විචාර, සංගීතය

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට

Off

බන්දුල නානයක්කාරවසම් ලියල තියෙන ශාන්ත බුලේගොඩ ගයන මේ සිංදුව අහල ඇති. මට නම් මේක අහන්න ලැබුණෙ මේ ලඟදි. මේකෙ අදහසට වගේම, පදමාලාවට, සංගීතයට සහ ගායනයට මම වශී වුණා.

මේවගේම අත්දැකීමක් මට නම් නැහැ. ඒත් හොඳම මිතුරෙකුගේ ආදරවන්තියකට ඇතිවුන එක් පාර්ශවීය ආදරයක් නම් තිබුණා වගේ මතකයි.

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගේ බෝසත් කමට…
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහේ සිත අද්දරට……

විස්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැරදමා නුඹ ගිය මග ගැන අරුම…
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර හිතට කීවෙමි නොහඩන ලෙසින……

සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්…
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්…….

අහල නැත්නම් (අහල තිබුණත් ආයිමත්) අහන්න.

ඉයන්ගේ අඩවිය

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල