අධ්‍යාපනික, ඉතිහාසය, විද්‍යා හා තාක්ෂණ

නාසා විනාසාස් (NASA Disasters)

Off

අභ්‍යාවකාශය ජය ගැනීමට දරණ ලද ප්‍රයත්නයේදී අහිමි වූ තම විරුවන් සමරමින් නාසා ආයතනය සෑම වසරකම අවසන් බ්‍රහස්පතින්දා දිනයේදී සැමරුම් උත්සවයක් පැවැත්වුවත් මේ වසරේදී එය පෙබරවාරි 7 දක්වා කල් ගියේ ට්‍රම්පච්චිගේ හිතුවක්කාර වැඩ හින්දයි.

‍මෙම සැමරුමේදී ප්‍රධාන වශයෙන් සිහිපත් කෙරෙන අවස්ථා තුනක් තියෙනවා. ඇමරිකානු ඉතිහාසයේ නාසා විනාශයන් සිදුව ඇති දිනයන් ගැන පොඩි ඉඟියක් මෙයින් ලැබෙනවා.

ඇපලෝ 1 මෙහෙයුම

ඇමරිකානුවකු සඳ මතට ගොඩබැසීම සඳහා ලහි ලහියේ වැඩ කටයුතු කරද්දී රුසියාවත් ඊට නොදෙවෙනි ලෙස රුසියානුවෙකු මුලින්ම සඳට පා තැබීමට අවශ්‍ය කටයුතු කරමින් හිටියා. මේ තරඟය ඉතා අමිහිරි වේදනාත්මක් තරඟයක්. ඇමරිකාවට වඩා රුසියාව ඒකෙන් වේදනාවට පත් උනත් සමහර සිද්ධි, ජීවිත හානි තවමත් ලෝකයෙන් වහන් වෙලා තියේ කියල හිතෙනවා.

ඒ අනුව ඇමරිකානු පළමු ගගනගාමීන් කණ්ඩායම සඳට රැගෙන යාමේ මෙහෙයුම Apollo 1 මෙහෙයුමයි. ඊට අදාළ පෙරහුරු පරීක්ෂණයට මුහුණදී සිටි ගගනගාමීන් තිදෙනා කැප්සියුලය ඇතුලේ විදුලි පරිපථවල හටගත් දෝෂයක් හේතුවෙන් මතු වූ ගිනිපුලිඟු හේතුවෙන් ඇතුලත ගිනි ගැනීමෙන් මිය ගියා. ඔක්සිජන් පමණක් තිබු කුටීරය තුල ක්ෂණයකින් ගින්න පැතිරී යාම නිසා සීල් කරන ලද කව්ලු විවෘත කිරීමට ප්‍රථම ඔවුන් පිලිස්සී මිය ගොසින් තිබුනා. එසේ මිය ගියේ Virgil(Gus) Grism, Edward White II සහ Roger Chaffee යන ගගනගාමීන් තිදෙනායි. නිල වශයෙන් චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමට මාසයක් ඉතිරිව තිබියදීයි මේ සිද්ධිය උනේ. අන්න ඒ හේතුව නිසා තමා නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕලඩ්‍රින්ට මුලින්ම සඳ මත පා තබන්න අවස්ථාව ලැබුනේ. ඒ සිද්ධීය රයන් ගොස්ලින් රඟපාන First Man ෆිල්ම් එකේ ලස්සනට නිරූපණය වෙලා තියෙනවා.

ගිනි ගැනීමට ලක් වූ කැප්සියුලය

ගස් ග්‍රිස්ම්, එඩ්වඩ් වයිට් සහ රොජර් චෆී

මේ විනාශය සිදු උනේ 1967 ජනවාරි 27

චැලෙන්ජර් ඛේදවාචකය

තම දහවෙනි මෙහෙයුම ලෙස චැලෙන්ජර් යානය නාසා ගගනගාමීන් පස් දෙනෙකු, විශේෂඥයකු සහ දහස් ගණනක් අතරින් අභ්‍යාවකාශගත වීමට තෝරා ගත් ප්‍රථම සිවිල් පුද්ලගලයා වශයෙන් ගුරුවරියකද මෙම ගමනට ඇතුලත් උනා. රොකට්ටුව ගුවන් ගත වී තත්පර 73 කදී යානයේ බාහිර ඉන්ධන ටැංකියක සිදු වූ දෝෂයක් හේතුවෙන් යානය පුපුරා ගිය අතර, ඒ වනවිටත් හදිසි තත්ත්වයකදී මිනිසුන් බේරාගැනීම සඳහා වැඩ පිළිවෙළක් නාසා ආයතනය සතුව නොතිබීම හෝ ඒ ගැන සැළකිල්ලක් නොදැක්වීම නිසා එහි ගමන්ගත් හත් දෙනාම ජීවිතක්ෂයට පත් උනා. මේ සිද්ධියෙන් පසුව නාසා ආයතනයට විවිධ චෝදනා එල්ල වූ අතර, ඒ හේතුවෙන් ආරක්ෂක විධි විධාන වැඩි දියුණු කිරීමට ඔවුන් පියවර ගත්තා.

චැලෙන්ජර් පුපුරායාම

චැලෙන්ජර් යානයේ සිටි ගගනගාමීන්

එය එසේ වුවත් 2003 දී කොලම්බියා ෂටලය නැවත පැමිණීමේදී සිදුවූ විනාශය නිසා නාසා ආයතනය නැවතත් පසුබෑමකට ලක් උනා. ඒ අනුව ඇමරිකානු පොළව මත සිට ගගනගාමියෙකු අභයාවකාශයට යැවීම වසර දහසයක් පමණ සිට සිදු වන්නේ නැහැ. දැනට ස්පේස්එක්ස් සහ බෝයින් යන සමාගම් නාසා ආයතනය සමඟ එක්ව ඒ සඳහා අවශ්‍ය කැප්සියුල් නිර්මාණය කර, ගගනගාමීන් තෝරාගෙන තියෙනවා. විශේෂ සිදුවීමක් සිදු නොවුනොත් පළමු පුහුණු ගමන (ගගනගාමීන් සමඟ) මේ වසර අවසානය වනවිට සිදු කිරීමටත් නියමිතයි.

චැලෙන්ජර් අනතුර සිදු වූයේ 1986 ජනවාරි 28

කොලම්බියා ෂටලය විනාශ වීම

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි හත් දෙනෙකුගෙන් යුත් නාසා ගගනගාමීන් දින 16 කට පසු නැවත පෘථිවිය වෙත පැමිණිමේදී ගොඩබෑමට විනාඩි 15 ක් ඉතිරිව තිබියදි ෂටලය වායුගෝලය තුලදී දැවී යාම නිසා එම ගගනගාමීන් හත් දෙනාම මිය ගියා.

කොලම්බියා යානය වායුගෝලයට ඇතුල් වීමේදි පුපුරා යාම

කොලම්බියා යානයේ සිටි ගගනගාමින්

ඒකට හේතුව විදියට අඳුරගෙන තිබුනේ ගුවන්ගත වීමේදී රොකට්ටුවේ බාහිර ඉන්ධන ටැංකියක තිබූ ෆෝම් කොටසක් කොලම්බියා ෂටලයේ තාප පරිවාරක පෝසිලේන් කොටසක වැදී එහි සිදුරක් ඇති කිරීමත් එය නිසි ලෙස නිරීක්ෂණය නොවීමත්. මේ සම්බන්ධව වීඩියෝ අධ්‍යයනය කිරීමේදි ෆෝම් කැබැල්ල ෂටලයේ වදින අයුරු දැක ඒ සම්බන්ධව විවිධ සාකච්ඡා වට තිබීමෙන් අනතුරුව නාසා ආයතනය තීරණය කරනවා ඒ ඝට්ඨනය මඟින් ෂටලයට හානියක් සිදුව නොමැති බව. ඒ අනුවයි නැවත පැමිණීම සඳහා විධානය ලබා දෙන්නේ. නමුත් සියල්ල කනපිට හරවමින් වායුගෝලයට ඇතුල් වීමත් සමඟ ෂටලයේ ඉලෙක්ට්‍රොනික සංවේදක එකින් එක අක්‍රිය වීමට පටන් ගැනීමත් සමඟ යම් අනතුරක් අත ළග පවතින බව නාසා නිලධාරින් දැන සිටියත් එය වැළැක්වීමට කිසිදු අවස්ථාවක් ඔවුන් සතු උනේ නැහැ. ඒ අනුව කාන්දු වූ තාපය හේතුවෙන් ෂටලය විනාශ වී ගගනගාමීන් හත් දෙනාම මිය ගියා. මෙන්න මේ අත්දැකීම් නිසා තමා ඇමරිකාව තවමත් ඇමරිකානු යානයකින් තම ගගනගාමීන් ඇමරිකානු පොළවේ සිට ගුවනට යැවීම ප්‍රමාද කරන්නේ. සියළු පද්ධතීන්වල 100% ආරක්ෂාව තහවුරු වන තෙක් ඔවුන් ඒ සම්බන්ධව ඉක්මන් වන්නේ නැහැ.

කොලම්බියා ෂටලය විනාශ උනේ 2003 පෙබරවාරි 1

දින කිහිපය ගැන සලකලා බැලුව නාසා ආයතනයට අවාසනාවන්තම සතියක කාලය තමා ජනවාරි අන්තිම සතිය.

මීට වඩා දැඩි තීරණ මත ක්‍රියාත්මක වූ රුසියානු අභ්‍යාවකාශ ව්‍යාපෘතින් හිදි මිය ගිය ප්‍රමාණය මතභේදාත්මකයි. සමහර සිද්ධී තවමත් අනාවරණය වී නැහැ. රුසියානු අභයාවකාශ වැඩසටහන යටතේ මිය ගිය ගගනගාමීන් ගැන පසුව කතා කරමු.

දේශකයා

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල