කාලීන සංවාද, දේශපාලන

එක වගේ ඝාතන – ඉරාකයේ මෂ්තෝබ් සහ ලසන්ත වික්‍රමතුංග

Off

ඉරාකයේ මාධ්‍යවේදියෙකු සහ සාහිත්‍යවේදියෙකු වූ අලා මෂ්තෝබ් අබූඩ් ( Alaa Mashthob Abboud) එරට කර්බාලා නුවරදී වෙඩි තබා ඝාතනය කර ඇත.

ශුද්ධ ෂියා ඉස්ලාම් නගරයේ දැඩි ආරක්ෂාව සහිත ස්ථානයකදී පසුගිය 02 දා මේ වෙඩි තැබීම සිදු කර ඇත. ඉරාක ආණ්ඩුවේ නායකයන්ගේ වංචා-දූෂණවලට එරෙහිව ලියූ මෂ්තෝබ්, ඉරාක හමුදා ප්‍රධානීන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් ද තරයේ විවේචනය කළ අයෙකි. බැග්ඩෑඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති මෂ්තෝබ්, ඉරාකයේ ප්‍රධාන පුවත්පත් රැසකට සිය දායකත්වය ලබා දී ඇත.

නවකතාකරුවෙකු සහ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසද ඔහු ඉරාක ආණ්ඩුවේ අත්තනෝමතික කටයුතු තම නිර්මාණ මගින් විවේචනය කළ අයෙකි.

ඉරාකයේ ආරක්ෂාව වැඩිම ස්ථාන කිහිපයෙන් එකකදී ඝාතකයන් මෂ්තෝබ්ට වෙඩි ප්‍රහාර 13 ක් එල්ල කර ඇති අතර, ඉරාක ආරක්ෂක අංශ පවසන්නේ මෙතෙක් ඝාතකයන් හදුනා ගැනීමට කිසිදු සාධකයක් ලැබී නොමැති බවයි.

2009 ජනවාරි 08 දා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේද රත්මලාන ගුවන් හමුදා කඳවුර පෙනෙන මානයේදීය.

ශාලික විමලසේන

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල