෙල්දෙනියේ. තාත්ත ගොවිතැන් කරන්නේ. අම්මා බැංකුවක වැඩ. අක්කයි මල්ලි ඉන්නේ. සම්පත් කියන්නේ එල කොල්ලෙක්. වැඩක් කරන ගියාම වෙලාවට පිළිවෙලට කරනවා. ගොඩක් වෙලාවට කොසේ වරක් කරන කොට අපි පිටපත් කළේ උගේ කොසේ වරක් එක. එ්ත් පොර වෙලාවකට නිකන් සීයා කෙනෙක් වගේ. “අනේ බන් මට නම් බෑ උඹලත් එක්ක පොර කන්න මට පාඩුවේ ඉන්න දියන්කෝ” කියන උගේ ටෝන් එක නිකන් සීයා කෙනෙක්ගේ වගේමයි. පොර අපේ බැච් එකට ලොකු සේවයක් කරපු එකෙක්. රෙප් කෙනෙක් උනේ නැති උනත් බැච් එකේ ඉන්න සියලු දෙනා ගැනම පොර හොයල බැලුවා. විශේෂයෙන්ම පොරට විශේෂිත උන 43 ක් ගැන පොර නිතර නිතර සොයා බැලුවා. උන් 43 දෙනාගේ මොනම ගැටලුව ආවත් රෙප්ලා සහ අරුන් 43 අතර පාලමක් වගේ නිතරම හිටියේ සම්පත් තමයි. මනා රංගන හැකියාවක් පොරට තිබුනා. පොර නිකන් කතාවක් කිව්වත් උගේ අත පය නිකන්ම වගේ අරහෙට මෙහෙට ගියා. උගේ කතාවල පිහිටෙන් උඩිස්පත්තුව ගමේ ඉන්න බහුතරයක් දෙනා ගැන අපිට දල අදහසක් ගන්න පුළුවන් උනා. උගේ විශිෂ්ට රංගන නර්තන හැකියාවන් අත්වැල වැඩසටහනේදී හොඳින්ම පෙන්නුවා. උගේ නෑදෑකමක් තිබුණු කෙල්ලෙක් එක්ක ෆොටෝ එකක් බුකීගත කරලා දවස් කිහිපයක් හැංගිලා ඉන්නත් සිද්ද උනා. අසනී වැඩසටහනේදී ඌ ලොකු වැඩ කොටසක් කරා.

සම්පත් ගැන මතක් වෙනකොට උන්ගේ ගෙදර ගියපු ගමනත් අමතක කරන්නම බැහැ. ලංකාවයි ඉන්දියාවයි අතර පල්ලෙකැලේ තිබ්බ මැච් එකක් බලන්න අපි උන්ගේ ගමේ ගියා. මැච් එක නම් පැරදුනා. ඒ වගේම ක්‍රීඩකයන්ට ගල් මුල් ප්‍රහාරත් එල්ල උනා. ඔන්න ඕකයි මැච් එකේ විත්ති. ශිරන්ගේ මල් පූජා කිරිල්ල, නිදන් ගොඩ එන ලිඳ, සුපුනගේ බයික් එකේ ගමන, මැච් එක ඉවර වෙලා පයින් ආපු දුර වගේ දේවල් ඒ ගමනේදී අමතක කරන්නම බැහැ. උන්ගේ ගෙවල්වලින් ලැබුණු ආගන්තුක සත්කාරත් අමතක කරන්න බැහැ. එදා රෑ අහපු හෂාන්ගේ ආදර කතාවත් අමතක වෙන්නේ නැහැ. ඒ ගමනේදී කසුන්ලගේ ගෙදරත් ගියා. උන්ගේ ගෙදරිනුත් හොඳ සැලකුම් ලැබුනා. උන්ගේ ගම තෙල්දෙණිය. උන්ගේ ගම ඇත්තෙන්ම ගොඩක් ලස්සන ගමක්.

කන්ද උඩරට භාෂාව පිළිබඳ මනා අවබෝධයක් අපිට ලබා දෙන්න පොර ලොකු උත්සහයක් ගත්තා. පොර ගෙදර ගිහින් එන හැම අවස්ථාවකම වගේ පොරට පරණ ටෝක් කරපු කෙල්ලෙක් මුණ ගැහෙන එක සාමාන්‍ය දෙයක්. අපේ කණ්ඩායමේ සුන්දරතම බඩකට හිමිකම් කියන්නත් පොර සමත් උනා. පොර නිතරම නව නිපැයුම් කරා. පොර හොයා ගත්තු ස්විමිංග් කිට් එකක් නිසා කා අතරක් ප්‍රසිද්ධ උනා. ටිකක් බලුත් උනා. පොරගේ උපන්දිනය කැරකෙන පුටුවක් මත සැප ලෙස ගත කරා. නැටුම් තෙල් ගත්තම පොරගේ සඟවා සිටි දක්ෂතා හොඳින්ම පෙන්නුම් කරා. අපි ගියපු හැම ට්‍රිප් එකකට වගේමත් පොර ආවා. ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ පොරට හසල දැනුමක් තිබුනා. මැච් ගහන්න නිතරම පිට්ටනියටත් ආවා. අන්තිම කාලයේදී කොල්ලොන්ට කුප්පියක් එහෙම දාල කොල්ලොන්ව ගොඩ දාන්නත් පොර උදව් උනා. පොරට කෙල්ලෝ… එක්කෝ ඕනි නෑ.

සොඳුරු මතකයන් ගොඩක් තියෙනවා. ගෙදරට wifi නැති නිසා පෝස්ට් ලියන්න ටිකක් ප්‍රමාද වෙනවා. එ්ත් පුළුවන් වෙලාවට කොහොම හරි මේ ඔක්කොම ගැන ලියනවා. මේ පෝස්ට් එකත් දවස් දෙකකට ලියපු එකක්. ආයෙත් අලුත් එකකින් හමු වෙමු. එතෙක් ‍උඹටත් මටත් ජය.

අපි තොපි

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල