කාලීන සංවාද, විචාර

යක්කු බැඳගෙන වැඩ ගැනීම සහ යක්කුන්ට කුක්කු පෙවීම

Off

ලංකාවේ වැඩිහිටි බාල මහළු තරුණ කාන්තා පිරිමි බහුතරයක් දෙනා වාහනවලට බොහෝ ලැදිකමක් දක්වති. එයිනුත් ප්‍රාඩෝ, මොන්ටෙරෝ, ඩිෆෙන්ඩර් සහ නිසාන් පැටරෝල්වලට හිමි වන්නේ මුල් තැනක්. ඔබට සුපර් කාර් එකක් තිබුනත් බහුතර මිනිස්සුන්ගේ ඇහැ නිතැතින්ම යොමු වන්නේ ඉහත කී suv වලටය.

ප්‍රාඩෝ, මොන්ටෙරෝ, නවීන ඩිෆෙන්ඩර් සහ නිසාන් පැටරෝල් රථයක් ඔබ ඔබගේ හැකියාව මත ලංකාවේදී මිලට ගතහොත් ඉන්තේරුවෙන්ම ඔබ යකෙක් බැඳගත්තා වැනිය. සිංහල ජන වහරේදී බැඳගත් යකා ඔබට නොකරන උදව්වක් නැතිය. ඕනේ නම් සතියක් වල් කොටන හේන එක රැයකින් එලිකරන්නට යකාට පුළුවන්ය. වැවක් තනන්නට, ගල් පඩි බඳින්නට වැනි එකී මෙකී නොකී වැඩ කරන්නට යකෙන් බැදගතහොත් පුළුවන්ය. එහෙත් මේ ඉහත කී වාසිවලට අමතරව යකා ශේප් එකේ තියා ගන්නට යකා බැඳගෙන සිටින ඔබට බිලි පුජා පවත්වන්නට සිදුවනවාය. සමහර විට යකා මල කරුමයක් වන අවස්ථාද නැතුවාම නොවේය.

සමාජයේ බොහෝ දෙනෙක් ප්‍රාඩෝ එකක් තියෙන එකෙක් දිහා බලන්නේ වපර ඇසින් බව මම හොඳාකාරවම දනිමි. ඇත්තටම එහි වරදක් නැතුවාම නොවේ. අපේ රටේ මොකක් හරි දරුණු ගණයේ අපරාධයක කොනක ප්‍රාඩෝ එකක් තිබෙනවාමය. නැත්තම් ඩිෆෙන්ඩරයක්ය. ඒ ලංකාවේ හැටිය. ඉස්සර ප්‍රාඩෝ නවත්වන්නට පොලිසිය අදිමදි කරද දැන් තත්වය ටිකෙන් ටික වෙනස්ය. පොලිසියද තම හීනමානය මදකට අමතක කර විය යුතුය. එකී පොලිස් නිලදරුවන්ට ආටියා බෙහෙවින් රෙස්පෙක්ට්ය. මමද වරක් එවන් වූ අත්දැකීමකට මුහුණ දුන් නිසා මම ඒ බව දන්නවාය. එව්වා මෙතන ලියා මෙය පල්හෑල්ලක් කරන්නට ආටියා නොයන්නේය. නොකියපු අයට කියවන්නට කියා එය මෙතන හයිපලින්ක් කරමි.

ඉතිං මේ බැඳගෙන සිටින යකුන්ගෙන් හරියට වැඩක් ගන්නටවත් සිරිලංකාකාරයා බයය. යුරෝපයේ සහ අරාබියේ නම් එහෙම මල විකාර නැතිය. ඔවුන් යකුන්ගෙන් නියමෙට වැඩ ගන්නවාය. අපේ උන් ගංවතුර දවස්වල යක්කු එලියටවත් ගන්නේ නැතිය. අපේ පවුල්වලද එසේමය. වරෙක නෑයෙක්ගෙන් අපේ වාහනයත් එයාලාගේ වහනයත් (නිසාන් පටරෝල්) කැබිලිතේ යමුද කියා ඇසූවිට ආටියාගේ නෑයා දුන්නේ පට්ට උත්තරයකි. “කතරගමින් ඩබල් කැබ් එකක් ගමු” කියාය. ආටියාට පශ්චාත්භායෙනුත් හිනාය. තවත් දවසක ආටියා මොන්ටෙරෝවක් තියෙන නෑයෙක්ගෙන් ඇසුවේ devil’s staircase එකේ යමුද කියාය. ඔහුගේද පිළිතුර ඉහත එකමය. මොවුන් සැම යක්කු බැදගෙන වැඩ ගන්නවා වෙනුවට කරන්නේ යක්කුන්ට කුක්කු පෙවීමය. ආටියාද යකෙක් බැඳගෙන මාස දෙකක් යන්නටද මත්තෙන් බිරිද සමග ඇයගේ කන්කරච්චලය මැද ගිය ගමන තවමත් මතක් වෙද්දී මයිල් කෙලින්වෙනවාය. එයද මම මේ බ්ලොගයේ ලියා ඇති නිසා නැවත නොලියා හයිපලින්ක් කරමි. පසුව ආටියා පිටකන්ද මුදුන සොයා ගිය ගමනටද යකා කැඳවාගත්තේ වෙලාවටය.

අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ මේ බැඳගත් යක්කු සමග කරන්නට පුළුවන් සියලු දහදුරා වැඩ නොකර නියම මිනිසෙකු සේ සිටිය යුතුය කියාය. මේ යකුන්ව කරලියේ ඉහලටම ගන්නේ සිරි ලංකාවේ බදු ක්‍රමය මිස වෙන මුකුත් නොවේය. යක්කුන්ට අමුතු වටිනාකමක් සමාජය විසින් අරන් දුන්නා මිස ලැබිය යුත්තක්ද නොවේය.

මගේ ලෝකය

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල