අධ්‍යාපනික, කාලීන සංවාද, දේශපාලන, විචාර

කට කහනවට කියන කතාවක්…

Off

අපි හැමදාම කතා වෙනවා ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් වෙන්න ඕනේ කියලා. ඇත්ත ! ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් වගේම විෂය නිර්දේශවල වෙනස්කම් එක වසරේ ඉඳන්ම ඇති විය යුතුයි. විශ්වවිද්‍යාලවල syllabus, course content වෙනස් විය යුතුයි. ඒක තියෙන vital need එකක්. හරි ! ඒක වෙනකම් බලං හිටියහම හරිද ?

ලංකාවේ state universities වගේම private degree offering institutes වලත් මේ මං දැක්ක දුටුව දේවල් ටිකක්. සමහර විට මේවා ගොඩක් STEM සහ IT related වෙන්න පුළුවන්. හැබැයි generalise කරලා ගත්තොත් ඔක්කොටම අදාළ ඇති.

ළමයි –
– ගොඩක් වෙලාවට ඩිග්‍රි එක කරන්නේ ඒකට select වෙච්චි නිසා, නැත්නම් අම්මලා තාත්තාලා කියන නිසා. එහෙමත් නැත්නම් කරන්න තියෙන එකම option එක නිසා. ඒ ඇර ආසාවෙන් සහ field එක ගැන උනන්දුවෙන් කරනවා අඩුයි.
– ඒ නිසාම බලන්නේ GPA එක හරි assignment ටික හරි සල්ලිවලට හරි ගොඩ දාගන්න.
– self learning බිංදුවයි !
– research එකක්, project එකක් කරන්නේ වදෙන් පොරෙන් බේරෙන්නෙ මිසක් කිසිම තේරුමකින්, ආසාවකින් නෙවෙයි.
– Union එකකින් ළමයින්ගේ research equipment වලට අඩුවක් වගේ දෙයක් ගැන කතා කරනවා හරිම අඩුයි.

ආචාර්යවරු –
– ගොඩක් වෙලාවට හොද රිසල්ට් එකක් දාල එතනට ආවාට industry එකේ තියෙන්නේ මොන වගේ trends ද කියලවත් ටිකක් හොයලා බලන්න කම්මැලියි.
– Industrial Engagement නිල් !
– සමහර අය තමන්ගේ university මේල් එක වැඩ කරනවද දන්නේත් නෑ !
– අලුත් subject එකක්, අලුත් technology එකක් course එකට දාගන්න කොහෙත්ම කැමති නෑ.
– research paper එකක් මලාට කියවන්නේ නෑ ! හැබැයි දේශපාලන පෝස්ට් නම් newsfeed එකේ වැහි වැහැලා !
– තමන්ගේ පත්වීම ස්ථීර කරගන්න, නැත්නම් grant එකක් ගන්න research, higher studies කරනවා මිසක් ඒකේ outcome එක ගැන හිතනවා හරිම අඩුයි.
– තමන්ගේ තත්ත්වේ, පොරත්වය පෙන්නන්න මහන්සි වෙනවා මිසක් හිතලා දෙයක් කරන්නේම නැති තරම් (සමහර විට සිස්ටම් එක run වෙන විදිහට අමාරු ඇති එහෙම කරන්න)
– ලෙක්චර් එක කළාම, practical sheet එක ඉවර කළාම තමන්ගේ duty එක ඉවරයි කියලා හිතාගෙන ඉන්නේ.
– කැපිලි කෙටිලි, මඩ ගැහිලිවලට දෙයියෝ !

ඔය ඉහළින් තියෙන ලිස්ට් එක ඔක්කොටම අදාළ නෑ ! තමන්ගේ අතින් වියදම් කරගෙන පැය හයක් drive කරගෙන lectures කරන්න ආපු මිනිස්සු, අතේ සල්ලිවලින් ළමයින්ට research equipment අරගෙන දුන්නු ඩයල්, එකම citation එකක්වත් යන්නේ නැතිව ළමයින්ගේ papers correct කරපු lecturers ලා ඕනේ තරම් ඉන්නවා.

මේ අපි කතා කරන්නේ experience තියෙන ටිකක් ඉහ නිකට පැහිච්චි කට්ටිය ගැන විතරක් නෙවෙයි. University out වෙච්චි ගමන් Demonstrator/Tutor/Assistant Lecturer විදිහට ඉන්න අපේ අයත් අදාළයි. නිකමට මතක් කරලා බලන්න මචං අන්තිමට අලුත් technology එකක් අල්ලලා ළමයෙක්ව mentor කළේ කවද්දා කියලා ?

මේක ඇති වෙන්න හේතු ඉතින් ගොඩක් තියෙනවා. මම හිතෙන විදිහට ලොකුම salary scale එකක place කරන්න ඕනේ මේ positions සොච්චම් පඩියකට දාන තැන ඉඳන්ම වෙනස් වෙන්න ඕනේ.

හැබැයි අපි පොඩ්ඩක් කම්මැලිකම අත ඇරලා ඔය ලිස්ට් එක කියවලා බැලුවොත් ගොඩක් එව්වා අපිටම කරන්න පුළුවන් changes ! එහෙම අපි change වෙන්නෙ නැතිව system change එකක් ගැන හීනෙකින් වත් හිතනව නම් නිදහස් අධ්‍යාපනයයි, අධ්‍යාපනයේ නිදහසයි ගැන අපි කතා නොකර ඉමු.

මඟුලක් කතා කරනවා ! මාසේ අන්තිමේ පඩිය එනවනම්, මොන ලබ්බකටද මෙව්ව කරන්නෙ ?

නාඩියාගේ නාඩි

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල