කාලීන සංවාද, විචාර

මගේ නඩුව ඉවරයි සහ කැල්ගරි විශ්ව විද්‍යාලයේ කතාව

Off

සරත් විජේසූරිය විසින් ලියන ලද මගේ නඩුව ඉවරයි නම් සත්‍ය අත්දැකීම් මත පදනම් වූ ග්‍රන්ථයෙන් විස්තර කරන්නේ තුන්වන ලෝකයේ විශ්ව විද්‍යාලයක මහාචාර්‍යවරුන්ගේ/කථිකාචාර්‍යවරුන්ගේ අමු කුහකකම්, බෙලි කැපිලි, කඩාකප්පල්කාරී ක්‍රියා පිලිබඳවය​.

පහත දැක්වෙන්නේ කැල්ගරි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජානක රුවන්පුර තමන් සේවය කරන බටහිර විශ්ව විද්‍යාලය ගැන කියන කතාවය​.

“මගේ නිල කාලයේදී කැල්ගරි විශ්වවිද්‍යාලය ඉහළට ගෙන ඒමට හැකිවීම බොහෝ තෘප්තියට පත් විය හැකි කාරණාවක්. මම විශ්වවිද්‍යාලය අන්තර්ජාතික කටයුතු බාර ගන්න කොට තිබුණු තත්වයට වඩා හැම අතින්ම ඉහළට ගේන්න මට පුළුවන් වුණා. 2017 දි උතුරු ඇමෙරිකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල අතර අන්තර්ජාතික කටයුතු පිළිබද ප්‍රථම ස්ථානය අපේ විශ්වවිද්‍යාලයට හිමි වුණා. එදින මගේ දෑසට කඳුළක් ගෙනා දවසක්. මෙහි වැඩ කරන පුද්ගලයාට වැඩ කරන්න සහාය හැම පැත්තෙන්ම ලැබෙනවා. කිසිවෙක්වත් ඊර්ෂ්‍යා කරන්නේ හෝ බාධා කරන්නේ හෝ නෑ. තමන් නීතියට වැඩ කරනවා නම් හැමෝම උදව් කරනවා. හොඳ සැලැස්මක් තියෙනවා නම් අනෙක් අය ඊට සහයෝගය දෙනවා. විශේෂයෙන්ම මගේ කාර්ය මණ්ඩලය නොසිටින්න අපට මේ ඉලක්කයට ළඟා වෙන්න බෑ. කිසිම කෙනකු මා විදේශිකයෙකු ලෙස සැලකුවේ නෑ. හැම දෙනාම එකම කණ්ඩායමක් ලෙස ක්‍රියා කළා. ඒ ගුණයට මම බෙහෙවින්ම ප්‍රිය කරනවා.

මගේ නඩුව ඉවරයි කෘතිය කියවන විට ලංකාවේ විශ්වවිද්‍යාල ලෝක විශ්වවිද්‍යාල වර්ගීකරණය හමුවේදී අප්‍රිකානු විශ්වවිද්‍යාලවලටත් වඩා පහළ අගයක් දරන්නේ මන්ද කියා තේරුම් යයි.

Transylvania

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල